ඩෙංගු රෝගයට ගොදුරුවී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ නීතිපීඨ ශිෂ්‍යාවක් අද උදෑසන මියගියාය. ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන ලද්දේ පෙර දිනයේදීය. ඩෙංගු මදුරුවන් විශ්වවිද්‍යාල භූමියෙන් හමුවීම හේතුවෙන් මේ වනවිට කොළඹ නීති පීඨය, කලා හා කළමණාකරණ පීඨ තාවකාලිකව වසා දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ආයුර්වේද වෛද්‍ය වරියක් පසුගිය කාලයේ සොයා ගත් බෙහෙතට මොකද උනේ? (ස)
ඔබට නිවන් සුව (දී)
අනේ ගව ඝාතනය නවත්තන්න.හලාල් අපිට එපා. ඩෙංගු ගැන අපි දන්නේ නැහැ. අපිට පේන්නෙත් නැහැ. අපිට ඇහෙන්නෙත් නැහැ හොදේ.අපි ජාතිය ආගම රැකගන්න ඕනෑ (නි)
මහේෂ් කියන කතාවත් එක පැත්තකින් ඇත්ත. උද්ගෝෂණ කරන අතරතුරේ තමන්ගේ විද්‍යාල භූමියත් ටිකක් පිළිවලක් කරගන්න පුළුවන් ශ්‍රම දානයක් දාලා.(නදී)
ඩෙංගු නීතියෙන් මට්ටු කරන්න බැහැ. බුද්ධිමත් හා උගත් යයි සැලකිය හැකි තරුණ පිරිස උගන්නා විශ්ව විද්‍යාලවල තත්වයත් මෙහෙමනම් අනෙකුත් අය ගැන කවර කතාද? (දී)
අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීම.(නදී)
අයියෝ කෝ අර බී ටී අයි ගෙනාපුවා? තව අර ඩෙංගු වලට බෙහෙත් හොයාගත්තු දේශිය වයිද්‍ය තුමියට රජයෙන් සහය දෙන්නේ නැත්තේ ඇයි? මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ අසරණ ජීවිත එක්ක නේද?(නදී)
ඔතෙක් දුර ඔබ ආවේ ඩෙංගු මදුරුවෙකුගෙන් ජීවිතය නැති කරගන්නද සහෝදරිය. දුකයි කනගාටුයි.(නදී)
කෝ කියුබාවෙන් ගෙනා බැක්ටීරියා. ඩෙංගු වසංගතය රජය ආදායම් මාර්ගයක් කරගෙන.(නදී)
මේකටත් අන්තරය පිකට් එකක් කලොත් නරකද ? (නි)
මීට පෙරත් කිහිප වතාවක්ම බලධාරින් දෑනුවත් කෙරුවා කෑම්පස් එකේ ඩෙංගු තියෙනවා කියලා අපරාදෙ මේ රටට වෑඩක් ගන්න හිටපු දරුවට වෙච්ච දේ ඔබට මොක් සුව ලෑබේවා!(නදී)
මදුරුවාට රැකියාව , සමාජ තරාතිරම අදාළ නැත. නීති විද්‍යාලයට විරුද්දව කළු කබාය නඩු දායිද දන්නේ නැහැ.(නදී)
බලධාරියෝ තව මොනවා වෙනකන්ද බලන් ඉන්නේ?(නදී)
ඩෙංගු රෝගය නැති කරන්න කටයුතු කල යුතු අය බෙර වාදනය කරමින් සිටිනවා. (නදී)
මෙච්චර තරුණ ශක්තිය තියෙන තැනක ඇයි බැරි තමන්ගේ විද්‍යාල භුමිය පිරිසිදු කර ගන්න. එහෙම උනානම් අද මේ සහෝදරිත් ඉන්නවනේ. ඒක නිසා තමන්ගේ වගේම තවත් අයගේ ජිවිත වෙනුවෙන් තමා අවට පිරිසිදුව තබා ගන්න.(නදී)