කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන සිසුන් අතර ඩෙංගු උණ රෝගය තදින් පැතිර යෑම නිසා එම පීඨයත් කළමණාකරණ හා වාණිජ පීඨයන් අද(04) දහවල් සිට ලබන සදුදා වසා දැමිණි.
කොළඹ මහ නගර සභාවේ සේවකයින් හා විශ්වවිද්‍යාල කම්කරුවන් එක්ව මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමත් ජලය බැස යන කාණු පද්ධතිය සුද්ධ කිරීම ශ්‍රමදානයන් සිදුවිය.දේශන ශාලා සිසුන්ගෙන් හිස්ව පැවතියේය. ඇතැමෙක් ගෙදර ගියහ. ඇතැමෙක් ක්‍රීඩා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් ළමුන් තමුන්ගේ දායකත්වය ලබා දෙන හැටි ගැන මට ආඩම්බරයක් දැනෙනවා. (ස)
මේ ළමුන් පුංචි අවදියේදී පෙර පාසල් එක්ක ගියේ බලෙන්, පාසල් ගියේ දෙමුපියන්ට බයෙන්, ටියුෂන් ගියා ඕ ලෙවෙල් පාස්. ඒ ලෙවල් පාස් විශ්වවිද්‍යාලයට ආවා. තමුන්ගේ රට ගැන හැගීම අඩුයි. බොහොම ටික දෙනෙක් ඉන්නව රට ගැන හිතන. රට ගෙන හිතන එක්කෙනෙක් වත් මෙතැන හිටියනම් මෙහෙම නිකම් ඉන්නේ නැහැ.(නදී)
මමත් කොළඹ විශ්ව විද්‍යාලයේට ගිය කාලේ මේ වගේ අය හිටියේ නැහැ. අපි ඔක්කොම වෙඩේට බෙහෙලා වැඩ කරනවා. (ත)
තමන් අධ්‍යාපනය ලබන තැන පිරිසිදු කරගැනීමේ තදබල අවශ්‍යතාවයක් පැන නැගුන අවස්තාවකදීත් මෙම සිසුන්ට මෙසේ හැසිරෙන්නට හැකි නම් ඔවුන් ඉදිරියේදී රට දැය වෙනුවෙන් කරන තරම හිතාගන්න පුළුවනි. (නදී)
අවුරුදු 30ක කොටි යුද්දේ නතර කළාට ඩෙංගු මදුරු යුද්දෙට පරාදයි වගේ. (නි)
මම කොළඹ විශ්ව විද්‍යාලයේ ගිය කාලේ මේ වගේ අය හිටියේ නැහැ. මේ අය බලාගෙන ඉන්නේ අර දුප්පත් මිනිස්සු එයාලගේ තැන සුද්ද කරනකන්ද? මම කලේ විද්‍යාව. . අපි මෙහෙම කලේ නැහැ. මේ අය දැන්ම ඉදන් පොඩි මිහිහගේ දාඩිය වලින් සැප ගන්න පටන් අරන්. (නදී)
මදුරුවෝ අල්ලලා නඩු දාමු. නීති පීඨය හින්දා නීතිඥ ගාස්තුත් යන එකක් නෑ. විනුසුරුතුමාට අල්ලස් දෙන එකට විතරයි වියදම් වෙන්නේ. කොහොමද ටිකිරි මොලේ.(නදී)
මේ කොල්ලොද? නිකම්ම නිකම් පාප්පයෝද? කතාව නම් ඉහලින්ම..තමන් ඉගෙන ගන්න තැන පිරිසිදු කරගන්න ශ්‍රමදානයක් වත් සංවිදානය කරන්නේ නැතිව තමන්ගේම මව්වරු වැනි දුපත් අසරණයන් පිරිසිදු කරනකම් බලන් ඉන්න හැටි?ඉතින් මේ අයගෙන් රටට ලබන්න පුලුවන් වෙන සෙත මොකක්ද? ආත්මර්තකාමේ බාලයෝ?(නදී)
අනේ දරුවනේ , ඔය වගේ ක්‍රියාකාරීව බුද්ධිමත්ව ඔබලාගේ කටයුතු කරගෙන යන්න. (නි)
තමන්ගේ තැන සුද්ද කරන්නත් කියා දෙන්න වෙනවා දැන් ඉන්න කැම්පස් ළමයින්ට. පිකටින් එකක් කරන්න නම් ඔක්කොම එකතු වෙයි. (ත)
මේ පින්තුරෙන් පෙන්නේ නීති පීටය නෙවෙයි. මේ මුල්‍ය හා කළමනාකරණ පීඨයේ ස්ථානයක්. බෞද්ධාලෝක මාවත අයිනේ මේ හරිය තියෙන්නේ. මේ පින්තුරේ ඉන්නේ මුල්‍ය හා කළමනාකරණ පීඨයේ ළමයි. එම පීටයේ ටී ෂර්ට් ඇදගෙන ඉන්න ළමයි පේනවා ( ටී ෂර්ට් එක දැකල පුරුදු අයට අදුරගන්න පුළුවන්) නීති පීඨයේ ළමයිත් මේවගේම තමයි හැබැයි. කැම්පස් එක පිරිසිදු කරගන්න කිසිම උවමනාවක් නැති උදවිය. දනට අවුරුදු 3 කට කලින් මම හිටියෙත් ඔය කැම්පස් එකේමයි. ඒ කලෙත් අපි අතරේ හිටපු බොහොමයක්ම ළමයි ඔහොම තමයි. හරිම අත්මාර්තකාමියි.(නදී)
හානේ මේ අක්කලා ආවරණයක් නැතිව සුද්ද කරන හැටි බලන්න කකුල් වලට මදුරුවෙක් එහෙම විද්දොත් ඩෙංගු නේද හැදෙන්නේ. දාගන්න බූට්ස් දෙකක්.(නදී)
ඉස්කෝලෙක උනත් දරුවෝ තමන්ගේ තැන සුද්ද ප්‍රසිද්දව තියා ගන්නවා. මේ නීතිය දන්නේ නැති නීති මල්ලිලගේ වැඩ බලන්න උසාවිය ගාවට යන්නේ ඕනේ. ප්‍රශ්නයක් උන කෙනෙකුට එයාලගේ ප්‍රශ්නත් විසදන්න වෙනවා. මේ වගේ අය තමයි දැන් අපේ නඩු කතා කරන්න ඉන්නේ. (නදී)
මොලේ තිබුනට පිරිසිදුකම මදි. තමාගේ ආරක්ෂාව තමා විසින් සලසා ගත යුතුයි. බොරු වැඩ නොකර ඉන්න තැන සුද්ද කරගන්න සමාජයට ආදර්ශයක් වෙමින් රටට වැඩදායි වන්න. (නදී)
තමන්ගේ ජීවිතවලවත් ආදරයක් නැහැ.(නදී)
මේ අය හිතාගෙන ඉන්නේ මහ ලොකු නීතිඤයෝ කියලා. සුද්ද කරන්න, උඹලා රජ්ජුරුවෝ නෙමෙයි.(නදී)
මෙයාලට මොකක් හරි විමුක්ති පෙරමුණකට කඩේ යන්න කිවනම්, උපවාස කරන්න කිවනම් කොහොමද ? අර අහිංසක කම්කරුවෝ සුද්ද කරනකම් නෝනා මහත්තුරු ටික බලාගෙන ඉන්නවා. සමාජවාදෙට පෙළපාලි යන්න නම් එයි. මේ අය රස්සාවලට ගියහම වැඩ කරන හැටි හිතාගත හැකි නේද? මුළු ජාතියටම ඩෙංගු හැදිලා තියෙන්නේ දැන්.(නදී)