(සුජිත් හේවාජුලිගේ )

කොළඹ ඩෙංගු මර්දනයේදී ඇතැම් නගර නගරවාසීන්ගෙන් ලැබෙන සහයෝගය මදි බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය.

විශේෂයෙන් කොළඹ කුරුඳුවත්ත  වැනි ප්‍රදේශවලදී  ඒ තත්ත්වය තදින්ම දක්නට ලැබෙන බව පැවසූ වෛද්‍යවරයා  මේ හේතුවෙන් නිලධාරීන්ට ගේට්ටුව ළඟ රස්තියාදු වීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

එවැනි අවස්ථාවලදී ගේට්ටු වල කහ  නිවේදනය ප්‍රදර්ශනය කරන බවත් එසේ කහ නිවේදනය ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවේදී නිවැසියන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇමතිය යුතු බවත් විජයමුණි මහතා පැවසීය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබුණහොත් රතු නිවේදන නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් කීවේය