ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට පාසල් ගොඩනැගිල්ලක කොන්කී‍්‍රට් තට්ටුව පවත්වාගෙන ගියැයි මොරටුව වේල්ස් කුමාරි විදුහල්පතිනියට එරෙහිව නඩු පැවැරීයැයි මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයා හිටියනම් මොරටුව ආසනේ මෙයා ගස්ම තමා.
වහින වහින වෙලාවට විදුහල්පතිනියට ඒක බලබල ඉන්න පුළුවන්ද? අනික් එක තමයි හරි පළපුරුද්දක් තියෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක් නම් මුලින්ම කරන්නෙ කරුණු පැහැදිලි කරදීමකුයි. ඒහෙම නැතිව කාවවත් උසාවියට දක්කන එක නෙවෙයි.විශේෂයෙන්ම පාසලක ගරු කටයුතු ප්‍රධානියාව.....හැමදේම බදුවලින්,දඩවලින් විසදීමද දැන් ක්‍රමය....?
සුනෙත් මදුරු මර්දනයට පාසල්වලට සල්ලි දුන්නේ නැතත් කරන්න පුලුවන්. මග පෙන්වන එකයි උනන්දුවයි තිබුනනම් හොදටම ඇති .අපේ ගෙදර මදුරුවන් බෝවන තැන් ඉවත්කලාට අම්මා වත් තාත්තාවත් අපිට සල්ලි ගෙවනවද
අවුරුද්දකට මදුරු මර්දනයට පාසල්වලට සල්ලි කීයක් දෙනවද ?
විදුහල්පතිට නෙමෙයි නඩු දාන්න ඕනි.මේ වගේ ගොඩනැගිලි වල වැඩ නිමා නොකරන්න වගකියන්න ඕනි අයට
මීට ඉස්සරත් මදුරු මර්ධන සති තිබුණ නේද? ඒත් හරි ගියේ නෑ නේද? ගහන දඩ මුදලත් වැඩි කරා නේද? ඒත් හරි ගියේ නෑ නේද? එහෙනම් ඉතින් මදුරු කීටයෝ හමුබවෙච්ච තැන් වල අයිතිකාරයොන්ට මරණ දඬුවම නියම කරමු නේද? ආණ්ඩුවටත් වෙන කරන්න දෙයකුත් නෑ නේද? දැන් නම් මට මදුරුවට වඩා බයයි මදුරුවො හොයාගෙන එන සෞඛය සේවා නිලධාරීන්ට. 7500න් ජීවත් වෙන මම කොහොමද 50,000 හොයාගන්නේ?
සනා, මම එතනදී අදහස් කරේ ප්‍රාදේශීය සභාව මගින් පවිත්‍රතා කටයුතු නිසි ලෙස නොකිරීමෙන් වන මදුරු ව්‍යාප්තිය ගැනයි. වහලේ මදුරු කීටයින් හිටියොත් එම ගොඩනැගිල්ල භාර ප්‍රධානියාට නඩු යනව තමයි. මට මතක විදියට සෞඛ්‍ය අංශ ඩෙංගු ව්‍යාප්තිය ගැන කළ සමීක්ෂනයකිනුත් පෙන්වල දීල තියෙනව නිවෙස් ආශ්‍රිතව මදුරුවන් බෝ වීම 10% අඩුයි. වැඩි හරියක් බෝ වෙන්න නිවෙස් වලින් පිටත ස්ථාන වලයි. දැන් මිනිස්සු ඉස්සරට වඩා යම් තරමකට දැනුවත්, ඒ නිසා මදුරුවො බෝ වෙන්නේ ඔය ප්‍රවෘත්තියෙ පෙන්නුව වගෙ හැංගිච්ච තැන්වල. ඒ නිසි එකසැරේටම නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක අසාධාරණයි.
මේක අධිකරණයෙන් ජනතාව පිට පටෝලා හරියන්නේ නෑ.මේක සෞඛ්‍ය අංශයේ වගකීමක්
රජයේ සමහර ආයතනවලට ඒ සඳහා මුදල් සහ ඒ සඳහා සේවකයින් නොදී තව පැත්තකින් ඩෙංගු කියල රජයේ සේවකයින්ට දඩුවම් දීලා දේශපාලකයො අත පිහදාගන්නවා. විදුහල්පතිට දොස් කියන අය සොයල බලන්න උපදෙස්වලට අමතරව මේ සඳහා දී ඇති පහසුකම් මොනවද කියලා.
විදුහල්පතිට දඩ නියම කළොත් දෙමාපියන් රුපියල රුපියල එකතු කරල දඩය ගෙවයි. හිරගෙට නියම කළොත් දෙමාපියන් උසාවියට ගිහින් අපිවත් හිරගෙට යවන්න කියල අහිංසාවාදී ලෙස ඉල්ලා සිටී. එතකොට මේ රටේ පාලකයින්ට සහ නිලධාරීන්ට ප්‍රඥාව පහළ වෙයි.
ලාල් ගලබඩ ඉතාලියේ සිට... ඔයවගේ ලොකු පාසල් වල විදුහල් පතිවරු වැඩකරන් නැහැ අනදෙනවා විතරයි,හේතුව උදේ ආවාම කාමරයෙන් එලියට එන්නේ පාසැල ඉවර වෙලා ගෙදර යන්න,අතිරේක දේවල් බලන් නැහැ,අපි වැඩකළ පොඩි පාසල් වල විදුහල් පති වරු එළියේ ඇවිදිනවා,සෑම දෙයක්ම සොයා බලනවා.නමුත් නඩු දාල ප්‍රශ්නෙන් පිට යෑම වැඩක් නැහැ,නියම ජන මතය වෙන් නැහැ .එයයි ඇත්ත.
එක විදුහලක විදුහල්පති කෙනෙකුටත් ඩෙංගු හැදිලලු.ඉතිජ ළමයි ගැන කවර කතාද?
වගකීම විදුහල්පතිනිය මත පැවරෙන බැවින් ඒ පදනම මත විදුහල්පතිනියට එරෙහිව නඩු පවරා ඇති බව වැටහේ.එහෙත් මෙහි කල්පනා කළයුතු විවිධ පැති ඇතිබව මට සිතේ.යම් හෙයකින් විදුහල්පතිනිය වැරදිකරුවුවහොත් ඇයට නීතියෙන් දඩුවම් ලැබීමට සිදුවිය හැකිය.එය ඇය දරණ තනතුර අවමානයට ලක්වීමකි.ඉන් පසුව ඇයට නැවත පාසැලට පැමිණ හිස කෙලින් තබා ගෙන පෙර මෙන් රාජකාරි කළහැකිය.මංකොල්ල කරුවන්,පාතාල මැරයන්,අපරාධ කරුවන් හට නීතියෙන් දඩුවම් පැමිණෙයි.ඒ ඔවුන් පැහැදිලිව සමාජ විරෝධී ක්‍රියාවක් සිදුකර ඇති බැවිනි.නමුදු පාසැලක විනය පවත්වාගැනීමේ බලාධිකාරය වන විදුහල්පති තනතුර මෙසේ අධිකරණ ක්‍රියාවලියක් හමුවේ සෘජුව විදුහල්පති විසින් පෞද්ගලිකව නොකළ වරදකට නීතියෙන් දඩුවම් ලැබීම යම් සංඥාවක් සමාජයට ලබා දෙන්නේද එය සමාජය විසින් අර්ථකථනය කරනු ලබන්නේද හිතකර ස්වරූපයට වඩා අහිතකර ස්වරූපයෙන් බව වටහාගත යුතුය.ඒ අනුව මෙහි වරද සාමුහිකව බෙදී යනවා විනා තනිකරම විදුහල්පතිනිය මත පමණක් පටවා අතසෝදා ගැනීමකට පාලක ප්‍රජාව විසින් පරිශ්‍රමයක් දරනබව අතිශය චෝදනා මුඛයෙන් පැවසිය යුතුවම ඇත.මට කිසිම දේශපාලන මතයක් හෝ පක්ෂයක් නැත.හෘද ශාක්ෂියට එකඟව පැවසිය යුතු දේ පැවසුවෙමි.
නිපුන එහෙම කියන්න එපා. තවත් ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙකුටත් නඩු දාලා සභාවේ වහලේ උඩ මදුරු කීටයන් ඉදලා.තවත් රෝහලක ඩී.එම්.ඕ.ටත් නඩු දාලා. ලංකාෙව් ඇස් කන් තියෙන හැමෝම දන්නවා මදුරුවන් බෝවන්නේ කොහෙද කියලා
ඩෙංගු මර්දන නිලධාරීන් හා එයින් බැටකන ජනතාව වෙත,- වාර්ෂිකව ඉතා අඩු වර්ෂාපතනයක් ඇති, දියකඩිති,ළිං, ගංගා, පොකුණු, ඉතාමත් දුලබ මැද පෙරදිග කලාපයට ආසන්න ඇතැම් රටවලත් මදුරුවන් සුළු වශයෙන් හෝ සිටී. ඉතින් ලංකාව වැනි අධික වාර්ෂික වර්ෂාපතනයක් ඇති රටක මදුරුවන් බෝවීම වලක්වා ඩෙංගු උවඳුර වැලැක්වීම තරමක් අසීරුය , ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කරන ගමන්, මේ දේවලුත් කරන්න පුලුවන්නම්, ඔබලාහට මේ උවදුරෙන් මිදීමට හැකිවෙතැයි මට විශ්වාසයි. *ඔබගේ ආර්ථික මට්ටම අනුව, මදුරු දැල් භාවිතය, මදුරුවන් නිවසට ඇතුළු වන, සුලං කවුළු, දොරවල්, ජනෙල්, කුඩා සිදුරු සහිත දැල් වලින් ආවරණය කරන්න, ( මෙම රටවල එසේ සිදුකරයි ), නිවසේ මදුරුවන් රැදී සිටින අදුරු ස්ථාන වලට මදුරු නාශක විසුරුවා හැරීම, සුදුසු මදුරු දගරයක් හෝ වේපරයිසරයන් භාවිත කිරීම සිදුකල හැක. * මදුරුවන් විකර්ෂණය වන දියරයන් හෝ ජෙල් වර්ගයක් ශරිරයේ ආලේප කිරීම වඩා වැදගත් ක්‍රියාවකි. මෙවැනි ආලේපනයක් බාහිරට නිරාවරණය වී ඇති අත්,පා, කන්, ගෙල අවට ස්වල්පය බැගින් ආලේප කිරීමෙන් පැය 8 ක් 10 ක් පමණ මදුරුවන්ගෙන් ආරක්ෂාවී සිටීමට හැකියාව ලැබේ. මෙම ආලේපන ත්‍රිවිධ හමුදාවන්ට ලබාදී සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව මා අත්දැකීමෙන් දනිමි,. එම නිසා විශේෂයෙන් ඔබගේ පාසැල් යන කුඩා දරුවාට මෙවැනි ආලේපන මගින් යම් ආරක්ෂාවක් ලබාගත හැකිය, රජයේ යුතුකම *මෙවැනි ආලේපන හා ජෙල් වර්ගයන් ගෙන්වා සහන මිලකට ඩෙංගු බහුල ප්‍රදේශ වල නිවැසියන් හට ලබා දීම *යුද සමයේ සිවිල් ආරක්ෂක කමිටු ඇති කලාක් මෙන් ඩෙංගු වැලක්වීමට කමිටු පිහිටුවා, සෑම ගමකම නිවාස 25 ක් 30 ක් ආවරණය වන පරිදි ජල බදුන් තබා දින දෙක තුනකට වරක් ඒවා පරීක්ෂා කර ඩෙංගු කීටයන් සිටීනම් ජනතාව තවදුරටත් දැනුම්වත් කිරීම හා අවශ්‍යනම් BTI බක්ටීරියාව යෙදවීම, *ඩෙංගු කීටයන් ගෙවත්තකින් හමුවුවිට එම නිවෙසියාව පළමු වරම නීතිය හමුවට පමුණුවා දඩ ගැස්සවීම තුලින් නිවැසියන් හා ඩෙංගු මර්දන නිලදාරීන් අතර ඇතිවන අමනාපය නිසා ඩෙංගු මර්දන වඩා පිළිවෙල කඩාකප්පල් වන අතර, පළමු වතාවට තරයේ අවවාද කර දෙවනුවත් එම වරද කලොත් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කිරීම. * මැති ඇමතිවරු විසින් මාධ්‍යයට හා ජනතාවට පෙනෙන සේ සිදුකරන දුම්ගස්සවා මදුරුවන් එළවීම වැනි නිෂ්ඵල ක්‍රියා තව දුරටත් සිදු නොකිරීම. මෙමගින් මදුරුවන් කෙටිකාලයකට අදාල ප්‍රදේශයෙන් ඉවත්වී, නැවතත් එම ස්ථානයන්ටම පැමිණේ. ඩෙංගු වලින් තොර නිරෝගිමත් ලංකාවක් සදහා අත්වැල් බැඳ ගනිමු.
ගුරුභවතුන් මීට වඩා අවධානයකින් සිසු දරුවන් වෙනුවෙන් කටයුතු කර යුත්තේ......
හරි විදුහල්පති කෙනෙක් නැති වුණාම ඔහොම තමා...
ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම දැන් ඉස්සරට වඩා කෙරෙනවා නේද .එහෙමනම් ඩෙංගු රෝගීන් වැඩිවන්නේ කොහොමද? මදුරුවා වාහකයෙක් පමනයි නේද?ඩෙංගු මිනිසුන්ට හැදෙන වෙනත් ක්‍රම තියනවද කියල වෛදවරුන්ට සොයාබලන්න බැරිද? දැන් මිනිස්සු බයවෙලා ඉන්නේ ඩෙංගු වලට නොවේ.ගෙවල් වලට එන සෞඛය සේවා නිලධාරීන් නඩුදමයි කියල.මටපෙන්නේ ඩෙංගු දැන් වවාගෙන කනවා කියල.අනාගතයේදී සියළු නඩත්තු දඩමුදල් වලින් කරන්න පුලුවන් වේවි.
පහත්තැනින් යයි ගලා ජලේ ..
ඇත්තටම මේක මෙම විදුහල්පතිනියගේ වරදක් ද ? පාසල් යන දරුවෝ ඉන්න දෙමාපියන් දන්නවා පාසල්වල තත්වය. බොහොමයක් වැඩ (පිරිසිදුකිරීම්, ආරක්ෂක සේවා, බාහිර පුහුණුකරුවන්, අතිරේක නඩත්තු වැඩ) සිදුකෙරෙන්නේ ආදිශිෂ්‍ය සහ දෙමාපිය දායකත්වයෙන්. කොටින්ම කිව්වොත් පාසලේ විදුලි බිලට රජයෙන් ගෙවන්නෙත් ඉතා සුළු මුදලක්, නමුත් ඇත්ත බිල ලක්ෂගනනක්. මේ තත්වය යටතේ සමහරවිට මෙම කොන්ක්‍රීට් එක මෙම තත්වයෙන් තිබුනේ මුදල් අඩු පාඩු නිසා වෙන්න පුළුවන්. රාජ්‍ය කොන්ත්‍රාත් වල ගෙවීම් ප්‍රමාද එමටයි - එතකොට කොන්ත්‍රාත් කරුවොත් වැඩ කරන්නේ ආවට ගියාට. විදුහල්පතිනියට චෝදනා එල්ලකරන්න කලින් මීට සම්බන්ද අනිත් කරුනුත් හෙව්වා නම් තමා හොඳා...
අනේ මන්ද දැනටනම් මේ විද්‍යාලයේ විදුහල්පතිනියක් නෑ. උපවිදුහල්පතිනිය තමා වැඩ බලන්නෙ.
අපේ ගෙවල් පැත්තෙ කානු හිරවෙලා. පාර අයිනෙ බියර් කෑන්, යෝගට් කෝප්ප, වතුර එකතු වෙන තැන් ඕන තරම්. ප්‍රාදේශීය සභාව නිහඬයි එහෙම වුනයි කියල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රාදේශිය සභාවට නඩු දාන්නේ නෑනෙ. මෙතන වෙන්නෙ කොහාම පුද්ගලික ඉඩමක හරි වෙන තැනක හරි පොඩ්ඩක් හරි වතුර එකතු වෙන තැනක්, ඩෙංගු පිලවු ටිකක් හොයාගෙන දාවි උසාවි. හරිනම් විය යුත්තේ ඩෙංගු කීටයින් ඉන්න තැනක් හොයාගත් පසු ඒ පිලිබඳව එම ස්ථානය භාර පුද්ගලයි නිසිලෙස දැනුවත් කර අවවාද කිරීමයි. ඉන් පසුව නැවත එම ස්ථානය පරීක්ෂා කීරීමෙන්. එහි ඇති ප්‍රගතිය අනුව නීති ක්‍රියාමාර්ග ගත හැක. මීට පෙරත් ඩෙංගු මර්ධන සති කීපයක් පැවැත්වුවත් ප්‍රගතියක් නැත්තේ මේ නිසාය. පලාත් පාලන ආයතන මගින් පාලනය වන කුණු ගොඩවල් හා කාණු ආශ්‍රිතව ඩෙංගු කීටයින් නිදැල්ලේ සිටී.
එතකොට මුලු රටටම ඩෙංගු බෝවෙන්න ඇරලා බලන් ඉන්නද කියන්නේ
ඒ කාලේ මැලේරියාව නැති කරපු එක ගැන හොයල බැලුවනම් නිකම්ම ඩෙංගු නැති කරන්න පුළුවන්. එදා පාලකයෝ මැලේරියාව මර්දනය කරන්න කියල මිනිස්සුන්ට නඩු දල දඩ ගැහුවේ නැහැ. මොකද වසන්ගත මර්දනය කරන එක පාලක වගකීමක් නිසා. නිකන් අරගෙන බලන්න මස 15 පෙර පත්තර. ආණ්ඩුවේ ඇමති වරු මොනවද කියල තියෙන්නේ කියල ඩෙංගු ගැන. කියුබාවෙන් බැක්ටීරියා ගෙනල්ල මර්දනය කරනවා කිව්වා. අපේ රටෙන් බැක්ටීරියාව මිලදී ගත හැකි කිව්වා. අන්තිමට කොටි ගානක් වියදම් වුනා. කිසිම ප්‍රතිපලයක් නැතුව.
මේ නඩු දාන්න ඕනි මහජන සෞඛ්‍ය පරික්ෂකලට.ඒ අය නිකන් ඉදලා ගෙවල් වල ඉන්න අයට නඩු දානවා.මදුරු මර්ධනය කියන්නේ ඒ අයගේ රාජකාරියේ එක් අංගයක්
ඔතනින් නැවතුනා ඇති පරලොව යන්නේ නැතුව....
ළමයි බලනව මදිවට මදුරුවොත් බලපල්ලකො ඉතින්.
ඩෙංගු මදුරුවෝ විතරක් නෙමෙයි මොන මදුරුවත් කරදරයි.මොකද මදුරුවෝ එද්දි හැදුනුම්පත් පරීක්ෂා කරන්නද අපි?
අනේ මන්ද මෙච්චර දැනුවත් කරලත් ..........අඳ,ගොළු, බිහිරිද දන්නෑ.....