(ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තු සභා ගැබේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද(20) පස්වරු 1.50ට කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය.
ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයට අගමැතිවරයා හෙට දිනයේ පිළිතුරක් දෙන බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටි අවස්ථාවේ සභාව උණුසුම් විය.
ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් ජනපති, අගමැති හා අදාළ බලධාරීන් සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසා සිටි අතර මේ සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන් රැස්වී තීන්දුවක් ගැනීමට කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන බව කථානායකවරයා දන්වා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු දැන් බොහොම දරුණු තැනකට ඇවිල්ල මේ ප්‍රශ්නය හෙටට කල්දාන්න බැහැ රජය වහම මේ තත්වය පාලනය කරන්න ඕනේ නැතිනම් වටිනා ජිවිත ගොඩක් නැති වෙන එක නවත්වන්න බැහැ, මිගමුව රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරිලා පුද්ගලික රෝහල් වල තත්වයත් එහෙමම තම මුළු ගම්පහ දිස්ත්රිකයම ඩෙංගු බියෙන් අපේ දරුවන් එලිය සෙල්ලම් කරන්නෙත් නැහැ දැන්, ජනතාව හැටියට අපේ අපේ පරිසරය ගොඩක් පිරිසිදුව තියාගන්නවා රජය දැන් වහාම මේ ප්‍රශ්නෙට විසදන්න පියවර් ගන්න ඕනේ.
කතානායක දන්නේ කල්දාන්න පමණයි රටේ වැදගත් ප්‍රශ්න විපක්සෙන් කතාකලොත් කිරිඅල්ලත් එක්ක බාල්දියක් අදිනවා Lusena
මුන් තාම ඒ ගැන සාකච්චා කරලා නැහැ. කොටි ගණනක වාහන ගෙන්වන එක නම් ලස්සනට කතා කරවී මුන් ගත්ත ට පස්සේ රට කනවා. තක්කඩි රැල