(ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තු සභා ගැබේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද(20) පස්වරු 1.50ට කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය.
ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයට අගමැතිවරයා හෙට දිනයේ පිළිතුරක් දෙන බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටි අවස්ථාවේ සභාව උණුසුම් විය.
ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් ජනපති, අගමැති හා අදාළ බලධාරීන් සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසා සිටි අතර මේ සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන් රැස්වී තීන්දුවක් ගැනීමට කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන බව කථානායකවරයා දන්වා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.