2014 වර්ෂයේ මේ දක්වා ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 10,540 දෙනකු වාර්තා වී ඉන් 33 දෙනකු මියගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි. ඩෙංගු රෝගීන්ගෙන් වැඩි දෙනකු වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 6228ක් වන අතර මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60 කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3774ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1680ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 774ක් වාර්තා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධරයිනි, කැරකෙන හෝටල් හදන්න ඉස්සෙලා මේ ඩෙංගු වසංගතය නැති කරන්න මුදල් යොදවන්න. ඩෙංගු පැතිරුනොත් සංචාරකයෝ එන එකත් නවතීවි. (ස)
අර ඩෙංගු වලට බෙහෙතක් හදපු දොස්තර නෝනට මොකද උනේ. එයා ගැන කිසිම ආරංචියක් නැහැ. (ස)
අපට වැඩිපුර අසන්නට ලැබුනේ ඩෙංගු මර්ධනයට ගන්න උපක්‍රම ගැන පමණයි. වැඩියෙන් රෝගය පැතිරෙන විට එය මර්ධනය වෙනුවෙන් හැමෝම ක්‍රියාශීලියි. පසුව උදාසීනයි. (ස)
ඩෙංගු රෝගයෙන් ගොඩක් ම මැරෙන්නේ පොඩි ළමයි. මගේ මාමගේ එකම පුතාත් නැති වුණා. මේවා ගැන කතා කරන්න කිසිම සංවිදානයක් නැ නේ . (දිල්)
ඩෙංගු වලින් මැරෙන්න මූලිකම හේතුව ලෙඩේ හරි වෙලාවට අඳුනා නොගැනීම. දැන් පුද්ගලික අංශයේ තියනවා පරීක්ෂණයක් මුල් දවසෙම හොයාගන්න පුළුවන්. (ස)
මේ සම්බන්ධව රජයේ දොස්තරලා නර්ස් නෝනලා කිසිම ක්‍රියා මාර්ගයක් ගන්න උනන්දුවක් නැහැ වගෙයි. මොකද බැරි බලධරයන්ට බල කරන්න මේ ගැන යමක් කරන්න කියල (දිල්)