(නිමල කොඩිතුවක්කු)
මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මෙන්ම චිකන් ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකන් ගුන්යා ඊඩිස් නම් මදුරු විශේෂය මගින් ජනතාවට වැළදෙන බවත් ඔහු කීවේය.
තද උණ සමග හන්දි පත් රුදාව, සම කලු විම, කුෂ්ඨ ඇතිවීම මෙහි මූලික රෝග ලක්ෂණ බවත් දීපාල් පෙරේරා මහතා කීවේය.
මේ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්ථා වීමද මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
කැස්ස උණ සහ සෙම්ප්‍රතික්ෂාව තිබේනම් මුඛ ආවරණ පලඳින ලෙසත් ඔහු සඳහන් කලේය.
මෙම රෝග තුනේම රෝග ලක්ෂණ එක හා සමාන බැවින් රුධිර පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් රෝග හදුනාගැනීමට සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
මෙම රෝග තුනෙන් එකකට හෝ භාජනය වී ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්