බංගලිදේශයේ ඩකා අගනුවර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විවෘත කරාතේ ශූරතාවලියට පොළොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයයේ කලා අංශයේ එස් ජී අචල ඌෂාන් නයනසිරි ශිෂ්‍යා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී ඇති නමුත් මුදල් නැති නිසා ඔහුගේ ගමන බාධා වී ඇත.
ලබන සැප්තැම්බර් 26 සිට දෙදිනක් පුරා පැවැත්වෙන විවෘත කරාතේ තරගාවලියට සතියකට පෙර අචල ඌෂාන්ට පිටත් විය යුතුය. ඒ සඳහා රුපියල් 120000 මුදලක් අවශ්‍ය කර තිබේ.
ගුවන් ටිකට් පතට අවශ්‍ය මුදල සොයා ගැනීමට අචලට මෙන්ම ඔහුගේ දෙමව්පියන්ට සිහිනයකි.
වැලිකන්ද නව මැණික්දෙණිය අංක 380 ලිපිනයේ ජීවත්වන අචල ඌෂාන් නයනසිරි ආර්ථික අතින් දුප්පත් වුවද බොක්සිං ක්‍රීඩාවට මෙන්ම කරාතේ සහ අනිකුත් ක්‍රීඩාවලට දස්කම් දක්වයි.
අචලගේ ලිපිනය - අචල ඌෂාන් නයනසිරි, අංක 380, නවමැණික්දෙණිය, වැලිකන්ද.
දුරකතන - 072 26 76 088 / 077 490 42 55
එස් ජී ඒ යූ නයනසිරි , ලංකා බැංකුව - සෙවනපිටිය (ගිණුම් අංක 74290628)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ක්‍රිකට් වලට වියදම් කරන මුදලෙන් දාහෙන් එකක්වත් මේවගේ දේකට වියදම් කරන්න බැරිද ? පව් අසරණ දරුවා. හැකියාව දක්ෂකම තියාගෙන මුදල් නැතුව දුක් වෙනවා. (දී)
මයිකල් ජැක්සන්ගේ අයිය ගෙන්නුවේ කාගේ සල්ලි වලින්ද? මේ කොල්ලට වියදම් කරන්න ඒවා වලංගු නැද්ද? (දී)
වැඩ බැරි අමැති පුත්තු ලෝකේ අනිත් පැත්තේ තිබෙන රටවලට ගිහින් ක්‍රිකට් ගහල විස්කි , බ්‍රැන්ඩි බීලා ගුවන්යානා වල යකා නටන රටේ මේ කොල්ලව බංගලාදේශයට යවාගන්න පුළුවන් කමක් නැද්ද? (ත)
රටට කීර්තියක් ගෙන්න අපි පුළුවන් විදියට දෙන්නම් පුතේ (දී)
ජනාදිපති අරමුදලින් හෝ ක්‍රීඩා අරමුදලකින් මේ වෙනුවෙන් මුදල් හොයා ගත යුතුව ඇත. නැත්නම් චන්දෙට කොළ ගහන සල්ලි වලින් කොටසක් මේ මල්ලියට දෙමු. (දී)
මම දන්නවා දැනටමත් මේක බලපු ගොඩක් අය මේ දරුවා වෙනුවෙන් සල්ලි එවන්න හෝ එවන්න හිතා ගන්න ඇති. එත් මෙතන තියන ප්‍රස්නේ ඒක නෙවෙයි. මෙහෙම වෙච්ච එකම ළමයා මෙය නෙමේ. එතකොට මේ හැමෝටම අපිට උදව් කරන්න පුලුවන්ද? පුළුවන් උනත් අපි හැමෝම මේ රටේ ගන්න හැම දෙකින්ම බදු ගෙවන්නේ රජයක් ලෙස අපේ රටේ අධ්‍යාපනය, සෞක්‍ඛය, ක්‍රීඩා සහ අනෙකුත් සංවර්දන වගේ දේවල් වලට නේද? නැතුව ජනපති ඇතුළු මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ පවුල් පෝෂණයට විතරක්ම නෙවෙයි නේද?(නදී)
ඇයි මෙ දරුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උදවු කරන්ට බැරි කිසිම පදක්කමක් ගන්ට බේරී ක්‍රීඩකයින් 5 දෙනෙක් සමග නිලධාරීන් 10 කට වියදම් කරන්ට පුලුවන්නම් ක්‍රීඩා එමතිතුමා මේකට මෙදිහත්වෙලා මෙය දරුවට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්ට ඔනෙ. මේක ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරින්ට බලධාරින්ට කියවා තෙරුන් ගන්ට හැකිවේවා (දී)
ඉතින් නොගිහින් ඉන්නකෝ.(නදී)
වෙල් යායක ගොන් දෙන්නෙක් කකා වුනි ඉන් එක ගොනෙක් වල්ගේ නැතිව වැනි වැනි වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනි දුප්පත් කමත් වල්ගේ නැති ගොනා වැනි (දී)
පොලොන්නරුවේ ඇමතිලා ඉන්නවා, හාල් මුදලාලිලා ඉන්නවා. ඇයි මේ දරුවට උදව් කරන්නේ නැත්තේ? මේ වගේ ගහගන්න පුලුවන් අය නොමග ගියොත් පාතාල නායකයෝ වෙනවා. ඇමතිවරු බලාගෙන ඉන්නේ ඒක වෙනකම්ද?(නදී)
දරුවෝ ලබන ආත්මයේ චීනය වගේ රටක උපදින්න දැන්ම පින් කරන්න. (ස)
වැලිකන්ද ඉඳල ඩකා යන්න මේ දරුවා ඉල්ලන ගානට වඩා වැඩි ගණනක් වැලිකන්ද කිට්ටුව මනම්පිටියේ පාලම විවෘත කරන උත්සවේට ගිය එක්තරා ඇමති කෙනෙකුට ගිහින් තිබුන. නමුත් ඒ මුදල් එයාගෙන් නෙවෙයිලු. (අ)
කතාකර කර ඉන්නේ නැතිව රුපියල් 1000 ගානේ ගණුමට එකට දාමු .. මුදල නිකන්ම එකතු වෙයි (අ)
තරුණ්‍යයට හෙටක් එකෙන් මේ මල්ලිට උදව් කරන්න බැරිද? (ත)
අනේ මන්ද රග්බි,ක්‍රිකට් වලට කොච්චර වියදම් කරනවද මෙරටේ .මේ දක්ෂ දරුවට උදව් කරන්න කවුරුත් නැද්ද?ක්‍රිකට් ගහන්න යන්නේ නොනලත් අරන් ඒවාට නම් සල්ලි තියෙනවා. (දී)
ඉන්දික හෙටක් තිබෙන්නේ ඔයාල වගේ ඉතාලියට හෝ ඔස්ට්‍රේලියාව වැනි රටකට ගිය තරුණයන්ට පමණයි. මේ රටේ ඉන්න තරුණයන්ගේ අනාගතය අදුරේ මල්ලි. මෙහේ ඉපදෙන පොඩි එකා පවා ඉපදෙන්නේ ලක්ෂ 3 නක් අතේ මිට මොලවාගෙන. තාරුණ්‍යයට හෙටක් කියන්නේ ලස්සන බෝඩ් ලැල්ලක් පමණි .(නදී)
නීල් රණා කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය පුද්ගලීකරණය කරමු කියා නේද ? (දී)
ද සිල්වා මගේ අදහස තේරුම් නොගෙන වගෙයි.(නදී)
ජනාධිපතිතුමණි මේ ඔබේ අවධානය පිණිසයි.....!!! (ස)
බයවෙන දෙයක් නැ අපේ කට්ටිය ඔක්කෝම ඔයාට උදව් කරාවි. (ස)
අර හිගන්නාගේ රුපියල් 16000 මේ මල්ලිගේ ගිණුමට දැම්ම නම් හරි. රංගන කිව්වා වගේ කතා කර කර ඉන්නේ නැතුව 1000 ගානේ දාමු මේ මල්ලියට. (ස)
විමලේට කියන්නකෝ මිනිහා උදව් කරාවි.(නදී) i
අපි උදව් කරන්නෙමු ඔබට.. ජයග්‍රහණය අපේ ප්‍රර්ථනාවයි.. හොද වැඩ කෑලි ටිකක් දාන්න මල්ලි. (ස)
කව්රු හරි තදයෙක් හදුන්වලා නුදුන්නොත් ලොක්කන්ට මේ වගේ අය ටිකක් පේනවා හොරයි. (අ)
මමත් පොඩි ගානක් දෙන්නම් ගහපන් පුතේ එන ඔක්කොටොම (අ)
මේ සංගමයේ අනුසාශක ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමා. නිලධාරීන් ඔක්කොම කඩවත අය. ඉතින් ඒ අයට ලක්ෂ දෙකක් සල්ලි දෙන එක සිම්පල්. බැරි නම් වෙන කෙනෙකුට අනුශාසක කම දෙමු. මටත් පුළුවන්. (අ)
මගේ මුදල් ඔයාගේ ගිණුමට යථාකාලයේදී ලැබේවි,ඔබට ජය... (දී)
ඔය මහින්ද ආනන්ද කියන්න දෙයක් නෑ
සනත්.අපිට වැරදුන තැන ඔතන තමයි .අපි හැමෝම මේ රටේ ගන්න හැම දෙකින්ම බදු ගෙවන්නේ රජයක් ලෙස අපේ රටේ අධ්‍යාපනය, සෞඛය, ක්‍රීඩා සහ අනෙකුත් සංවර්දන වගේ දේවල් වලට නේද? (අ)
අපේ මහජන මුදලින් සල්ලි යොදවන්නේ හරියට එයාලගේ කුඹුරු වලින් එන මුදලින් වගේනේ. (ස)
මමනම් මගේ ප්‍රිය සොදුරියගේ උපන් දිනයට සුදු අශ්වයෙක් දුන්නා. (ස)
අර කවුද සාර කෙනෙක් ගාව ඇති නේද සල්ලි. (ස)
මහා ලොකුවට රට සංවර්ධනය කරනවා කියල යටිමඩි ගහන සල්ලි වලින් කීයක් හරි මේවගේ පොඩි ළමයෙකුට දෙන්න පුල්ලුවන් නම් කොච්චර යහපතක්ද (ස)
මගේ මල්ලි කෙනකුයි සිතා මගේ පඩිය ලැබුණු ගමන් ම ඔයාට මුදල් දෙනවා දිරිය වන්ත වන්න මල්ලි (දී)
මගේ ගමේ හිටිය දක්ෂ මැරතන් සුරයෙක් ඔහුව තේරුණා විදෙස් තරගයකට ඔහුට මුදල් තිබුනේ නෑ තරගයට යන්න ඒ ක්‍රීඩකය හිතේ අමාරුවට බීලම මරුන ඕන් ලංකාවේ හැටි ? (දී)
ප්‍රදීපා, ඔයාගේ ප්‍රකාශය ට 100% මමද එකග වෙමි. (දී)
සනත්,ඔයා කිවුව දේමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
ඔන්න ඉතින් ඇත්ත තත්ත්වය... (නි)
මහා පාරෙන් මැණික් ලැබෙන ,ගලන ගඟෙන් රත්හරන් ලැබෙන මහා පුදුම රටක් මේක.(නදී)
මහා පාරෙන් මැණික් ලැබෙන ගලන ගගෙන් රත්තරන් ලැබෙනවා. ඒත් මේ පොඩි එකකුට වියදමක් කරන්න බැරි රටක් මේක.(නදී)
මෙම ලිපියට සාමාන්‍ය ජනතාව ප්‍රතිචාර දක්වාවි, ආධාර කරයි. එහෙත් ඇයි රට නියෝජනය කරන ක්‍රීඩකයෙක් හට රජයෙන් අනුග්‍රහය නොදක්වන්නේ. ඒ ළමයාගේ පුද්ගලික අවශ්‍යතාවයකට නොවෙයි ඒ ගමන යන්න තේරිලා තියෙන්නේ, දක්ෂතාවය අනුව රට නියෝජනය කරන්න කියන එක සියලුම බලධාරීන් දැනගන්න ඕනෑ කරුණක්. මෑතකදී රගර් ප්‍රීමියර් ලීග් තරගවලට පිටරටවලින් ගෙන්වපු සුපිරි ක්‍රීඩකයෝ වෙනුවෙන් කොපමණ වියදම් කළාද? (නි)
ක්‍රීඩා අමාත්‍යංශයේ වගකීමක් නේද තෝරගත්තු ක්‍රීඩකයන් සහභාගී කරවන එක..... (දී)
ඉතින් ඒවගේ ජ්‍යාන්තර තරඟේකට යද්දී අපෙ ආණ්ඩුවට බැරිද උදව් කරන්ඩ? වෙන වෙන ඒවගෙන් එනකොට ආණ්ඩුව ගුවන් තොටුපලෙන් පිලි අරගෙන කොච්චර සල්ලි දෙනවද? (අ)
බලධාරීන්ගෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොතු වේ. මෙපල කර ඇති සහතික පතේ ඡායරුපයට අනුව කරාතේ දෝ සංගමයේ පිළිගත් සංගමයක් අනුව ඔවුන් නම ගම සහිතව තනතුරු සමග සහතික ලබාදෙ ඇත්තේ කුමන අරමුණකින්ද. ඔවුන්ගේ දුරකථන අංක සහ ලිපිනයන්ද එම සහතිකවල සදහන් කර ඇත. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් නිලතල හොබවමින් මුදල් ආදර සහ තවත් බොහෝදෙ බුක්ටිවිදිමින් සිටියාට කම් නැත... මෙවන් දරුවන් වෙනුවෙන් කරන දේ පවසන්න.(අ)
අයියෝ ලංකාව
රංගන ඔබ හරි අපි කවුරුත් රුපියල් 1000 එකවුන්ට් එකට දැමු විට ළමය ගොඩ පිනට ලදී ය පිහිටවන්න (අ)
රජයේ ක්‍රීඩාව, තරුණ කටයුතු, තව...තව...මේ හා සම්භන්ධ කටයුතු වෙනුවෙන් අමාත්යාංශ කීයක් තියෙනවද? ඇමතිවරු කීයක් ඉන්නවද? එත් මේ ක්‍රීඩකයා වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කවුරුත් නැද්ද? කොහොමහරි මේ දරුවා යන්න සූදානම් උනොත්නම් නිලධාරීන් 15ක් වත් එකතුවෙයි ගමනට. (දී)
අපේ ක්‍රීඩා ඇමතිකෙනෙක් ඉන්නවා නේද. පළාත් සභාවෙන් ඉන්නවා නේද,දණගස්වන වැඩ විතරද කරන්නේ (අ)
ඉන්දික, තාරුණ්‍යයට හෙටක් කියන්නේ ලස්සන වචන ටිකක පමණි. මේ මගින් තරුණයන්ගේ හෝ තරුණියන්ගේ මුලික ප්‍රශ්න වලට විසදුමක් නොලැබේ. (නි)
"සිංහ සමාජය" කෝටි ගණනින් හොටල් වල කාලා බීලා නටලා වියදම් කරන සල්ලි වලින් මේ අසරණයට පිහිටක් වෙන්න පුළුවන්නේ.(නදී)
මාර වැඩක්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තමන් සල්ලි වියදම් කරගෙන යන්න ඕන රටක් ද මේක? මොනවහරි කරලා ගිහින් පදක්කමක් අරගෙන අවනම් ඔය ක්‍රීඩා වේ ලොකු පුටුවල කීප දෙනෙක් දුවගෙන ඒවි ඓර්පොර්ට් එකේදී පිළිගන්න. 120,000 නැද්ද ක්‍රීඩා අමාත්‍යංශයේ ? එතකොට සවාරි යන්න බෑ නේද මේ අවුරුද්දේ. පවු අනේ අපේ ඇමතිවරු (දී)
පුද්ගලික ව්‍යාපාරික ආයතන මෙවැනි ක්‍රීඩකයින්ට අනුග්‍රහ දැක්වීම කාලීන අවශ්‍ය තාවයක් වගේම එවැනි වව්‍යාපාරිකයන් සමග සබඳතා ගොඩනගා ගැනීමේ හැකියාවත් තරුන ක්‍රීඩකයින් සතුවිය යුතුයි. (දී)
ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් වෙන ක්‍රීඩකයා දෙමව්පියන්ගේ වියදමින් යන්ට ඕනද? ක්‍රිකට් කණ්ඩායම් එහෙමත් යන්නේ එහෙමද ලංකාවේ? (දී)
120000 ක් කියන්නේ ලංකාවේ සමහර මිනිස්සු පැයෙන් දෙකෙන් වියදම් කරන ගානක්. (නි)
ඔය ක්‍රීඩා සංගම් වල නිලධාරීන් බොරු රට සවාරි ගහල නාස්ති කරන සල්ලිවලින් බැයිද අනුග්‍රහය දක්වන්න කොහොම හරි නය වෙලා ගිහින් මේ දරුවා දිනාගෙන ආවොත් පදක්කමක් කට්ටිය යාවි ගුවන් තොටුපලට ලකුණු දාගන්න
නිමල්ගෙ කතාව හරියටම හරි පව් අහිංසක දරු පරපුර (දී)
අපේ රටේ අධ්‍යාපන අමාත්‍යංශය දක්ෂ දරුවන්ට උදවු කරන ස්ථිර වැඩ පිළිවෙලක් හදන්න ඕනෑ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ රට වෙනුවෙන් යන්න ඒ අයම වියදම් කරන්න ඕනද? එතකොට කෝ අර තරුණ කටයුතු, ක්‍රීඩා, අනේ මන්දා කලිනුත් කවුද දාල තිබුන වගේ යන්න නම් කට්ටිය ඉඳීවි මේ ළමයත් එක්ක. (නදී)
අනුශාසක මේව ගැන බලන්නෙ නැද්ද? (ත)
පුතේ, උඹට පුළුවන් නම් දන්නා ශිල්ප සේරම දාලා පුත්තු දෙන්නෙකුට තුන්දෙනෙකුට මතක හිටින්න ගහන්න, බැංකුව උතුරලා යන්න මිනිස්සු සල්ලි එවයි සන්තෝෂයට. (නි)
රට රට වලට ආධාර දෙන්න, බොරු සෝභන වලට ඕනෑ තරම් මුදල් තියෙනවා, මේ අහිංසකයාව තරගයට යවන්න තමා බැරි. (නි)
ක්‍රිකට් ක්‍රීඩකයින්ට විතරක් නොවෙයි ඒ කට්ටියගේ භාර්යාවන් වත් එක්ක යන්න දෙනවානෙ විදේශ සංචාර වලට . ඒ නිරපරාද සල්ලි මේවාට දුන්නානම් මොකද වෙන්නේ (දී)
පාලකයෝ බලන්න ඕනේ මේවා ගැන .
මමත් දේශප්‍රේමය ගැන කෑගහව්වට මගේ පඩියම මම වියදම් කරන්නේ රුපලාවන්‍ය වැඩ වලට.ඉස්සරනම් සෙරෙප්පු දෙකකවත් ගන්න සල්ලි තිබුනේ නැහැ තමයි .අද මම යන්නේ ප්‍රසිද්දම සැලූන් එකකට කොන්ඩෙ කපන්න. එකටත් ඉතින් රුපියල් 2000-3000 ක් යනවනේ.ඉතින් මම කොහොමැයි දුප්පත් අයට සලකන්නේ. (දී)