කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුනට පහරදීමේ සිද්ධිය ගැන පොලිස් කොමිසම පරීක්ෂණයක් අරඹයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පවත්වන මුල්ම පරීක්ෂණය මෙයයි. මේ අනුව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර හා ගාමිණී මතුරට මහත්වරු සඳුදා උදේ 10 ට එම කොමිසමට කැඳවනු ලැබ සිටිති.
පොලිස් කොමිසමේ සභාපතිවරයා වනුයේ සිරි හෙට්ටිගේ මහතායි. පොලිස් කොමිසමේ ප්‍රකාශකයකු පැවසූයේ වැරදිකරුවන් වන අයට අපරාධ නීතිය යටතේද ආයතනය වශයෙන්ද දඬුවම් කළ හැකි බවයි.
නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර දැනටම මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන පවසා ඇත්තේ පොලිසිය අවම බලය පාවිච්චි කරමින් ක්‍රියාකළ බවයි.
ජයසුන්දර මහතාද සහභාගීවූ මාධ්‍ය හමුවකදී පැවසූයේ ලංකාදීප පත්‍රය උපක්‍රමශීලීව ඡායාරූප පළකර ඇති බවයි.
මේ අතර මාධ්‍යයේ පළවූ වීඩියෝ පට හා ඡායාරූප පුවත්පත් කොමිසම ගෙන්වාගෙන ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුජිත ජයසුන්දර කියන්නේ හරිම දක්ෂ පුද්ගලයෙක්. (ර)
හොද දෙයක්. (ර)
මෙන්න මෙහෙමයි යහ පාලනය ක්‍රියාත්මක කරනවා කියන්නේ. මෙයයි අපේ රටට අවශ්‍ය. (ර)
අපි බලමු මොකද වෙන්නේ කියලා. (ර)
වැරැද්දක් වෙලා තියෙනවානම් කාටත් එක නීතිය. (ර)
ඔන්න දැන් බලාගන්න පුළුවන් රටේ නියම නීතිය. අපි බලමු යහපාලනය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා.(හේ)
එහෙම තමයි වෙන්න ඕනේ.(හේ)
අපි බලමු නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද කියලා නීතිය නම් කාටත් එකයි. මෙයාලා කරන වැරදි වහන්න හදන්න එපා. නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න (බ)
හරි එහෙනම් රටේ නිතිය ක්‍රියාත්මක කරන වැඩේ විතරක් නෙවෙයි රට කරවන වැඩෙත් ඔය කළු ඇඳුම් අන්දපු සෙට් එකට භාර දෙමුකෝ, (හේ)
පුජිත ජයසුන්දර යනු අපට සිටින දක්ෂ, තරුණ, නීතිගරුක, විනයගරුක පොලිස් නිලධාරියෙක්. (හේ)
දැන් කට්ටිය ඇති අර මොනවද කාපු රිලවු වගේ .. ගල් පැලෙන බොරුවක් කියල මිනිස්සුන්ව මුලා කරන්නනේ හැදුවේ අම්මප ..(බ)