විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ වගකිවයුතු පාර්ශ්වයක් එම ස්ථානයේ සාකච්ඡා කිරීමට සිටියේ නම් පෙරදින සිදුවීම සිදු නොවීමට ඉඩ තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
අතකින් බැටන් පොල්ලක් ද, අතකින් මුගුරක් ද රැගත් පොලිස් නිලධරයකු ශිෂ්‍යාවකට පහර දෙන අයුරු දැක්වෙන පින්තූර පුවත්පත්වල පළ කර ඇතත් එවැනි පහරදීමක් නොවූ බවත්, එම නිලධරයා වැටී සිටි ශිෂ්‍යාව නැගිටවීමට උත්සාහ ගත් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා කීවේය.
හිසට පොල්ලක් තබාගෙන පහර දෙන ආකාරයෙන් සිටින්නේ ඇයිදැයි ඇසූ විට ඔහු කීවේ පහර දීමක් සිදුවීමක් නොවූ බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි. මෙය ඒ සිසුවිය නැගිටුවීමට කරන උත්සාහයක් බව ද ඔහු කීවේය. පොලිසිය කෙරෙහි ද්වේශය ඇති කිරීමට පුවත්පත් ගත් උත්සාහයක් බව ද ඔහු සිරිවර්ධන කීවේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.
(ඡායාරූප ළහිරු හර්ෂණ)
(වීඩියෝ හඬපට සැකසුම - අකිල බද්දෙවිතාන)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අපේ ඇස් වල දෝෂයක්ද එතකොට මේ? (නි)
කියන්න දෙයක් නැත. (ර)
මෙතැන දි පොලිසිය අවම බලය පාවිච්චි කර නෑ. කාට කියන්න ද මේවා. (ර)
අනේ පව් ඩී අයි ජී මහත්තයාගේ ඇස් පෙනීම හොඳටම මදි. (හේ)
පොලිසිය කියන විදියට මේ පින්තූර බොරුද?(හේ)
ලෝකේ ශිෂ්ට රටවල පොලීසි දැන් පොලු මුගුරු භාවිතා කරන්නේ නැහැ.ඉන්දියාවේ පොලීසිය ඉස්සර ලැති නමින් හැඳින්වූ මුගුරක් භාවිතා කළත් එය ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්ව යමින් පවතී. මේ සිද්ධියේදී පොලීසිය නිරායුධ තරුණ පිරිසක් වෙත අනවශ්‍ය බලයක් යොදා ඇති බව ඉතා පැහැදිලිය.(හේ)
කියන දේ අහගෙන ඉමු. (ර)
අපි නොදන්න පොලිසිය.(හේ)
හැම තැනම බෝල පාස් කෙරිල්ල තමයි. (ර)
හරි පොලිස් මහතා නිවැරිදිනම්, එම ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරන්න. එතකොට බලාගත හැකි කව්ද හරි, වැරදි කියලා. (ර)
ඔබ ඉල්ලු වෙනස ලැබී ඇත... දැන් කෑ ගසා ඵලක් නැත. (ර)
පොලිසිය සිල් ගත්ත තරුණයන්ට ගැහුවේ නැහැනේ. (ර)
අපි කතා කොකර ඉමු. (ර)
වෙනස ලැබී ඇත. (ර)
කොහොම කිව්වත් මුලු රටම දැක්කා එතන මොකක්ද උනේ කියලා. හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි පුළුවන් වෙන්න. (ර)
බෝල පාස් කර කර ඉමු. (ර)
වෙන රටවල පොලිසි විතරක් නෙවෙයි වෙන රටවල සිසුවනුත් මේ වගේ නැති බව කිව යුතුමයි. (ර)
සැක කාරයෙක් අල්ලන්න බැහැ එයාගෙන් තොරතුරක් ගන්න බැහැ. උද්ගෝෂණයක් විසුරු වන්න බැහැ පොඩ්ඩ වැරදුනොත් මානව හිමිකම් කොමිසමෙන් නතර වෙන්නේ. (ර)
මහින්ද ගෙදර යන්නත් 20% ක් වත් බලපෑව සිසුන්ට ගහපුවා. ඒවා බලපු හැමෝම මහින්දට ඡන්දෙ දුන්නේ නෑ මේපාරත් රනිල් ගෙදර යන්නෙත් පොලිසිය හින්ද. හොඳට බලන්න ඕව බොහොම සංවේදී ප්‍රශ්න.. සහ සංවේදී පොටෝ.. (අ)
ගහන තැනකට යන්න ඕනි ගුටිකන්න බලාගෙන නැත්තන් ගහන අයට ගහන්න බලගන්න මේ අයට ගහන්න ඕනි ගෙදර දුවනකන් නළලේ කළුපටි ගැලවෙනකන් (අ)
වෙනින් රටවල වාගේ සල්ලි අරන් උසස් අධ්‍යාපනය දුන්නා නම් අපේ තරුණ පරපුරයි බදු ගෙවන ජනතාවයි රටයි මෙලහකට ගොඩ ! නිකම් හැමදේම දෙනකොට හිඟන්නාගේ තුවාලේ වගේ තමයි. (හේ)
කියන්න හොද දෙයක් මතක් වෙනවා.(හේ)
වෙනස ලැබී ඇත (හේ)
මමනම් දැන්ම ජි අයි ජි කමෙන් ඉල්ලා අස්වෙනවා.(හේ)
මේ ඡායාරූප දැක්කම ඕනේම කෙනෙක්ට තෙරෙනවා මොකද වෙන්නේ කියලා.(හේ)
ඇත්ත බොරු කරනවානම් බොරුව ඇත්ත කරනවානම් පොලිසි හැටි පොටෝ එක බලපුවාම කියන්න පුළුවන්. ටොරොන්ටෝ වල ජී 18 සමුළුවට විරෝධය පාපු මහජනයාට ඔයවගේ පහරදීලා අධිකරණයෙන් වන්දි ලබාදී නිලධාරීන් ගෙදර යැව්වා (බ)
පින්තුර පෙලට අනුව එම පොලිස් නිලධරයා ඉන්න ඉරියව්වෙන් හිතාගන්න පුළුවන් නැගිට්ටවන්න හදනවද නැතිනම් නිදිකරවන්න හදනවද කියලා. (අ)
මේ පහර දීම "යහපාලනය" යටතේ සිදු වුවත් පොලිසියට ඔය විෂබීජ ඇතුල් වුනේ දැනට බලයේ ඉන්න අය ඒ ඒ යුගවලදී පොලිසිය දේශපාලන බල අධිකාරියේ අතකොලුවක් කරගෙන සිටි නිසයි. ජනතාවගේ වරමින් බලයට පත්වෙලා ජනතාවගේ සල්ලි බිලියන් වලින් පිල්ලි ගහපු උදවියත් සුදනන් ලෙසින් පෙනී සිටිමින් බොරු කී අන්දමටම ශිෂ්‍යාවකට පහර දෙන ඡායාරුප දැක දැකත් බොරු කියා මේ රවටන්න හදන්නේ තමන්ට කන්න දෙන අහිංසක ජනතාව නේද ?(හේ)
සත්‍ය මහත්තය කියන විදියට පොලිසියේ මහත්තුරු කට්ටියගේ ඔලු අත ගාල සුරතල් කරලා යන්න පුතාල යන්න පාරවල් අවහිර වුනාම මිනිස්සු මග හිර වුනාම එයාල අම්මල මතක් කරන්නෙත් අපේ ...වදින්නම් අපිට කරදර නොකර ඔයාල යන්න කිව්වනම් මේ විනීත ශිෂ්‍යයෝ ඒක පිළි අරන් යනවනේ.අපරාදේ මේ පොලිසිය අසාවටනේ කට්ටියට ගහල තියෙන්නේ....යන්න සත්‍ය මහත්තයෝ යන්න..අන්තරේ අයියල මේ සිසුන්ව දක්කන්නේ පොලිසියෙන් ගුටි අන්නවන්න බලාගෙන..ඔලු ටිකක් පැලිලා හත අට දෙනෙක් ඉස්පිරිතාලේ ලග්ගව ගත්තනම් එතකොට තමයි උන්ගේ වැඩේ සාර්ථක.එකෙක් දෙන්නෙක් බාවා ගන්න පුලුවන්නම් වැඩේ අති සාර්ථකයි.අපි නොදන්නා අන්තරේ..මුන් උද්ගොෂණ කරන කොට පාරේ හිර වෙන ප්‍රයිවෙට් බස් එකක කට්ට අව්වේ වරුවක් විතර ඔබ තුමාව හිර කරලා තියන්න පුලුවන්නම් ඔය ලෙඩේ හොද කරවන්න තිබුන..ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ. මහා මග යන එකෙක්ගේ දුකක් තේරෙන එකක් නෑනේ....(බ)