කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍ය චතුරංග දිල්ශාන් සිල්වා ‘‘ඔස්ටියෝ සාකොමා“ නමැති අස්ථි පිළිකා රෝගයෙන් පීඩා විඳියි. චතුරංග ඉගෙනුමට මහත් දස්කම් දක්වන්නෙකි. ඉක්මණින් ඔහුගේ දණහිසේ සැත්කමක් කළ යුතුයැයි වෛද්‍යවරු කියති. මේ සැත්කමේ දී නව දණහිස් අස්ථියක් බද්ධ කළ යුතුය. එය විදෙස් රටකින් ආනයනය කිරීමට සිදුව ඇත.
සැත්කමට හා ඉන්පසු කරන කිමෝතෙරපි ප්‍රතිකාරවලට ලක්ෂ 80ට වැඩි මුදලක් වැය වෙතැයි වෛද්‍යවරු කියති.
ඔහුගේ පියා පුද්ගලික ආයතනයක සුළු රැකියාවක නිරත බැවින් මෙවැනි විශාල මුදලක් වැය කිරීම ද අසීරු කරුණකි.
මේ දරුවාගේ ජීවිතය බේරාගැනීමට විද්‍යාලයීය සිසුන්, ගුරුවරු, දෙමාපියන් දැඩි වෙහෙසක් දරයි. ඔවුහු මේ සඳහා පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාරය ද පතති.
මේ දරුවාගේ සැත්කමට ආධාර කරන්නේ නම් 121854955280 සම්පත් බැංකුව බොරැල්ල ශාඛාවේ බැංකු ගිණුමට ඔබේ ආධාරය බැර කිරීමට හැකියාව ඇත. පියාගේ දුරකථන අංකය 0773074999
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩී.එස්.සිසුවා දණහිසේ සැත්කමට ආධාර පතයි
නඩරාජා Thursday, 10 December 2015 06:04 PM
අනවශ්‍ය දේවල් වලට කෝටි ගණන් වියදම් කරන රටේ මෙහෙම දේකට දෙන්න මුදල් නැතිකමයි දුක (නි)
ශාන් Thursday, 10 December 2015 05:17 AM
ඔය සේනාවට බැරිද . ඔය අන්‍ය ආගම වලට අත දාන්නේ නැතුව. මේ වගේ පුණ්‍ය කර්ම දේවල් කරන්න (බ)
විජය Wednesday, 09 December 2015 07:38 PM
මේ දරුවාට ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලැබී සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපිට පුළුවන් විදිහට අපේ ආධාරය යවමු. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් යම්කිසි වගකීමක් තිබෙන බව අවබෝධ වෙන්න ඕනෑ නේද? ලෙඩක් දුකක් වුණාම ඒවාට නිසි ප්‍රතිකාර රජයේ රෝහලකින් ලබාගන්න සෑම පුරවැසියෙකුටම තිබෙන්න ඕනෑ නේද මුලික අයිතිවාසිකමක්? (නි)
පෙරේරා Thursday, 10 December 2015 12:57 AM
මේ රෝගයට මුලින් කිමෝ ප්‍රතිකාර ලබාදී ඉන්පසු ඔපරේෂන් කර ආයෙත් කිමෝ ප්‍රතිකාර ලබාදීමෙන් සුවකරන්න පුළුවන්. මේ කිමෝ ප්‍රතිකාර සියල්ල මහරගම පිළිකා රෝහලේ නොමිලේ ලබාදෙනවා. ඉක්මනට හරි ප්‍රතිකාර ලබාගන්න ඕනෑ. නැත්නම් පිළිකාව පැතිරෙනවා. (නි)
චන්දි Thursday, 10 December 2015 02:56 AM
හැකි පමණ සම්මාදම් වෙමු. මෙම පණිවිඩය මිතුරන් අතරේ බෙදාහරිමු. (නි)