කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍ය චතුරංග දිල්ශාන් සිල්වා ‘‘ඔස්ටියෝ සාකොමා“ නමැති අස්ථි පිළිකා රෝගයෙන් පීඩා විඳියි. චතුරංග ඉගෙනුමට මහත් දස්කම් දක්වන්නෙකි. ඉක්මණින් ඔහුගේ දණහිසේ සැත්කමක් කළ යුතුයැයි වෛද්‍යවරු කියති. මේ සැත්කමේ දී නව දණහිස් අස්ථියක් බද්ධ කළ යුතුය. එය විදෙස් රටකින් ආනයනය කිරීමට සිදුව ඇත.
සැත්කමට හා ඉන්පසු කරන කිමෝතෙරපි ප්‍රතිකාරවලට ලක්ෂ 80ට වැඩි මුදලක් වැය වෙතැයි වෛද්‍යවරු කියති.
ඔහුගේ පියා පුද්ගලික ආයතනයක සුළු රැකියාවක නිරත බැවින් මෙවැනි විශාල මුදලක් වැය කිරීම ද අසීරු කරුණකි.
මේ දරුවාගේ ජීවිතය බේරාගැනීමට විද්‍යාලයීය සිසුන්, ගුරුවරු, දෙමාපියන් දැඩි වෙහෙසක් දරයි. ඔවුහු මේ සඳහා පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාරය ද පතති.
මේ දරුවාගේ සැත්කමට ආධාර කරන්නේ නම් 121854955280 සම්පත් බැංකුව බොරැල්ල ශාඛාවේ බැංකු ගිණුමට ඔබේ ආධාරය බැර කිරීමට හැකියාව ඇත. පියාගේ දුරකථන අංකය 0773074999
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය දේවල් වලට කෝටි ගණන් වියදම් කරන රටේ මෙහෙම දේකට දෙන්න මුදල් නැතිකමයි දුක (නි)
ඔය සේනාවට බැරිද . ඔය අන්‍ය ආගම වලට අත දාන්නේ නැතුව. මේ වගේ පුණ්‍ය කර්ම දේවල් කරන්න (බ)
මේ දරුවාට ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලැබී සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපිට පුළුවන් විදිහට අපේ ආධාරය යවමු. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් යම්කිසි වගකීමක් තිබෙන බව අවබෝධ වෙන්න ඕනෑ නේද? ලෙඩක් දුකක් වුණාම ඒවාට නිසි ප්‍රතිකාර රජයේ රෝහලකින් ලබාගන්න සෑම පුරවැසියෙකුටම තිබෙන්න ඕනෑ නේද මුලික අයිතිවාසිකමක්? (නි)
මේ රෝගයට මුලින් කිමෝ ප්‍රතිකාර ලබාදී ඉන්පසු ඔපරේෂන් කර ආයෙත් කිමෝ ප්‍රතිකාර ලබාදීමෙන් සුවකරන්න පුළුවන්. මේ කිමෝ ප්‍රතිකාර සියල්ල මහරගම පිළිකා රෝහලේ නොමිලේ ලබාදෙනවා. ඉක්මනට හරි ප්‍රතිකාර ලබාගන්න ඕනෑ. නැත්නම් පිළිකාව පැතිරෙනවා. (නි)
හැකි පමණ සම්මාදම් වෙමු. මෙම පණිවිඩය මිතුරන් අතරේ බෙදාහරිමු. (නි)