කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුවකුට පහරදීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගුරුවරුන් තිදෙනකුට කොළඹ මහාධිකරණයෙන් නියම කළ අවුරුදු දෙක බැගින් වූ සිරදඬුවම ඉවත් කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය ගාමිණී එදිරිසූරිය, එම්.ඒ.ඩී.ශාන්ත කුමාර පෙරේරා සහ ඒ.එම්.ආරියපාල යන තිදෙනා චෝදනාවලින් නිදොස් කර නිදහස් කරනු ලැබූහ.
විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතාගේ එකඟත්වයෙන් විනිසුරු එච්.එන්.ජේ.පෙරේරා මහතා මේ තීන්දුව ප්‍රකාශ කළේය.
17 හැවිරිදි සිසුවකුට ඔහුගේ මව බලා සිටිය දී ම 2004 ජනවාරියේ දී පහරදුන් බවට ඔවුහු වරදකරුවෝ වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ට දඩුවම්කර ජාතියක් ගොඩනගන්න්නේ කෙසේද ? අකීකරු සිසුන්ටදඬුවම් කල යුතුවේ .(රේ)
සුසන්ත හරි (නි)
සුසන්ත, දැන් ඔය ඉතින් දඩුවම් කරලා අපි හදාගෙන තියෙන්නේ අපූරු විනය ගරුක ජාතියක්.(රේ)
මේ මිනිස්සුන්ට පිස්සු. අපිට ගහපු ගුරුවරුන්ට අපි තාමත් ආදරයෙන් සලකනවා. ඒගොල්ලෝ හින්ද තමා අපි මෙහෙම හරි ඉන්නේ. ගුරුවරු මෙහෙම නිදහස් කරපු එක අගය කරනවා (රේ)
අපිට ගුරුවරු ගහපු විදියට ඔවුන් එහෙනම් එල්ලුම් ගස් ගොස් ඇති. අපිව යහමඟට ගත්තේ ඔවුන්ය (නි)
නැද්ද අර අපේ සේනාවන් එහෙම මේවට විරුද්ධවෙන්න? (නි)
මමත් ගුරුවරයෙක්. මම නම් මගේ ඉස්සරහ ළමයි මොනවා කළත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. ඇයි නිකන් ප්‍රශ්න ඇතිකර ගන්නේ? දෙමාපියෝ බලන්නෙත් වැරදියට. නීතිය බලන්නෙත් වැරදියට. ළමයි බලන්නෙත් වැරදියට. ඉතින් ඇයි අපි වැරදිකාරයෝ වෙන්නේ? (නි)
මේ ශාන්ත කුමාර සර්, මගේ උසස් පෙළ ව්‍යවහාරික ගණිත ගුරුවරයා කියා මට කටපුරා කියන්න පුළුවන් කෙනෙක්. සතයක් ගන්නේ නැතුව අමතර පංති දමාගෙන උගන්නපු ගුරු පියෙක්. අද අපි රටවල් වල ඇවිල්ලා , මේ විදියට ජීවත්වෙන්නේ ඒ මිනිස්සු අපිට දුන් විෂය දැනුම වගේම ජීවිතේ පිළිබද දැනුම නිසා. මේ සිද්ධිය නිසා මෙතුමා බරපතල විදියට මානසිකව කඩාවැටුණු බව ආරංචි වුණා. මේ ළමයින්ට නෙමෙයි මම නම් ගහන්නේ, මේ වගේ දෙයකට උසාවි පොලිසි ගිය අයගේ දෙමාපියන්ට (නි)
මම නම් දකින්නේ පොලිසියේ වැරැද්ද ඔවුන්ට තිබුණා මෙම ප්‍රශ්නය සමත මණ්ඩලයට දාන්න. ගොඩින් බේරගන්න තිබූ දෙයක්. දෙමාපියන් අාවේගශීලිව පැමිණිලි කළාට සමත මණ්ඩලයේදී මේක විසදගන්න තිබුන. දැන් අර ගුටිකෑව කියපු සිසුවා හොදට ඉගෙනගෙන සමාජයට වැඩදායක පුද්ගලයකු වෙලාද? මට හිතෙන විදියට නම් ඔහු දැන් ඇත්තේ ආණ්ඩුවේ බෝඩිමේ. (බ)
මේ දෙමාපියන් අර ...පාලනේ කට්ටිය වෙන්න ඇති මොකද හැම දෙයටම උසාවි යනවා (අ)