IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගිනි තබාගෙන ඇත්තේ ෆ්ලොරිඩාහි පදිංචි මැක්ස් අසරෙල්ලෝ නැමැති පුද්ගලයෙකු බව නිව් යෝර්ක් පොලිසිය ප්‍රකාශ කළේය.

ගිනි තබා ගැනීම හේතුවෙන් අසරෙල්ලෝ බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව නිව් යෝර්ක් පොලිසිය පැවසුවේය.

අසරෙල්ලෝ සිරුරට ගිනි තබා ගැනීමට ප්‍රථම තමන් සොයා ගත් කුමන්ත්‍රණයක තොරතුරු වෙත සියල්ලගේම අවධානය යොමු කිරීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට පෙළඹුණු බව පවසමින් අන්තර්ජාලය තුල සටහනක් තබා තිබිණි.

පසුව දැඩි ආරක්ෂාව යටතේ ට්‍රම්ප්ගේ නඩුව නිව් යෝර්ක් අධිකරණ සංකීරණයේ පහළොස් වැනි මහලේදී කැඳවූ අතර එහිදී නඩු විභාගය සඳහා අවශ්‍ය ජූරි සභිකයින් 18 දෙනා තෝරාපත් කරගෙන අවසන් කර ඇත.

එම ජූරි සභිකයින් 18 දෙනාට ස්ථිර ජූරි සභිකයින් 12 දෙනෙකු සහ අතිරේක ජූරි සභිකයන් සය දෙනෙකු ඇතුළත් වේ.

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල් සඳහා 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කිහිපයකට අදාළව අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීම සම්බන්ධයෙන් චෝදනා 34 ක් යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.



අදහස් (2)

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන

පිටරැටියා Saturday, 20 April 2024 04:41 PM

මෝඩ වහලෙක් වෙන්ඩැති .

:       3       13

Asela Saturday, 20 April 2024 10:52 PM

ඇමෙරිකාවේත් බයියෝ ඉන්නවා එහෙනම්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 202 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 173 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 428 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 254 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලා
2024 මැයි මස 03 172 0

මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.


සිලෝන් ටී” නමට නොසලකන හාම්පුතුන් ගැන ලැජ්ජයි
2024 මැයි මස 03 493 2

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 469 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1902 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1687 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site