IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ට්‍රම්ප් බද්ද අඩුකරන්න තීරුබදු රහිතව වාහන

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටට පැනවූ තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට පැවැති සාකච්ඡාවලදී විද්‍යුත් වාහන ඇතුළුව ඇමෙරිකානු වාහන තීරු බදු රහිතව මෙරට වෙළෙඳපොළට ගැනීමට අවස්ථාව දෙන්නැයි යෝජනාවක් ඉදිරිපත් වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළෙඳාමේ දී ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් තිබෙන වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහා ඇමරිකානු පාර්ශ්වය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බව ආරංචි මාර්ග පැවැසුවේය.

කෙසේ නමුත් ඇමරිකාවේ එම යෝජනාවට රජය එකවර අනුමැතිය නොදුන් බවත් මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය අදියෙරන් අදියර සලකා බලනු ඇති බවට එහිදී ඇමරිකානු පාර්ශ්වයට දන්වා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද යටතේ පසුගිය දා ශ්‍රී ලංකාවට පැනවූ සියයට 20 ක තීරු බද්ද අඩුකර ගැනීමට අඛණ්ඩව ඇමරිකාව සමග ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වනු ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.

තීරු බද්ද අඩුකර ගැනීම සඳහා පැවැති නවතම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ට්‍රම්ප්ගේ තීරු බද්ද යටතේ මුල් අවස්ථාවේ දී පැනවූ සියයට 44 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩු කෙරුණු අතර එම ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ තරගකරුවන්ට පනවා ඇති බදු ප්‍රතිශතවලට සමාන මට්ටමක පවතී.

 



අදහස් (2)

ට්‍රම්ප් බද්ද අඩුකරන්න තීරුබදු රහිතව වාහන

Perera Friday, 08 August 2025 10:11 AM

ඇමරිකාවේ ආර්ථිකෙත් ලංකාවේ ආර්ථිකේට සමානද? ඇමරිකාව ලංකාවෙන් බදු සහන ඉල්ලන්නේ.

:       1       4

MindZap Friday, 08 August 2025 12:58 PM

ඇමෙරිකාවේ නිෂ්පාදිත ඊ වාහන අපේ රටේ ජනතාවට බදු නැතිව ගන්න ලැබෙනවා නම් මම හිතන්නේ එය ඉතා හොඳයි කියලා. දුම් පරික්ෂාව කියන දැනට කිසිම වැඩක් නැතිව ගෙවන මුදල ඉතිරි වෙනවා. දුම් බද්ද ගැහුවා කියල පරිසරයට අමුතුවෙන් කරන කජ්ජක් තියෙනවද නැහැනේ. ඒ වැඩෙන් ඉන්ධනවලට වැයවන රටේ ඩොලර් ගණන ඉතිරි වෙනවා. අපි ධනාත්මකව හිතන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 326 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site