ටෙලි නිළිය කවිෂා අයේෂානිගේ මරණය හිසෙහි දකුණු පසට සිදු වු බරපතල තුවාල හේතුවෙන් සිදු වුවක් බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කේ.ඩී.උපාලි පෙරේරා මහතා නිගමනය කළේය.
ඔහු එසේ නිගමනය කළේ හදිසි මරණ පරික්ෂකගේ නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.ඒ.සී.නන්දසිරි මහතාගේ වාර්ථාවට අනුවය.
අද( 16)උදේ නවයහමාරට මරණ පරික්ෂණය පැවැත් වු අතර පොල්වත්ත ගෙදර ශාන්ත හේමසිරි ඇයගේ පියා විසින් මෘත ශරිරය හඳුනාගනු ලැබීය.
කවිෂාගේ ආමාශගත කොටස් රජයේ රස පරික්ෂකට යැවු බවද කියයි.
අනතුර සිදුවීමට පැය තුන හමාරකට පෙර ඇය සිය ෆේස්බුක් පිටුවට අවසන් සටහන ද එක්කොට තිබිණි. ‘පෑ හිනා ඔබ කිසිදින සඟවනු එපා‘ ගීතයට ඇය සිය මෝටර් රියේ සිට වීඩියෝවකට පෙනී සිටින දර්ශනයක් එහි විය..
එම වීඩියෝව පහතින්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව පරපුර මේවා අනුකරණය කරන්න ගියොත් තවත් වාහන අනතුරු වැඩිවේවි. (අ)
ඔය කියන විදියට වාහනය පදවල තියෙන්නෙත් සිංදු කිය කියාද දන්නේ නැහැ අනතුර වෙන වෙලාවෙ .(බ)
ඔව් වීජී, ගෙවුණ ටයර් වලින් වැස්සේ යනඑක මරුවාගේ කරට අතදමාගෙන යාමක්. වාහනය අධික වේගයෙන් යන බවත් ඒ නිසාම ලිස්සන බවත් පේනවා (නි)
වැහි වතුර පාරේ තිබෙනකොට ප්‍රවේශමෙන් රිය පදවන්නේ ඕනෑ. රිය අපරික්ෂකාරී විදිහට පදවා ලිස්සාගොස් නවතා ඇති බස් රථයේ හැපෙන ආකාරය වීඩියෝවේ හොඳින් පෙනෙනවා (නි)
කුමාර්, අනතුරක් සිදුවෙන්නට හේතු බොහොමයක් තියෙනවා. මත්පැන් ගාවා ගනිමින් නිස්කාරනේ මේ ළමයාට අපහාස කරන එක මනුස්ස ගතියක් නොවේ. (නි)
අබය, කුමාර් පළකළේ මතයක් විතරයි. එ්කට හේතු තියනවා. (නි)
ඒ ළමයා ඒ වෙලාවේ, නිදිකිරා වැටුනා වාගෙයි.. කුමාර්ගේ නපුරු හෘදයට නිදිමත තේරෙන්නේ නෑ. යක්ෂයින්ගේ ආවේශයක්. (රේ)
මහා වැස්සේ වීඩියෝ එකකුත් කරලයි හප්පගෙන තියෙන්නේ. පාරේ ගිය අහිංසක මනුස්සයෙකුට කරදරයක් නොවී මෙහම වුන එක හොඳයි. සංයමයක් නැතුව වාහන එලවනවානම් ඔහොම වෙන එක අහන්න දෙයක්ද.(රේ)
මේ නිළියගෙන් රටටවත් ජාතියටවත් හානියක් සිදුවෙලා නැහැ.මෙහෙම නිලියක් ඉන්නවාද කියල දන්නෙත් මේ මරණින් පස්සේ.රට ජාතිය විනාශ කරන දේශපාලකයින්ට බුදුසරණයි දෙවි පිහිටයි කියන මිනිස්සු ,මේ අහිංසක ළමයට ගරහල ලියලා තිබෙන දේ දුටුවාම අපේ රටේ ජීවත් වන මිනිසුන්ගේ පහත මානසිකත්වය පෙන්නුම් කරනවා.(රේ)
මේ වෙලාවේ නුගේගොඩට තද වැස්ස හා හුළඟ තිබුන . මේ දුව වගේම හුඟක් දරුවන් පාර ලිස්සන කොට වාහන ප්රවේශමින් ධාවනය කල යුතු ආකාරය දන්නේ නැහැ . මේ වාහනයේ ටයරුත් ගෙවිලා . මහපාරේ ජීවිත් කීයක් පසුගිය දිනවල නැති වුනාද? මේවා වලක්වා ගැනීමට රියදුරන් දැනුවත් කල යුතුය රේ)
නොනිමි මහමඟ ත්‍රස්තවාදය! (නි)
කනමදය වගේ බීල වාහනේ එලවන්න ඇති, ඇති යාන්තන් පාරේ ගිය අහිංසක මනුස්සයෙක්ට හානි නොවෙච්ච එක. (බ)
මමත් අබරන් එක්ක එකඟයි (නි)
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)