තම මෝටර් රථය පදවා අනතුරක් වළක්වා නොගැනීම හා රජයේ දේපළවලට අලාභ හානි සිදුකළ බව කියන ටෙලි නාට්‍ය නිළි රිතූ ආකර්ෂා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මේ සම්බන්ධ වැඩිදුර විභාගය ජනවාරි 6 වැනිදාට කල් තැබිණි.
රිතූ ආකර්ෂා පසුගිය 22 වැනිදා රාත්‍රී රූපගත කිරීමකට ගොස් සිය මිතුරියක් නිවසට ඇරලවීමෙන් පසු නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි තලංගම පොලිසිය කියයි.
පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන දොරටුව රාත්‍රී කාලයට වසා තැබෙන අතර මාර්ග බාධකද කඩාගෙන ඇය මෝටර් රථය ධාවනය කර ඇතැයි ද මෝටර් රථයටද බරපතල හානි සිදුව ඇතැයිද කියති. ඇගේ රිය වසා තිබූ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම් දොරටුව හරහා ගොස් මාර්ගය හරහා යොදා තිබූ කේතු පොඩිපට්ටම් කරගෙන මීටර් 20ක් 30 ක් පමණ ඉදිරියට ධාවනය වී ඇත.
රිය පැදවූ නිළියට තුවාල සිදුවී නැති අතර ඇය අනතුරින් පසු ඇමැතිවරයකුට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය විස්තර කර ඇතැයිද ඉන්පසු පොලිසියට කටඋත්තරයක් ලබාදී ඇතැයිද කියති. පොලිසිය ඇය කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළේය.
රිතූ ආකර්ෂා මෑතකදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණව සිටි නිළියක් වන අතර ඇය රංගනයෙන් දායක වන මෙගා ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දිනවල රූපවාහිනී නාලිකා කිහිපයකම විකාශයවේ. ඇය මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන සඳුන් රාජකරුණාගේ ‘උතුම් පැතුම්‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක්ද නිරූපනය කරන්නීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදමයි දැක්කේ. (ර)
ඇමතිවරුන්ට වෙන වැඩ නැතිව ඇති නිළියන්ගේ රිය අනතුරු ගැන විස්සෝප වේවි ඉදිරිපත් වෙන්න තියෙන කොට!(අ)
මිට කලිනුත් මෙයා වහනය හප්පා ගත්ත කියලා ආරංචියි. එතකොටත් බේරුවේ අසවලා ද දන්නේ නැහැ . (අ)
නිළියන්ට අපලයි (අ)
පාර්ලිමේන්තුවේ මාර්ග බාධක තිබේ නම් ඔය උදව්වට කට්ටිය එන්නේ කොහොමද ? ඔය කිසිම බාධාවක් නැතිව වැඩ කටයුතු සිද්ධ වෙන්නේ . (අ)
ඉතින් ටෙලි නිලියන් කියන්නේ පාර්ලිමේතු මාර්ග බාධක නොතකා ඒක ඇතුලට වුනත් ධාවනය කළ හැකි උදවිය තමයි. (බ)
මම හිතුවේ ටෙලි නිළියන්ට වසග වෙලා හිටින්නේ පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරු විතරයි කියලා. බලාගෙන ගියාම මේ අපි සුදනො කියාගෙන ඉන්න මේ ආණ්ඩුවේ උත්තමයෝත් අනුන්ට බැන්නාට මේ අයත් ඒ වගේමයි. කාට කියන්නද හොරුත් උන්ගේ බඩුත් උන්ගේ. ලස්සන කාන්තාවකට කළ නොහැකි දෙයක් නැහැ වගේ. (බ)
අදමයි දැක්කේ? (බ)
සොයලා බලන්න ලයිසන්වත් තියේද කියලා. වෙන බවලතෙක් ඔහොම හැප්පුවානම් මෙලහකට... (ර)
රූපසිංහ මල්ලි, අපි කවුරුත් පෘතග්ජන මිනිස්සුනේ. (ර)
අර පලවෙනි පින්තුරේ නැවිලා ඉන්නේ මොකද ? දන්නේ නැති නිසා අහන්නේ. (බ)
ට්‍රැෆික් රාලහාමි, ට්‍රැෆික් සාජන්, ට්‍රැෆික් ඕ අයි සී අතරට අලුත් ට්‍රැෆික් ඇමති කෙනෙකුත්. (ර)
අනේ නිළියන්ගෙන් දඩ මොකටද ? (ර)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (ර)
නිළියන්, ධනවතුන් සහ දේශපාලඥයන් කියන්නේ හරියට සමකෝණී ත්‍රිකෝණයේ කෝණ තුන වගේ ඒකිනෙකාට ප්‍රබල බැඳීමක් ඇති තුනක්. (ර)
මත්පැන් පානය කරලද ඉදලා තියෙනේ.? (ර)
කලබල වෙන්න එපා. මෙයා ගිහින් තියෙන්නේ ඇමති තුමා හම්බ වෙන්න. එය හිතල තියෙන්නේ ඇමතිතුමා රෑටත් පාර්ලිමේන්තුවේ මහජනයා වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා කියල. නිළියන්ට ඉතින් රැයක්, දවාලක් නැහැනේ. එයා හිතුවේ නැතුව ඇති මාර්ග බාධක ඇති කියල මෙවන් සාමකාමී රටේ.(රේ)
ඇත්තටම කවුද දන්නෙ නැහැ ඇමතිවරයා? (නි)
ඊළඟ ඡන්දෙට මේකම සුදුසුකමක්. ඇමැතියෙකුගේ කාරුණික අනුග්‍රහය තියනවා කියන්නේ ඉතින් තව මොනවාද ? (බ)
රුක්ෂාන් ඔබ හරි.(ම)
පිටිගල අයියා ඔයාලම තමයිනේ මේ ටෙලි නිළියන්ව ෂොපින් කරන්න ඉතාලියට ගෙන්නන්නේ. (ර)
නිළියන්ගේ කටයුතු සොයාබලන්න වෙනම ඇමතිවරයෙක් පත්කරන්න කාලය ඇවිල්ලා වගෙයි (නි)
මෙවන් ප්‍රවෘත්ති අපිට ගෙන එන ලංකාදීපයට ස්තූතියි! (නි)
ඉතින් කොහොමද අපි මෙයාලා ඉන්න ටෙලි නාට්‍යයක්වත් හිත හොඳින් බලන්නේ? (නි)
උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
මට නම් දැන් අර ටෙලිනාට්‍යය මතක් වෙනකොට ඔක්කාරෙට එනවා. මේ වගේ වගකීමක් නැති කට්ටිය ඉන්න ඒවා අපි මොකටද බලන්නේ? (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
අධ්‍යාපනයක් තියා රටේ නීතියවත් නොදන්නා කට්ටිය රටේ උඩින්ම වැජඹෙනකොට වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? (නි)
මට නම් මේ දැරිවිගේ එහෙමට ආකර්ෂණයක් පෙනෙන්නේ නැහැ. මගේ ඇස් වල දෝෂයක්ද දන්නේ නැහැ. (නි)
අභීත කාන්තාවකගේ චරිතය රඟපාන්න ගිහින්වද්ද? (නි)
මෙයාලටද අපි මේ නිළියෝ කියන්නේ? (නි)
ගැහැණු ළමයෙක් වුණාම සංවරකමක් තිබෙන්න ඕනෑ නේද? ඇයි මෙහෙම හැසිරෙන්නේ? (නි)
මෙයාව මට මරදානේදී දවසක් මුණ ගැසුනා.(අ)
නින්දනේන රාත්‍රියේ මේ පාලු යාමයේ, ඇමතිට ඇමතුවේ ඇමතිගේ හොට් ලයින් එකටද දන්නේ නැහැ. (නි)
නිළියක් නම් ඉතින් දේශපාලකයෙක් නොගෑවුණා අපේ ආච්චිලාගේ කාලේ. (ම)
කවුද වාසනාවන්ත වීර ඇමැතිවරයා..?(ම)
මගදී වාහන හප්පා ගන්න නිළියන්ගේ දුක සැප සඳහා ඉදිරිපත් වෙන්න තරම් වෙන වැඩක් නැති ඇමතිවරයෙක් සිටි. සොයා බලනු මැනවි. ඉදිරිපත් වී ඇත්තේ දේශපාලන මට්ටමෙන් නම් එතන ප්‍රශ්නයකි. (ර)
මිට කලිනුත් මෙයාගේ අතින් මෙහෙම අපරික්ෂාකාරී රිය අනතුරක් වුනා කියලා ආරංචියි. (ර)
මේ අය ගැන සොයා බලන්නත් ඇමතිවරු ඉන්න එක කොච්චර දෙයක්ද? මෙයත් ඉතාලිය පැත්තේ අහන්බෙන් මෙන් එන කෙනෙක්ද කියලා නිච්චියක් නම් නැහැ. (ර)
ඇමතිට කතා කරලා උදව්වක් ගන්න ඇති. (ර)
නිලියක් හින්දා අලාබය ගෙවන එකක් නෑ ? (ර)