ත්‍රාසය හා භීතියෙන් පිරුණු චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති "ටැෆ්‍රික්" චිත්‍රපටයද මැයි මස 06 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බොලිවුඩ් චිත්‍රපටයකි. රාජේෂ් පිල්ලායිගේ සිනමා අධ්‍යක්ෂණයක් ලෙස නිර්මාණය වී ඇති මෙහි නිෂ්පාදන බරපැන දරා ඇත්තේ දීපාක් දෝහර් හා සමීර් රාජේන්ද්‍ර දෙදෙනා විසිනි. මනෝජ් බජ්පායි, ජිමී සීර්ගීල්, දිව්‍යා දත්තා, විශාල් සිං, සචින් කොඩ්කාර් මෙහි රංගනයේ යෙදෙති. 2013 වසරේ අගභාගයේදී මෙහි රූපගත කිරීම් කටයුතු නිමකර තිබුණ අතර, චිත්‍රපටයේ දර්ශන කිහිපයක් නැවත රූපගත කිරීම් කරන්නට සිදුවීම නිසා චිත්‍රපටය මෙසේ කල්ගත වූ බව සඳහන් වෙයි. එමෙන්ම මෙම චිත්‍රපටයේ එන චරිත සඳහා ප්‍රසිද්ධ නළුනිළියන් කිහිප දෙනෙකුම සම්බන්ධ කරගත්තද, පසුව ඔවුන්ට වැඩ අධික වීම නිසා මෙම චිත්‍රපට චරිත ප්‍රතික්ෂේප කරන්නට සිදුවූ බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd