රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය රථවාහන නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්නගෙන් ප්‍රශ්න කිරීම අද උදේ ඇරැඹූ බව පොලිස් ආරංචි කියයි.
සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කරනුයේ ඔහු තාජුදීන් ඝාතනයේ සැකකරුවකු ලෙස නොව රථවාහන අනතුරකදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්නත්, තාජුදින් සිද්ධියේදී එම පියවර ගෙන තිබේද යන්න සොයා බැලීම සඳහා බව දැනගන්නට ඇත.
තාජුදීන් සිද්ධිය රිය අනතුරක් සේ සලකා පරීක්ෂණ ලිපිගොනුව බහා තැබීමට උපදෙස් දී ඇත්ද, එසේ උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න ද එම පරීක්ෂණයේ දී සොයා ගැනීමට හැකිවෙතියි කියති.
මොහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසියේ තවත් උසස් නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද, දේශපාලනඥයකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භද්‍රානි, දැක්කේ නැද්ද පහුගිය දවස්වල පාරේ නිකන්ම වාහන ගිනිගන්නවා? එහෙවු එකේ හැපිලා ගිනිගන්න බැරි මොකද? අන්තර්ජාලේ බලන්න ඕනෑතරම් වීඩියෝ තියනවා එහෙම වන. අපිටත් ඕනෑ සත්‍ය දැනගන්න. එ්ත් නිකන් දේශපාලන මඩ වලට අහුවෙන්න එපා. (නි)
නළුවන් මදිද? (බ)
නව පොලිස්පතිතුමාට අපේ ආචාරය! ඔබට පොලිසිය වෙනස් කළ හැකි බව අපට විශ්වාසයි.(බ)
තවත් පරීක්ෂණය කර කර මොකට කාලය කා දමනවද මන්දා?(හේ)
දැන් වැට් එක වැඩිවීම කාටවත් මතක නැහැ (නි)
පොඩි පොඩි අයගෙන් දැන් ප්‍රශ්න කළා කියලා වැඩක් තියෙනවද?(හේ)
නිකන් පොලිස් නිලධාරින් මොනවා කරන්නද, ඉහලින් එන එන අන පිලිපැද්දේ නැතිනම් රස්සාවත් නෑ, ජීවිතයත් අනතුරේ. (හේ)
අන්න හරි , නිවැරදි තර්කනුකුලව මේ නඩුව විද්‍යාත්මක සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි . මේ පලිගැනීමක් නොවන බව ඔප්පුකළ හැකි විය යුතුයි.(හේ)
තවත් බැරි වුනාද මිනීමරුවා අල්ල ගන්න.(හේ)
මේ දේවල් වලට සම්බන්ධ කවුද කියලා මුළු රටම දැන් දන්නවනේ.(හේ)
ප්‍රශ්න කිරීමේන් වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකියාව ඇත.(හේ)
මේ තමයි පටන් ගැන්ම.දැන් කාටවත් බොරු කරන්න බැහැ. (බ)
කොහොම හරි වරද කරපු අයට උපරිම දඩුවම් දෙන්න. ආය මේවගේ අපරාධ නොකරන්න (බ)
මෙම ම්ලේඡ ඝාතනය කළවුන්ව හැකි ඉක්මනින් නීතිය හමුවට ඉදිරිපත් කරන්න තරාතිරම නොබලා. (බ)
දැන්වත් මේ මියගිය පුද්ගලයට නිදහසේ ඉන්න දියල්ල. බොරු පෙන්වමින් දේශපාලන වාසී ලබා නොගෙන. (බ)
ට්‍රැෆික් ඩී අයි ජි වත් දණ ගස්සයිද. (බ)
අපේ මිනිසුන්ට ඉවසීම කියනදේ බින්දුවයි මෙම. මිනීමැරුමක්. නොවෙන විදියට රගපාපු ප්‍රභූ පැලැන්තියේ. කතාවක් දැන්. රටේ තියෙන තත්වය අනුව. මෙයට ටික කලක් ගතවෙනවා ඇත්ත කියන්න මහින්ද නඩු අහපු විදියට මේ නඩුව ඉවරයි නමුත් ඇත්ත කතාව එලිවුනේ. (බ)
කල් ගත්තට කමක් නැහැ අධිකරණයට සැකයක් නැතුව ඔප්පු කළ හැකි අයුරින් මේ පරීක්ෂණ කරලා වැරදි කරුවන්ට දඬුවම් දීම අනිවාර්යෙන්ම කළ යුතු වෙනවා (බ)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට (හේ)
දුමින්ද දන්නවද දන්නේ නැහැ ලංකාවේ දේශප්‍රේමී නළු බට්ටන්ට දඬුවම් කරන්න ටිකක් අමාරුයි කියලා? පුදුමේ කියන්නේ තාජුඩීන් අනතුර වෙන්න කලින් පර්ස් එක එලියට විසි කරලානේ. අනිත් කාරණය තමයි තාප්පෙක හැප්පිලා මුළු කාරෙකම ගිනි අරගෙන නේ. ඒ උනාට ලංකාවේ සම හරක් හිතන විදිහට එ්ක ස්වභාවික අනතුරක්ලු අනේ? (බ)
අනිවාර්යයෙන්ම අපරාධකරුවන් හොයලා උපරිම දඬුවම් දෙන්න. (නි)
මට නම් ඉවසුමක් නැහැ මිනීමරුවන් පෝරකේට දක්කනවා දකින්න. එ්ත් මගේ සිතුවිල්ල සිහිනයක් වෙන්නත් පුළුවන්. (නි)
කල්ගත වෙනවා කියන්නේ ඝාතකයා හොඳින් ස්ථාපිත වෙනවා කියන එකයි. දැනට සිද්ධවෙන්නෙත් එ්කමයි. (නි)
කලබල නොකර, කරදර නොකර හිටියොත් නිවැරදි විස්තර හොයලා කළයුතු දේවල් කරන්න හැකිවේවි. ගොඩක් අයට රිදේවි. නමුත් ඇත්ත එළිවීම ඉතාමත් වැදගත් වේවි. (නි)