ගාල්ල, කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවක් ඉදිරි කිරීම වෙනුවෙන් මූල්‍යාධාර ලබාගැනීම සඳහා සිදුකෙරෙන ‘ට්‍රේල්‘ පාගමන අද (26) ගාලු මුවදොර ක්‍රීඩාංගණයෙන් ඇරඹී මොරටුව දක්වා ගියේය.
පසුගිය 6 වැනිදා යාපනයේ පේදුරුතුඩුවෙන් ඇරැඹි මේ පාගමන නොවැම්බර් 2 වැනිදා මාතර දෙවුන්දරතුඩුවෙන් අවසන් කිරීමට නියමිතය.
මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන අදත් පාගමනට එක්ව සිටියහ.
අද පාගමන සඳහා කලාකරුවෝ හා දේශපාලනඥයෝ පිරිසක් ද එක්ව සිටියහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි! බලන්න කීදෙනෙක් මේ වෙනුවෙන් මුදලින් ශ්‍රමයෙන් උදව් කරනවද කියලා. හැමදේම රජයටයි කෝටිපතින්ටයි කරන්න කියලා ඉන්නවට වඩා මේක කොච්චර උතුම් වැඩක්ද? ලංකාවේ හිටියා නම් අනිවාර්යෙන්ම සහභාගි වෙනවා. මේකට සහභාගිවෙලා ඉන්න හැම දෙනාටම අපේ ආදරයයි සුබ පැතුමයි! (නි)
පාරේ යන මිනුස්සුන්ට කරදර කරන්නේ නැතුව මෙතන ඉන්න කෝටි පතියන්ට එකතුවෙලා මේ වැඩේ කරන්න බැරිද ? (අ)
මෙය වාට්ටුවක් සෑදීම සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න... අංග සම්පුර්ණ පිලික රෝහලක් සැදීම සඳහා බව කරුණාවෙන් සලකන්න... මමත් මෙම පාගමනේ දින 3ක් ගමන් ගත් පුද්ගලයෙකි. නැවත මොරටුවේ සිට අවසානය දක්වා ගමන් කරමි. මෙම පාගමන සඳ මෙතෙක් දේශපාලකයන් ගමන් ගත්තේ නැත. කොළඹ සිට මොරටුව දක්කවා පැමිණීමේදී පමණක් එක දේශපාලකයෙක් සහභාගී වුහ. මහේලගේ මහත්මා ගුණය, අවංක භාවය, නිරහංකාර බව ඉතාමත් අගය කොට සලකමි. එමෙන්ම සරින්ද උනම්බුව මහතාද අව්‍යාජ නිරහංකාර නිහතමානී මහත්මයෙකි. මොවුන්ගේ කැපකිරීම ඇති විශිෂ්ටයි (අ)
මේක හොඳ වැඩක්. එ්ත් රජය මගින් කළ යුතු දේවල් මිනිස්සු සල්ලි එකතු කර කර කරන්න ගියොත් මොකද වෙන්නේ. ඔය විදියේ වාට්ටු හැම ඉස්පිරිතලේම හදමුකෝ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කර කර (බ)
ගංගා, අදහස හොඳයි, සහභාගිවිය හැකි තව ක්‍රමයක් තියනවා. "ට්‍රේල්‘ වෙබ් එකට ගිහින් ආධාර කරන්න. මමත් එහෙම තමා කළේ. ඇවිදින්නම ඕනෑ නැහැ. (නි)
ජාති බේද ප්‍රශ්න ඇති කරන්නේ නැතුව ඇයි ඔය සේනාවල් වලට මේවගේ පුණ්‍ය දේවල් කරන්න බැරි ? (බ)
මේකනම් හොඳ වැඩක් නමුත් ඔයිට කලිනුත් මහේල පිළිකා රෝහලක් හදන්න සල්ලි එකතු කළා නේද ? (බ)
සංග, මහේල: හෙළ මවට උපන් ආදර්ශමත් දරුවන්.(අ)
ඒ දෙන්න විතරක් නොවෙයි මේකට සහභාගිවන කවුරුත් ආදර්ශමත් දරුවන්. සියලුම දෙනා එන්නේ යාපනේ ඉදලානේ දැන් දවස් ගානක් තිස්සේ. ඒ අය මිට පෙර පටන් ගත්තේ යාපනේ රෝහල හදන්න. එය හදල ඉවරවෙලා දැන් එය ක්‍රියාත්මකයි. අපි එය අගය කරනවා. ඒවගේම කවුරුත්, හැම රටකම ඉන්න සියලුම දෙනා මෙයට කිසියම් ආධාරයක් කළොත් පින්,වගේම අගය කරනවා. අවශ්‍ය තොරතුරු ට්රෛල් එකෙන් ගන්න පුළුවන්. මේ කාර්ය ඉතාමත්ම අගය කලයුතු දෙයක්. සියලුම දෙනා සහයෝගය දක්වන්න. (අ)
චමල් අනුරපුරේ ඒකාලේ වැවු හැදුවේ රජයෙන් නොවෙයි. අපේ මිනිසුන් විසිනුයි. බාල්දි දාන්නේ නැතිව පැත්තකට වෙලා උන්නා නම් හොදයි. හිතන්න එපා හැම දෙයක්ම රජයට කරන්න පුළුවන් කියල. රජයට වුණාත් මුදල උපදවන්නේ අපිම තමයි.(අ)
ප්‍රදීප්, ඔව් මෙම පාගමන 2011 දී දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළා. එම ලැබුනු මුදල් වලින් යාපනය තිලප්පිලිහි ඇඳන් 120ක අංගසම්පුර්ණ පිළිකා රෝහලක් සාදා දැනට මසකට පමණ කලින් ජනතා අයිතියට පත්කළා. චමල්, ඔය වගේ අය තව කවුරුවත් කරනකන් බලා හිටියොත් මේ රට දියුණු වෙන්නේ නැහැ (නි)