IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට තරවටුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය.

ඉරානය හා ඊශ්‍රායලය දැන හෝ නොදැන සටන් විරාම ගිවිසුම කඩකර තිබෙන බවත් දෙපාර්ශ්වය කරන්නේ කුමක්ද යන්න ඔවුන්ට නොවැටහෙන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.

ඊශ්‍රායලය අද පෙරවරුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අතර තමන් එයට කිසිම කැමැත්තක් නොතිබූ බවත් තමන්ට ඊශ්‍රායලය සන්සුන් කිරීමට සිදුවන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නැවත යුද්ධයක් ඇතිවීම නැවත්වීමට හැකි සෑම උත්සාහයක්ම නේටෝ සමුළුව ආරම්භ වීමට පෙර තමන් ගන්නා බවද ඔහු පැවැසුවේය.

සටන් විරාමයකට එකඟ වීමෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙළා ඇති බවත් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය පිළිබඳව තමන් සතුටු නොවන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඉරානය සහ ඊශ්‍රායල දීර්ඝ කාලයක සිට යුද වැදීම හේතුවෙන් තමන් කරන්නේ කුමක්දැයි දෙපාර්ශ්වයට අමතක වී ගොස් ඇති බව ඇමෙරිකා ජනපතිවරයා පැවැසුවේය.

 



අදහස් (11)

ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට තරවටුවක්

AB Tuesday, 24 June 2025 06:24 PM

ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අවවාද කර ඇත. ඇමෙරිකා ජනපතිවරයා හැර ලෝකයේ වෙනත් කිසිවකුගේ මතයට ඊශ්‍රායලය අවනත කරගත නොහැකිය. ඇමෙරිකා ජනපතිවරයා ඉරානයෙන් පමණක් මෙම ඉල්ලීම සිදුකර තිබිණි. කෙසේවෙතත් ජනාධිපති පළමුව දැරූ මතය වෙනස් කර දෙපාර්ශවයෙන්ම බෝම්බ නොදමන ලෙස ඉල්ලීම් කර ඇත. ඇමෙරිකාවේ සහ EU රටවල ආර්ථික, දේශපාලන, කලාව මාධ්‍ය, වෛද්‍ය, තාක්ෂණික, යුද අවි ඇතුළු මහාපරිමාණ ව්‍යාපාරිකයින් ඇති බහුතරයක් ඊශ්‍රායල ජාතිකයින් වේ. ඉරානය යනු gulf කලාපයේ සහ මිනිස් ශිෂ්ඨාචාරයේ දිගු ඉතිහාසයක් තිබෙන්නා වූ රටකි. ලංකාව කුඩා රටක් වුවත් මෙම යුද්ධය සහ ඉන්පසු මතුවන ගෝලීය ආර්ථික සහ භූ දේශපාලන කාරණා පිළිබඳව G7, G20 සහ GULF රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කළයුතු වේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ නායකයා නොවූවත් එතුමාට ඍජුවම වර්තමාන තත්වයන් පිළිබඳව ගෝලීය නායකයින් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය සමග සාකච්ඡා කළහැකි වේ. (වර්තමාන ආණ්ඩුව හෝ ජනාධිපතිවරයාට එවැන්නක් කිසිසේත්ම කළ නොහැකියි)

:       58       121

ලූට මූස්Tuesday, 24 June 2025 08:18 PM

අනේ ඇබෝ, එහෙනං ඉතිං උන්දෑ ඕන දේවාලෙකට පටවලා අරින එකනේ ඇත්තේ...!

:       60       14

පොඩිඑකාTuesday, 24 June 2025 11:16 PM

ඇබා උන්නැහේ දැක්කෙ නැතෙයි ඔහෙගෙ රනිල් උන්දැ අල් ජසීරාවෙ පචවෙලා කිච වෙනවා?

:       46       5

kumara Tuesday, 24 June 2025 11:22 PM

වර්තමාන ජනාධිපති සහ ආණ්ඩුව ඉන්දියාවේ බලපෑමට අත්සන්කළ ගිවිසුම් වහා රටට හෙළිකරනු !

:       1       36

අරවින්ද මොණරවිල Tuesday, 24 June 2025 06:36 PM

ඊශ්‍රායලයට විතරක් නොවෙයි මෙයාටත් කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලා නිච්චියක් නැහැ... ගෙදරට වෙලා උණු වතුර ටිකක් කාලා ඉන්න ඕනෑ අය රට පාලනය කරන විට ඒ රටවල් විතරක් නොවෙයි ලෝකයම විනාශ වෙන්න පුළුවන්...!

:       81       39

fairoosTuesday, 24 June 2025 07:16 PM

අරවින්ද හරියට කිව්වා...

:       47       22

MDWednesday, 25 June 2025 08:51 AM

ඔබලා වැනි අය තමයි කවදහරි දවසක දෙමාපියන් වැඩිහිටි නිවාසවලට හරි පාරේ බස් හොල්ට් වල දාලා යන්නේ.කනගාටුයි

:       1       1

Nihal Dharmatileke Tuesday, 24 June 2025 07:36 PM

අහන්න බැරි නම් දන්නේ නෑනේ එකේ කරන්නේ ඉරානයට බෝම්බයේ භාගයක් ඊශ්‍රායලයට දැමීමයි.

:       2       4

tissa Wednesday, 25 June 2025 02:26 AM

ඉරානය යනු ඊශ්‍රායලය මෙන් 10 ගුණයක ජනගහනය ඇති සහ 70 ගුණයකට වඩා විශාල රටක්. ඊශ්‍රායලයට කිසි දිනක ඉරානය අවනත කර ගත හැකි නොවනු ඇත.

:       3       18

රුවන් Wednesday, 25 June 2025 05:55 AM

තාමත් ලංකාවේ අය හිතනවා රනිල් වික්‍රමසිංහ හිටියා නම් මේ යුද්ධය ඇති වෙන්නේ නෑලු. හැබැයි ලොකුම විහිළුව යුක්රෙන, රුසියානු යුද්ධය, පලස්තීන, ඊශ්‍රායලය අතර යුද්ධය පටන් ගත්තේ එයා ජනපති වෙලා ඉන්න කාලේ. කෝ යුද්ධය නැවැත්තුවා ද?

:       16       2

පුරවැසියා Wednesday, 25 June 2025 06:23 AM

මේ අවලන් මහල්ලා තමා මේ ඔක්කොටම මුල පාඩුවේ ආගමක් දහමක් කරගෙන ඉන්නේ නැතිව

:       10       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1935 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1536 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 538 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site