IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ දී පැවසීය.

ලෝකයේ කිසිදු උපද්‍රවයකදී කඩා නොවැටෙන ලෙස ශක්තිමත් ආර්ථිකයක් මෙරට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ  මොරටුව ජනරැළියට සහභාගී වෙමිනි.

"සැප්තැම්බර් මස ආරම්භ කළ මාවත ඉදිරියට යනවාද නැද්ද නැත්නම් පරණ විනාශකාරී දිශාවකට හරනවාද කියන තීන්දුව මේ රටේ ජනතාව ගත කළ යුතුයි. විපක්ෂය කුමක් කිවුවත් මේ මාවත ඉදිරියට යෑමේ එකඟතාව මේ රටේ බහුතර ජනතාව මැයි මාසයේ 06 වන දා පළ කරන බව පැහැදිලියි. අද විපක්ෂය විචාරකයන් පමණයි. ඔවුන්ට පක්ෂ නැහැ. ඔවුන් අද කරන්නේ ජනතාවට අභිමුඛ වෙනවාට වඩා මාධ්‍ය ඉදිරියේ අභිමුඛ වීමයි. අද ජනතාවට තෝරාගත යුතු එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (5)

ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය

prasanna Wednesday, 23 April 2025 01:44 PM

ඕවට කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා... 76 අවුරුද්දක් හැම කෙනාගේම කකුලෙන් ඇද්දා... දැන් ඉතින් විඳවන්න තියෙන්නේ.

:       21       32

Kamal Wednesday, 23 April 2025 03:56 PM

ඔයා හින්දා මුළු රටම හිනාවෙනවා.

:       10       16

අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 04:29 PM

එයාලත් එහෙම හරි සතුටු වුනාදෙන් සහෝදරයා...!

:       5       13

sugath Wednesday, 23 April 2025 07:00 PM

ලොක්කත් විපක්ෂේ ඉන්නකොට ඔය වගේ වුණාම සතුටු වුණා නේද?

:       0       0

නිමල් පෙරේරා Wednesday, 23 April 2025 07:56 PM

ඔයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ මාස හයට මොනවාද කළේ, එහෙම ශක්තිමත් කළා නම් එදා ආණ්ඩුව භාර දෙන කොට රුපියල් 170ට තිබුණු හාල් කිලෝව දැන් 240 යි, රුපියල් 80 ට තිබුණු පොල් ගෙඩියක් දැන් රුපියල් 220යි. ජනතාවට බදු ගහනවා, බැංකු පොළියටත් බදු ගහනවා, ජනතාව පීඩාවට පත්කරලා ආර්ථිකය හදනවා කියලා පුරසාරම් දොඩවනවා. හැබැයි රටේ සමස්ත දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය බිලියන දස දහස් ගණනින් මේ මාස හයට වැඩිවෙලා. ජනතාවට සහනත් නෑ , බදු බර වැඩි කරලා, රටේ ණය ප්‍රමාණයත් වැඩි වෙලා, හැබැයි මේ සල්ලි වලින් ඔයා කරපු දෙයක් නෑ පේන්න. මොකද තවම විදේශ ණය ගෙවන්න පටන් අරගෙනත් නෑ. ඒ කියන්නේ ඔයාගේ ආර්ථික කළමනාකරණය අසාර්ථක පුස්සක් කියන එක. ඔයා 30000 හිතවතුන්ට රජයේ රක්ෂා දෙන්න යනවා කියලා පේනවා. දැනටමත් විශාල බරක් වෙලා තියෙන රාජ්‍ය සේවය තවත් තර කරන එකෙන් ආර්ථිකය හැදෙයි කියලා හිතන ඔයාටයි ඔයා කියන මේ මුසාවාද පිළිගන්න මෝඩ වහල් පාක්ෂිකයන්ටයි ඕන මේ රට තවත් අගාධයට දාන්න බව පැහැදිලියි. දැන්වත් ඔය වැඩේ නවතන්න ජනපති තුමනි. ඉන්න රාජ්‍ය සේවකයොන්ගෙන් වැඩිපුර වැඩ ගන්න ක්‍රම හදනවා මිසක් තවත් රාජ්‍ය සේවයේ බර වැඩි කරගන්න එපා. මේක ඔබගේත් මගේත් රට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site