
ඇමෙරිකා ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමතුවාය. ඒ, ගෝලීය අර්බුදවලට මුහුණ දෙන කුඩා දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය යන මාතෘකාව යටතේය.
ඇමෙරිකාව ඉරානයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඇය කිසිවක් පැවැසුවේ නැත. එසේ වුවත් මෙලනියා ලෝක සාමය සඳහා සියලු දෙනා එක් විය යුතු බවත්, අනාගතය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් බෙදුණු ලෝකය එක් විය යුතු බවත් සමුළුව අමතමින් පෙන්වා දුන්නාය.
මෙලනියා කළ ඒ කතාව ආරක්ෂක මණ්ඩල සාමාජිකයන්ගේ පැසැසුමට හේතුවක් වුණු බව ද පැවැසෙයි. ලෝක නායකයකුගේ බිරිඳක ආරක්ෂක මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් කතාවක් පවත්වා පැසැසුමට ලක් වුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන්නේ ඇමෙරිකාවය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය එහි සාමාජිකයන් අතරේ මාරුවෙන් මාරුවට බෙදී යයි. මෙම මාර්තු මාසයේ දී සභාපති ධුරය හිමිවන්නේ ඇමෙරිකාවටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක නායකතුමා මගුල තමයි, ඔක තමයි ලෝකේ කන බල්ලා.