කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නා භාවනා අසපුව සම්බුදු අසිරිමත් තෙමඟුල සැමරීමේ උතුම් ආමිස හා ප්‍රතිපත්ති පුජා විසිහතර පැයක් පුරා පැවැත්විණි.
එම පිංකම පිළිබඳව ටොරොන්ටෝ අසපුව නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන්වෙයි.
මහමෙව්නාවේ දායක පිරිස තම ශ්‍රමයත්, කාලයත් කැපකරමින් ඉතාමත් අලංකාර ලෙස අසපු භුමියේ සෑයක් ඉදි කළහ.
ස්ථූප වන්දනාව, අටසිල් සමාදන්වීම, ධර්ම දේශනා හා දඹදිව පුජා භුමි වන්දනාව, තුන් රැය පුරාවටම පිරිත් සහ සතර සතිපට්ඨාන සුත්‍ර දේශනා කිරිපිඩු පුජාවන් පැවැත්වීමෙන් අනතුරුව පිංකම අවසාන විය.
මහමෙව්නා ආදි කර්තෘ කිරිබත්ගොඩ ඥානානන්ද ලොකුස්වාමීන් වහන්සේට ද පින් අනුමෝදන් කැරිණි.
2006 දී ආරම්භ කළ ටොරොන්ටෝ මහමෙව්නා අසපුව ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටවූ ප්‍රථම මහමෙව්නා ශාඛාවයි. කැනඩාවේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ කැනඩාවට සමීප නගරන්හි ද බෞද්ධ සැදැහැවතුන් විශාල සංඛ්‍යාවක් ටොරොන්ටෝ අසපුවේ ආගමික වැඩකටයුතු සඳහා සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහජීව හරියටම හරි......... හික්මීමක් නැති කට නිසා ගොඩක් අය මහා පවිකාර කතා කියනව... (ස)
අර 'මත්තල' බුදු පිළිමේ? වෙන ස්ථාන, දුප්පත් පන්සල් නැතුවද පිළිම වහන්සේ පූජා කරන්න? (අ)
මෝඩ කතා කියනවට හොද වැඩේ ලසන්ත. දැන් හැමෝම ඔයාට තමයි බනින්නේ (නි)
අසේල, කැනඩාවේ සීතල නිසා බෝ ගස් වැවෙන්නේ නැහැ. අවබෝධය තුලින් අන්‍ය ආගමිකයන් බුද්ධාගම වැලද ගත්තත් බෞද්ධයන් වෙන ආගම් වැලද ගත්තත් ප්‍රශ්නයක් නැහැ. නමුත් කිරි පැකට් එකක් දීලා, අහකදාන ඇඳුම් ටිකක් දීලා දුප්පත් අසරණ මිනිස්සුන්ව ආගමකට හරවන එක නම් හොඳ නැහැ නේද ? (නි)
පින් මතුවෙන දසුන් පෙළක්, ලංකාදීප පුවත් පතේ සියලු දෙනාටද මේ සියලු පින් සතුටින් අනුමෝදන් වේවා. නමෝ බුද්ධාය. (ස)
නියමයි (නි)
මත්තල ගුවන්තොටුපොළ ගැන ශ්‍රාවකයෝ අසන ප්‍රශ්න විසදා ගත්තද? (නි)
මෙච්චර ලස්සන දෙයක් ඇස්වලින් බලන්න අපි පින් කරලා තිබුනට, සමහර අය දාපු අදහස් බැලුවම දැනගන්න පුළුවන් තියෙන මෝඩකම. හාමුදුරුවන්ගේ ලස්සන හොයන්න ඕනෑ නැහැ ඔයාලගේ හිත පිරිසිදුව තෙරුවන් නමදින්න ඒ හොදටම ඇති!!! (නි)
අසේල මහත්තයා, ධර්මයට වදින ගාථාවේ තියනවා ඒහි පස්සිකෝ කියලා ගුණයක්. ඒ කියන්නේ ඇවිත් බලන්න කියලා. ඊට පස්සේ තියනවා පච්චත්තන් වේධි තබ්බෝ විඥ්ග්නෝ හොති. ඒ කියන්නේ ඤාණවන්තයෝ තම තමන්ගේ නැණ පමණින් අවබෝධ කර ගත යුතු බව. ඉතින් පැහැදිලියිනෙ. කිසීම බල කිරීමකින් තොරව ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවකින් තොරව ඒ අය පැහැදුණු නිසා අදහනවා. මම වැඩ කරන හොටෙල් එකට එන අයට මම බෞද්ධ කියලා කිවුවහම හැමෝම ගොඩක් සතුටු වෙනවා. මේ අයට අදහන්න පින් මදි වුනත් හදවතේ සාමය ඇති කරන ආගමක් හැටියට, නොඅදහන්නන්ට හිරිහැර නොකරන ආගමක් හැටියට බෞද්ධ ආගම ගැන සමහර අවාසනාවන්ත ලාංකිකයන්ටවත් නැති විශාල ගෞරවයක් තියනවා. හැමෝටම තෙරුවන් සරණයි... (නි)
අසේල, බුදුදහම විශ්ව ධර්මතාවය උගන්වන විද්‍යාවක්. මවන දෙයක්හෝ හද පළුවක් නෙමෙයි. නුවන ඇති මනසකින් අවබෝධ කළයුතු යථාර්තයක්. නමෝ බුද්ධාය! (නි)
මෙතෙන බෝ ගහකුත් හිටෙවනම් හරිම ලස්සනට තියේවි.(ස)
මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙමි. නමෝ බුද්ධාය.(ස)
හිත නිවන කතා.(ස)
බුදු දහම ලොව පුරා ප්‍රචාරය කරන එක හොඳයි. ඒත් මහමෙවුනා ක්‍රමය ගැන නම් මට පැහැදීමක් නැහැ. හේතුව මේක බාහිර පෙනුමට දෙන තැන වැඩියි ආධ්‍යාත්මික තැනට වඩා. (නි)
සාදු සාදු සාදු මහමෙව්නාවෙන් කරන මෙම ධර්ම දායාදයට දෙව් මිනිසුන්ගේ ආශීර්වාදය ලැබේවා ... (ස)
මේ සුදු හාමුදුරුවෝ හරිම සිල්වත් පාටයි. කැනඩාවේ තව තවත් සුදුහාමුදුරුවරු බිහිවේවා.. සාදු සාදු සාදු (ස)
ලසන්ත, මහා රහතන් කෙනෙකු වූ මුගලන් හිමි ඉතාමත්ම කළු රූප කායකට හිමිකම් කියූ කෙනෙක්. නමුත් කොතරම් පින්වන්තද? කොතරම් සිල්වත් වන්න ඇතිද? කල කර්ම මත සංස්කරණය වන රූප කාය නොව, සසර කෙටිකර ගැනීමට ඉවහල් වන 'මනෝ කාය' යි වැදගත් වන්නේ. කයෙහි වර්ණය හා පෙනුම නොව එහි නීරෝගී භාවය ගැන සැලකිලිමත් වන්න. ඒ නිසා ධර්මය ශ්‍රවනය කර ධර්මඥානය තවත් දියුණු කර ගන්න. තෙරුවන් සරණයි! (ස)
සුභපතනවා හොද වැඩක් (දී)
සිඩිනි ලංකාරාමේ සාදුත් ලසන්ත කීවා වගේ කෙනෙක්. අනික සල්ලි වලට සහ ලොකුකමට තමයි ලංකාරාමේ තැන.(නදී)
ලංකාවේ බුද්දාගම නැති වෙනවා , අනිත් රට වල බුදු දහම වැඩි වැඩියෙන් පැතිරෙනවා. (නි)
සනත්,කැනඩාවේ මහමෙව්නාවේ බෝ ගසකුත් තියෙනවා. (නි)
නිකන් මෝඩ කතා කියන්න එපා. ලසන්තගේ කතාව නම් හරියටම හරි. (නි)
බුදු සසුන බැබලේවා (දී)
අන්‍ය ආගමිකයෝ බෞද්ධයන්ව රවටාගන්න ඒ අය තොත්ත බබාල ද? යන එකා කොරහත් බිඳ ගෙන ලු යන්නේ. "හර්ෂ"කිරි පැකට් එකක් දීලා, අහක දාන ඇඳුම් ටිකක් දුන්නම ඕවට ඇයි නියම බෞද්ධයෝ නම් රැවටෙන්නේ? අනික මිනිසුන්ට කන්න බොන්න තමා ඕනෑ ජීවත් වෙන්න, ආගම නෙමේ. අනික ඕවා ඉතින් කාගේ වැරදී ද? මොකෝ ලංකාව කවදාවත් අන්‍ය ආගමිකයෝ පාලනය කරලා නැහැනේ. ඇයි ඉතින් ඕවට අන්‍ය ආගමිකයන්ට බනින්නේ? තව මොනවා කියන්නද? (නි)
මේ සුධු හාමුරුවරු කොච්චර ලස්සනද. දැක්කම හිතට සිසිලක් එනවා. ඒකට අපේ හාමුරුවරු. වැඩි හරියක් නිකන් ගොරිල්ලෝ වගේ. ඉතාම රවුද්‍ර පෙනුම් තියෙන්නේ. දැක්කම් බය හිතෙන්නේ. හිතට කිසිම පිරිසිදු හැඟීම් එන්නේ නැහැ. (ස)
ලසන්ත මහතාණනි. බුදු රදුන් වදාළේ කිං තේ වක්ඛලී ඉමිනා පූති කායේන කියලයි. මේ කුණු ශරීරෙන් ඇති වැඩේ කුමක්ද? ඔබගේ අදහස වැරදියි. නිවැරදිව දහමට අනුව සිතන්න.තෙරුවන් සරණයි. (නි)
සිතුවිලි පිරිසිදු නම් රුවත් ප්‍රියකරු වෙයි ස්වභාවයෙන්ම.(ස)
සාදු සාදු , අපේ මහා මෙව්නාව ලෝකෙම ප්‍රසිද්ධයි. ආඩම්බරයි. (ස)
ලසන්ත, ඔය වගේ දේවල් කටට ආවට කියලා පවු කර ගන්න එපා. සිල්වත් කම මනින්නේ මූනේ පෙනුමෙන් නෙමේ. වැඩිය ඕනේ නෑ අර ඒ හිමියන්ට පිටු පසින් වඩින හිමි දෙනාම දිහා බලන්න. ඒ ලංකාවේ හාමුදුරුවරු නෙමේද ? අනික මහා සඟ රත්නයේ සිල්වත් කම මනින්න ඔයාට පුලුවන්ද. එක හාමුදුරු කෙනෙකුට උනත් අපහාස කිරීම මහා සඟ රත්නයටම අපහාස කිරීමක්. සඟ රත්නයේ සිල්වත් කම ගැන බුදු දහම අනුව තේරුම් ගන්න ඕනෙනම් අති පූජනීය රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ "ධර්ම විනිශ්චය" පොත කියවන්න.(ස)
ලසන්ත,මට අපහාස කරන්න එපා. ලංකාවේ හාමුදුරුවරු කොහොමද මම වගේ වෙන්නේ? අනික ලසන්ත ලංකාවේ අය කොහොමත් සුදු නැහැනේ.ඔයා ඒකවත් දන්නේ නැද්ද?අපේ හාමුදුරුවරු සේරෝම එක වගේ නැහැ. (නි)
ලුම්බිණි, ඉතින් කොහොමත් යන්නේ පල්ලියටනේ. හැමෝම ඒක දන්නවා. දැන් වෙන නමක් දාගන්න (නි)
හොද දසුනක්, මේ ආයතනයට මමත් කැමතියි. සරලව සිංහලෙන් දහම කියාදෙන නිසා ඕනෑම අගමිකයෙකුට තේරුම් ගන්න පහසුයි (නි)
කැනඩාවේ පමණක් නොව ලොව පුරාම බුදුදහම ප්‍රචාරයට මහමෙව්නාව කරන සේවය ඉතා අගෙයි.ලොකු ස්වාමින් වහන්සේ හට මෙම පිනෙන් චාතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ! මාගේ නමස්කාරය වේවා! (නි)
මහමෙවුනා ක්‍රමය ගැන නම් මටත් පැහැදීමක් නැත, නමෝ සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ. (ස)
නමෝ බුද්ධාය! (නි)
ලසන්ත, ස්වාමීන් වහන්සේලාට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙකුට නිකරුනේ නිග්‍රහ කිරීම පාපයක්. ලකුන්ටක භද්ධිය ස්වාමීන් වහන්සේ මිටි, කළු තෙරුන් වහන්සේ කෙනෙක්. අනෙක් ස්වාමීන් වහන්සේලා උන් වහන්සේගේ කනෙන් මිරිකන බව දැනගෙන බුදු රජාණන් වහන්සේ ලකුන්ටක භද්ධිය තෙරණුවන් රහතන් වහන්සේ නමක් බව වදාළ විට තමයි අනෙක් අයගේ ඇස් ඇරුණේ. ඉතින් පෙනුමෙන් වැඩක් තියෙනවද ? (නි)
කැනඩා වල අධික සීතලට බෝ ගස් වැවෙන්නෙ නැහැ නේද? සුද්දෝ අන්‍ය ආගමිකයෝ නෙමේද? අන්‍ය ආගමිකයන්ට බුද්ධාගම වැළඳ ගන්න හොඳද? බෞද්ධ අයට වෙන ආගම වලට යන්න බැරිද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
යහජීව හරි. මහමෙවුනා අසපුවට සම්බන්ධ හැමෝම මහමෙව්නා නොවන ස්වාමින් වහන්සේ විවේචනය කිරීම පුරුද්දක් කරගෙන. "තමන් ශ්‍රේෂ්ඨයි අනුන් පහත්ය" යන බුද්ධ දේශනාව අනුව එසේ හිතන ගිහි පැවිදි හැමෝම යන්නේ නිරයට. (නි)
ලසන්ත, ඔයා කියන විදියට මුගලන් මහරහතන් වහන්සෙත් දුසිල්වත්ද? ශරීරයෙ පාට වෙනස් වෙන්නෙ ජාන අනුවයි. ඔයාගේ අදහස අනුව ලොකේ සිල්වත්ම අය මැලරින් මොන්රෝයි, ඇන්ජ්ලිනා ජොලී වගේ නිලියන්ද? ඔවැනි නූගත් අදහස් ලියලා මිනිසත්කමට අපහාස කරන්න එපා. (නි)
"ඒකට අපේ හාමුරුවරු. කොහොම බන කියනවද කියාලා හිතා ගන්ඩ අමාරුයි. (අ)
දොන් පරාක්‍රම, තමන් දාගෙන ඉන්න කණ්ණාඩියේ පාට අනුව තමයි අපිට හැම දේම පෙන්නේ. ඔබතුමා තෙරුවන් සරණයාමට ලංකාරාමෙට යන්න. හාමුදුරුවන්ගේ ලස්සන බලන්නවත් තැන ගන්නවත් පන්සල් යන්න එපා. එතකොට අසහනයක් සිතට එන්නේ නැහැ. නමෝ බුද්ධාය.(නදී)
නමෝ බුද්ධාය!බොහොම පින්! (නි)
යහජීව,ඔයාගේ වචන වලට ගොඩක් පින් .ගොඩක් අය පව් පුරවා ගන්නවා මහා සංඝ රත්නයට බැනලා.එයාලා හිතනවා අපි හැමදේම දන්නවා කියලා.මහා සඟ රුවන කියන්නේ තුන් කාලයටම අයත් සඟ පිරිස .බෞද්ධයෙක් වුණහම බුදු දහමේ සරල කරුණු ටිකවත් දැන ගන්න ඕනෑ.නැත්නම් අපි දන්නෙම නැතුව පව් පිරෙනවා. (නි)
ඔය එක සාදු කෙනෙකුගෙන් අහන්න බලන්න ලන්කවට ගිහින් පන්සලක ඉන්න පුලුවන්ද කියලා,(අ)
සිල්වත්කම හිතේ තියෙන හාමුදුරුවරු පෙනුමෙන් ඉතාම ශීලවන්තයි. ඔවුන්ගේ හැසිරීමෙන් හිතේ තියෙන සිල්වත්කම ඉබේම පෙනෙනවා. නමුත් මෑතක දැකපු කලහකාරීව හැසිරුණු කට්ටිය දැක්කහම ලසන්ත එහෙම කිවුවේ ඇයි කියලා මටනම් හිතාගත හැකියි. (නි)
කැනඩාවේ සෑම ආගමක් සදහාම නිදහස තියෙනවා. ඇයි ලංකාවේ අයට බැරි? (නි)
ලංකාවේ අපිට සුදු නම් ඕනෑ දෙයක් ඉහලින්ම පිලිගන්නවා. ලංකාවේ දෙයක් නම් ජරාවක්. ඔය ලෙඩේ තියන ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ අය ලංකාවේ ඉන්නේ බටහිර රටකට වීසා ලැබෙනකන් හීන මවමින්. අපේ හැම දෙයටම ගරහමින්. තවත් අය ඉන්නවා ඉන්දියාවට,තමිල්නාඩුවට වදිමින් ආදරය කරමින් ඔවුන්ගේ සිහින රාජධානිය ඉන්දියාව විසින් ලක් පොලවේ ඉදිකර දෙන තුරු. තවත් කට්ටියක් ඉන්නවා සෞදි අරාබියට වදිමින් ඔවුන්ගේ සිහින රාජ්‍ය ලක් පොලවේ ඉදිවෙන තුරු. මේ හැමටම කියන්නට වෙන්නේ ඔබලාගේ සිහින රාජ්‍යන් මේ ලක් පොලවේ ඉදිනොවෙන බවය. කරුණාකර ළිදෙන් වතුර බී මුහුදට ආවඩන්නේ නැතුව දහවල් සිහින දකිමින් මේ රටට ගරහන්නේ නැතුව මේ ලංකාව අප හැමගේ රට යන හැගීමෙන් මේ රට සුරපුරයක් කර අනාගත පරපුරට මෙය බාරදෙමු කියන හැගීමෙන් යමක් කරන ලෙසය. (නි)
ලසන්ත සුදු හමට ප්‍රිය කරන කෙනෙක් වගේ. බුදු දහමේ හැටියට මිනිසුන්ගේ වර්ණය උස මහත, මොන රටෙන් ද කියන එක බලපාන්නේ නැහැ. ඔවුන් බෞද්ධයන් නම්, බුදු පුතුන් නම් , අපි කළ යුතු වන්නේ ඔවුන්ට ගෞරව කිරීමත් වන්දමාන කිරීමත් මෙවැනි දේවල් අගය කිරීමත්ය. (නි)
මිනිසුන් යහමගට ගන්න හොද වැඩක් (දී)
කැනඩාව හොද බෞද්ධ රටක්
තෙරුවන් සරණයි . සාධු....
අසේල, ඔබතුමා හරි කන්න බොන්න තමා ඕනෑ ජීවත් වෙන්න. ඒක තිරිසනුන්ටත් මිනිසුන්ටත් පොදු දෙයක්. මිනිසුන්ට කන්න බොන්න නැතුව දුප්පත්කමින් අසරණ වුනහම ආගම වෙනස් කරලා හරි ඔවුන්ගේ මුලික අවශ්‍යතාවය සපුරා ගන්න පෙළඹෙනවා. ඒකට තොත්ත බබාලා වෙන්න ඕනෑම නැහැ. මේ අසරණ මිනිස්සුන්ගේ දුප්පත්කමින් ප්‍රයෝජනය අරගෙන අවස්තාවාදී ලෙස වෙනත් ආගම් වලට හරවා ගැනීමයි නින්දිත. අසේල, බෞද්ධයෝ දුප්පත් මිනිස්සුන්ට උපකාර කරන්නේ බුද්ධාගමට හරවගන්න නෙවෙයි. අබෞද්ධයනුත් එහෙම කලොත් තමයි හොඳ.වෙනත් රටවල බෞද්ධ පන්සල්වලට විදේශිකයන් එන්නේ ඔවුන් අදහන ධරමයේ අසත්‍ය බවත් බුද්ධ ධර්මයේ සත්‍ය බවත් අවබෝධයෙන්. එහෙම නැතුව කිසිම රටක බෞද්ධයන් ගෙයින් ගෙට යමින් බුද්ධාගම කැන්වසින් කරන්නේ නැහැ. එක එක ආධාර දෙමින් බුද්ධාගමට බැඳෙන්න කියන්නේ නැහැ. (නි)
සාදු සාදු සාදු ! ජපානයටත් මහමෙව්නාව පන්සලක් අවශ්‍යයි.ලොකු හාමුදුරුවන්ට ජපානයේත් පන්සලක් හදන්න වාසනාව ලැබේවා. (නි)
මට නම් පෙනෙන්නේ සුදු හාමුදුරුවෝ නැතුව අනිත් දෙන්නා පමණක් සැහැල්ලු මනසකින් වගෙයි. මගේ සිංහල සිතුවිලි හින්දා මගේ මනස පටු ද කියලත් හිතෙනවා. (නි)
සුභපැතුම්