උතුරේ නිවාස ඉදිකිරිම සඳහා පිහිට වු රාඩා ආයතනයේ සිදුවී යැයි කියන මිලියන 167 ක මුදල් වංචාව සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු තිදෙනෙකුට එරෙහිව නිතිපති විසින් ගොනු කැර තිබු නඩුවේ අධි චෝදනා ගොනු කළ හැකිද නැද්ද යන්න අර්ථනිරූපණය මෙතෙක් ලැබී නැති හෙයින් නඩුව නොවැම්බර් 2 වැනි දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (6) නියෝග කළාය.
මීට පෙර සැකකරුවන්ට අධිචෝදනා බාර දෙන අවස්ථාවේ ටිරාන් අලස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට පැවසුවේ මින් පෙර කළ විමර්ශණයට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් අලස් මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවයි. අනතුරුව අතුරු තහනම් නියෝග නිකුත් කරමින් ඔහුට එරෙහිව අධි චෝදනා ගොනුකිරිම නිත්‍යානුකුල නොවන බව ද ඔහු කීවේය.
මහාධිකරණයේ නඩු පැවතීමට හැකිද නැද්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපණය ඔක්තෝබර් 10 වැනි දා ලබාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ලක්ෂ 1670 ට මොකද වුනේ? (බ)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
අනේ නඩු දන්නා එපා (හේ)
දැනටමත් එයා නිදොස් වී නිදහස් වී අවසානයි !!! (හේ)