
(සුජිත් හේවාජුලිගේ)
මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ඩුබායිහි සිටින පාතාල නායකයකුදුරකතන ඇමැතුමක්දී මරණ තර්ජන කර ඇතැයි ඔහු වැඩබලන පොලිස්පතිවරයාට පෞද්ගලිකවම පැමිණිලි කර තිබෙන බව වාර්තාවේ.
ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද දැනගන්නට ඇත.
ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී පාතාල නායකයඅන් හා පාතාල සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව සදහන් කරමින් පාතාල නායකයා අලස් මහතාට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබාදී මෙසේ මරණ තර්ජන කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය
ටිරාන් අලස් මහතාට පාතාල නායකයෙකු මීට පෙරද මරණීය තර්ජන කර තිබිණ.
මේ සිද්ධියෙන් පසු ටිරාන් අලස් මහතාගේ අාරක්ෂාව තවදුරටත් තර කිරීමට කටයුතු කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට තියන නඩු ටික ඉක්මණට අහලා හිරේ දැම්මා නම් ඉවරයිනේ... එතකොට ආරක්ෂාව ඉබේම ලැබෙනවානේ...
හැබෑද? තමාට විරුද්ධව යන පරීක්ෂණ වල අවධානය වෙනතකට හරවන්න උත්සහ කරනවා නෙමේ නේද ?
දෙමටගොඩක් තියෙන පැත්තේ පාතාල, කුඩු මුදලාලිගෙන් ආරක්ෂාව ඉල්ලගත්තනම් ඉවරයිනෙ.
කොටි ත්‍රස්තවාදී එක්ක පාතාලයොත් එක්ක ඩීල් දාපු එකෙක් නෙමෙයි මෙයා . යකුන්ගෙන් වැඩ ගත්තම ඔහොම වෙනවා
පව් දෙයියනේ ....ඒ අහිංසකයට තමයි ඔක්කොම කරදර වෙන්නේ...
නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා පාතාලයට හිතෙනවා ඇති ඉවසුවා ඇති කියලා. LTTE එකට සල්ලි දුන්නු එකේ ඉඳලා මෙයාගේ නම ගෑවුණු කිසිම සිද්ධියකට නීතිය ක්‍රියාත්මක වෙලා නෑනේ තවම...
පාතාලයෙක්ට, පාතාලයෙක්ගෙන් තර්ජන...