හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී තිබියදී මහාධිකරණය හමුවේ ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි ද යන්න පිළිබඳ අර්ථ නිරූපණයක් ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 10 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) තීන්දු කළේය.
ඊවා වනසුන්දර, උපාලි අබේරත්න, සිසිර ද ආබෘෘ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවුණු අතර රාඩා ආයතනයේ මුදල් වංචා කළැයි චෝදනා නගමින් තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ටිරාන් අලස් මෙම පෙත්සම ගොනු කැර තිබිණි.
එම පෙත්සම සලකා බැලූ අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කළේය.
උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීම සඳහා මහාභාණ්ඩාගාරය හා ජනපති ලේකම් කාර්යාලය හරහා ලබාදුන් රුපියල් මිලියන 200ක් අවභාවිත කළැයි අධි චෝදනා හතක් යටතේ ටිරාන් අලස්ට එරෙහිව නීතිපතිවරයා පසුගියදා කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන්ට පමණක් දඬුවම් දෙන, දුෂිත දේශපාලුවන්ට රැකවරණය දෙන සියලුම දෙනාට වහින ගොරවන වෙලාවට කොහේ හෝ හැංගී හිටියත් ගැළවෙන්නට නොහැකිවේවා කියා පතමි (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)