උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ (රාඩා) හිටපු සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු සිව් දෙනකු නොවැම්බර් 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (2) නියෝග කළාය.
රාඩා ආයතනයට රජයෙන් දුන් රුපියල් විසිකෝටියක් වංචා කළැයි ප්‍රතිසංවිධානයේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු වන එමිල්කාන්තන්, රාඩා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමතුංග හා අාචාර්ය ජයන්ත ඩයස් සමරසිංහ ටිරාන් අලස් සමඟ රිමාන්ඩ් කරනු ලැබූහ.
නඩුවේ සැකකරුවකු වන එල්ටීටීඊයේ හිටපු සාමාජිකයකු බව කියන එමිල් කාන්තන් විදේශයක සිටින නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කැරිණි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණ වලින් පසුව ඔවුනට විරුද්ධව නිතිපති විසින් අධි චෝදනා ගොනු කැරිණි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ පරික්ෂණ සිදු විය..



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ගියා හොඳටම වැඩියි මෙයාව අත්අඩංගුවට ගන්න.(ම)
ඇත්තටම එදා දවසේ මහජන මුදල් වංචාකළ බලවතුන්ට ඉහළිස් කපුටෙකුටවත් පියාඹන්න බැරුව තිබු යුගය ගැන බලනවිට දෑතට මාංචු වැටී ටික කලකට හෝ රිමාන්ඩ් කිරීමම ජනතාව ලද ජයක්. (නි)
කලකල් දේ පල පල දේ. (අ)