රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා නිම නොකල රන් අභරණ සගවාගෙන ඉන්දියාවේ ට්‍රිචී නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද සවස අත් අඩංගුවට ගත් බව රේගු මාධය ප්‍රකාශක රේගු නිති අංශයේ අධයක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකාරියෝ කොළඹ ප්‍රදේශයේ පදිංචි බවත් ඔවුහු වයස අවුරුදු 40 සහ 45 වන වියේ පසුවන බව රේගුව කියයි.
මොවුන් දෙදෙනා නිම නොකළ රන් මාල දෙකක්, නිම නොකළ වළලූ 04 ක් රැගෙන යාමට උත්සහ කල බව රේගුව කියයි.
එහි බර ග්‍රෑම් 505 කි.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 135 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචී නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන සරෝජ් චන්ද්‍රසේන, අචල චන්ද්‍රසේකර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල කුමාර, වී කුලසේකර, නිරෝෂා විජේතුංග, රොහාන් ප්‍රනාන්දු, ලසන්ත පෙරේරා, කේ.එච්.ජී.ජී චාමර යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලන් අල්ලන් පදමට අල්ලන් ඇල්ලුවේ නැත්තන් තියෙන ටිකත් නැහැ.(නදී)