පේරාදෙණිය වෛද්‍ය ප්‍රදර්ශනයේ ව්‍යාජ හැඳුනුම්පතක් පැළඳ ජනතාව හසුරුවමින් සිටි අයෙක් 29 දින සවස ප්‍රදර්ශන භූමියේදී පේරාදෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර අරුප්පල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 පුද්ගලික පන්ති පවත් වන තරුණයෙකි. ගම්පොළ ප්‍රදේශයේ ඔහු තම පන්ති පවත්වාගෙන යන අතර සිසුන්ට ප්‍රකාශ කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති බවත් ප්‍රදර්ශනය නැරඹීමට සියලුම සිසුන්ට පැමිණෙන ලෙසත්ය. ඒ අනුව සිසුන් තිහක් පමණ බස් රථයකින් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇත. ඒ අනුව ඔහු සිසුන්ට පෙනෙන ආකාරයට ජනතාව පෝලිම හැසිරවීම ආදී සංවිධාන කටයුතු සිදු කර ඇති අතර මේ අවස්ථාවේදී වෛද්‍ය සිසුන් දෙදෙනකුට මොහු ගැන සැක සිතී පොලිසියට දැනුම් දීම අනුව පොලිස් ස්ථානාධිපති කමල් ආරියවංශ මහතා විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. ඔහු පැළඳ සිටි හැදුනුම් පත පරික්ෂා කිරීමේදී එය ව්‍යාජ බව වෛද්‍ය විද්‍යාල පීඨාධිපති මහාචාර්ය ළමාවංශ මහතා සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරන්දි මේ මන්ද මානසිකයෙක් නොවේ අන් ගිලපු කපටි නරියෙක්. මෙයා වෛද්‍ය ශිෂ්‍යෙයක් කියල තමයි ටියුෂන් දෙන්නේ. රඟ පෑම කලේ තව තව ළමයි අද්දවා ගන්ට.(නදී)
මේ වගේ අයට තමයි කියන්නේ මන්ද මානසික අය මෙහෙමත් අය ඉන්නවානේ (ම)
හැමදාම අනුන් රවටාගෙන ජීවත් වෙන්න නොහැකියි. අවසානයේ දී රැවටෙන්නේ තමුන්මයි. (ම)
අපේ කෙනෙක් නෙවේ නේද?(ම)
සක්විති පැටියෙක්.(ම)
මෙයාව උසස් අධ්‍යාපන ඇමති කරන්න වටිනවා. හිටපු අධ්‍යාපන ඇමතිත් ටියුෂන් ගුරෙක්ලුනේ (ම)
මෙවැනි පුද්ගලයකු බෙන්තර ද සිටී. ඔහුද කොළඹ මෙඩිකල් පකල්ටි එකේ ස්ටුඩන්ට් කෙනෙක් යැයි පවසා පංති පවත්වයි.