IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ටියුෂන් ගුරාගේ රඟපෑම වරදී

පේරාදෙණිය  වෛද්‍ය  ප්‍රදර්ශනයේ ව්‍යාජ හැඳුනුම්පතක් පැළඳ  ජනතාව හසුරුවමින් සිටි  අයෙක් 29  දින සවස ප්‍රදර්ශන භූමියේදී පේරාදෙණිය පොලිසිය  විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  මහනුවර  අරුප්පල ප්‍රදේශයේ  පදිංචි  වයස අවුරුදු 23  පුද්ගලික  පන්ති පවත් වන  තරුණයෙකි.  ගම්පොළ ප්‍රදේශයේ  ඔහු  තම පන්ති පවත්වාගෙන යන අතර සිසුන්ට  ප්‍රකාශ කර ඇත්තේ   විශ්ව විද්‍යාලයේ  අධ්‍යාපනය  හදාරා  ඇති බවත් ප්‍රදර්ශනය නැරඹීමට සියලුම සිසුන්ට පැමිණෙන  ලෙසත්ය.  ඒ  අනුව සිසුන් තිහක්  පමණ බස් රථයකින්  ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇත. ඒ අනුව  ඔහු  සිසුන්ට පෙනෙන ආකාරයට  ජනතාව පෝලිම හැසිරවීම ආදී  සංවිධාන  කටයුතු  සිදු කර ඇති අතර මේ අවස්ථාවේදී වෛද්‍ය සිසුන් දෙදෙනකුට මොහු  ගැන සැක සිතී පොලිසියට දැනුම් දීම අනුව පොලිස් ස්ථානාධිපති  කමල් ආරියවංශ  මහතා විසින් සැකකරු අත් අඩංගුවට ගෙන  ඇත.  ඔහු  පැළඳ සිටි  හැදුනුම් පත  පරික්ෂා කිරීමේදී  එය ව්‍යාජ බව වෛද්‍ය විද්‍යාල පීඨාධිපති මහාචාර්ය  ළමාවංශ මහතා සඳහන් කරයි.

Medi_2015830id

                      



අදහස් (7)

ටියුෂන් ගුරාගේ රඟපෑම වරදී

සුකිරි Sunday, 30 August 2015 12:17 PM

ඉසුරන්දි මේ මන්ද මානසිකයෙක් නොවේ අන් ගිලපු කපටි නරියෙක්. මෙයා වෛද්‍ය ශිෂ්‍යෙයක් කියල තමයි ටියුෂන් දෙන්නේ. රඟ පෑම කලේ තව තව ළමයි අද්දවා ගන්ට.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 30 August 2015 06:50 AM

මේ වගේ අයට තමයි කියන්නේ මන්ද මානසික අය මෙහෙමත් අය ඉන්නවානේ (ම)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 30 August 2015 07:07 AM

හැමදාම අනුන් රවටාගෙන ජීවත් වෙන්න නොහැකියි. අවසානයේ දී රැවටෙන්නේ තමුන්මයි. (ම)

:       0       0

මොහොමඩ් Sunday, 30 August 2015 07:08 AM

අපේ කෙනෙක් නෙවේ නේද?(ම)

:       0       0

ධම්ම Sunday, 30 August 2015 07:29 AM

සක්විති පැටියෙක්.(ම)

:       0       0

පෙරුමාල් Sunday, 30 August 2015 08:26 AM

මෙයාව උසස් අධ්‍යාපන ඇමති කරන්න වටිනවා. හිටපු අධ්‍යාපන ඇමතිත් ටියුෂන් ගුරෙක්ලුනේ (ම)

:       0       0

aGyan Dileep Bandara Wednesday, 14 December 2022 05:49 AM

මෙවැනි පුද්ගලයකු බෙන්තර ද සිටී. ඔහුද කොළඹ මෙඩිකල් පකල්ටි එකේ ස්ටුඩන්ට් කෙනෙක් යැයි පවසා පංති පවත්වයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site