බදුල්ලේ ඇතැම් පාසල් ගුරුවරුන් එළිපිට ටියුෂන් පන්ති කරනවා. සමහරු උදේ නිවාඩු දාලා සවසට ඇවිල්ලා එම නිවාඩු ඉල්ලුම් පත්‍රය ඉරා විසි කරනවා. පාසල් විනය අන්තයටම කඩා වැටිලා. පාසල් දරුවන් අනාථවෙලා යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය
ඌව පළාත් ශ්‍රවණාගාරයේ අධ්‍යාපන සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අමාත්‍යවරයා එසේ කීය අමාත්‍යවරයා මෙසේ ද කීය. මේ පෞද්ගලික පන්ති කෙරුවාව හැමෝම කරන්නේ නැහැ. ඊට ඇබ්බැහි වු කීපදෙනකු නිසා පාසල් කඩා වැටෙනවා. පාසල්වල සිසු ගුරු විනය පිරිහිලා. අපට මේ ගැන මව්පියන් පැමිණිලි කළත් ඒ ගැන සොයන්න කිසිම අධීක්ෂණයක් කරන්න බැහැ. පාසලේ ඉන්නේ කවුද අත්සන් කරල පාසලෙන් යන්නේ කවුද සොයලා බලන්න, නොදන්වා පාසලට කඩා පනින්න. මීට ප්‍රධාන හේතුව අධීක්ෂණයක් නොමැති කමයි. ඒ නිසා මාසෙකට සැරයක්වත් නිලධාරීන් පාසල්වලට පැමිණිය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අධ්‍යාපන ඇමති හරියට පතොල වගේ. අධ්‍යාප රැස්වීම් වලට ඇවිත් කියන දේ කරන්නේ නැහැ. එයත් ටියුෂන් මාස්ටර් කෙනෙක්නෙ. නිමල් ඇමති තුමා කියනදේ හරියටම හරි. ඇමති තුමාගේ බදුල්ලේ ස්ම්බන්ධීකරන ලේකම් තුමත් ඕක දන්නවා. අපේ ළමයි. මේ ටියුෂන් මුදලලිලගෙන් බේරලා දෙන්න. ඔබට පින් (අ)
සහතික ඇත්ත...ඕක අද ඊයේ වුන දෙයක් නම් නෙවෙයි..හැබැයි ඉතින් ඒ ගුරුවරු කොයි වෙලෙත් දේශපාලකයන්ගේ පස්සෙම තමයි..ඉතින් කවුරුත් විරුද්ධව කථා කරන්නේ නැහැ. ඇමතිතුමා ඔහොම කිව්වට එතුමා පස්සේ ගිය අයත් ඔතන ඉන්නවා. (අ)
හොද දේට හොදයි කියමු අධ්‍යාපන බලධාරීන් දැන්වත් ඇස් ඇරියොත් හොදා නේද ?(දිල්)