IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ටයිම් අවුට් න්‍යායෙන් මැතිව්ස් අවුට්

(යොහාන් භාසුර, දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට...)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව නියමිත කාලය තුළ පන්දුවට පහර නොදීමේ වරදට හසුව අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී දැවී ගිය පළමු පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් මීට සුළු මොහොතකට පෙර දැවී ගියේය.

සදීර සමරවික්‍රම දැවී යාමෙන් පසුව මැතිව්ස් තණතීරුව පැමිණ විනාඩි දෙකක් තුළ පන්දුවට පහර නොදීම හේතුවෙන් බංග්ලාදේශ පිල කළ ඉල්ලීමකට අනුව ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස විනිසුරු නම් කළේය. සදීර පස්වරු 3.49 ට දැවී යාමෙන් පසුව මැතිව්ස් 3.54 වන විටත් පන්දුවට පහර දීමට සූදානම්ව නොතිබුණු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.

මැතිව්ස් තණතීරුවට පැමිණ පන්දුවට පහර දීමට පෙර හිස් ආවරණය මාරු කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් නීතියට අනුව ලෝක කුසලාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කඩුල්ලක් බිඳවැටීමෙන් පසුව ඊළඟ පිතිකරු විනාඩි දෙකක් තුළ පන්දුවට පහර දිය යුතුය.

 



අදහස් (11)

ටයිම් අවුට් න්‍යායෙන් මැතිව්ස් අවුට්

hemantha Monday, 06 November 2023 07:09 PM

මැතිව්ස්ට දෙවි පිහිටයි...!

:       3       11

චන්දිම ෆොන්සේකා Monday, 06 November 2023 07:46 PM

මෙතන මේ වෙලා තියෙන්නේ බංගලියෙක් ලෙඩේ ඇදලා මැතිව් විනාඩි තුනක් පරක්කු වුණා කියලා අවුට් කරන්න කියලා.. මොකද එයා හොඳට ගහන නිසා. ඔන්න ඕක තමයි උපතින්ම සහ ක්‍රියාවෙන්ම තියෙන වසල ගතිය කියන්නේ. කවදාවත් වෙන කිසිම ටීම් එකක කෙනෙක් ඔහොම ලෙඩ අදින්නේ නැහැ. මතකනේ ඩොනල්ඩ් බ්‍රඩ්මැන්ලා, ක්ලයිව් ලොයිඩ්ලා... ඇලන් බෝඩර්ලා, ක්‍රිස් ගේල්ලා වගේ මිනිස්සු නියම මහත්වරු. මොවුන් නිකම්ම නිකම් නීචයෝ වගයක්....!

:       0       0

රංබොඩ Monday, 06 November 2023 07:50 PM

රීබෝන් දෙවියන් පල්ලා මේ ඇහුවමයි

:       0       0

pakeer Monday, 06 November 2023 08:25 PM

දැන් ඉන්න එවුන් ක්‍රිකට් ගැහුවට අඩු ගානේ නීති වත් දන්නේ නැහැ .අපේ බූරුවෝ තාම ක්‍රිකට් බලනවා

:       0       0

ජගත් ලියනගේ Monday, 06 November 2023 10:37 PM

නීතිය නොදැනීම නිදහසට හේතුවක් නොවේ ..

:       0       0

Anura Tuesday, 07 November 2023 08:21 AM

කොල්ලා කල්පනා කරලා රටේ නම තියන්න රෙකෝඩ් එකක් තිබ්බට තෑන්ක්ස් බ්‍රෝ

:       0       0

Bunny Preena Tuesday, 07 November 2023 09:05 AM

මැතිවුස් හරි වෙනයම් ක්‍රීඩකයෙකු හරි ක්‍රීඩිකාවක යම් නීති මාලාවක් තියෙනවානම් එවාට ගරු කල යුතුයි, අනුගමනය කල යුතුයි. ඔහු දැවී යන්නෙ එම නීතිවලට අනුකූලවයි. ඒ් නිසා වෙන කාටවත් ඇගිල්ල දික්කරල හරි යන්නෙ නැහැ.

:       0       7

Senarath Tuesday, 07 November 2023 09:09 AM

එහෙම නිතියක් තියෙනවනම්, එ තිරනය ඉතාම නිවරදි. ජේස්ඨ ර්‍ක්‍රඩකයෙක් ලෙස ඔහු එ නිතිය පිලිබදව දැනුවත් වෙන්න ඔනෙ.

:       0       6

ashok Tuesday, 07 November 2023 10:06 AM

ගහන්න ගිහින් අවුට් උනොත් නෝන්ඩි දැන් වැරදිකාරයො ගොඩයි. කොහොමද ටිකිරි මොලේ?

:       0       0

Perera Tuesday, 07 November 2023 10:45 AM

ලංකාවේ නීතිය නැහැනේ ,ඉතින් ක්‍රිකට් වලටත් නීතියක් නැහැ කියලා හිතන් ඉන්න ඇති

:       0       0

අයි.පී.ඒස්.ටී.සම්පත් Tuesday, 07 November 2023 12:43 PM

නීති ගැනත් දැනුවත් වෙන්න ඔීනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site