
(යොහාන් භාසුර, දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව නියමිත කාලය තුළ පන්දුවට පහර නොදීමේ වරදට හසුව අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී දැවී ගිය පළමු පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් මීට සුළු මොහොතකට පෙර දැවී ගියේය.
සදීර සමරවික්‍රම දැවී යාමෙන් පසුව මැතිව්ස් තණතීරුව පැමිණ විනාඩි දෙකක් තුළ පන්දුවට පහර නොදීම හේතුවෙන් බංග්ලාදේශ පිල කළ ඉල්ලීමකට අනුව ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස විනිසුරු නම් කළේය. සදීර පස්වරු 3.49 ට දැවී යාමෙන් පසුව මැතිව්ස් 3.54 වන විටත් පන්දුවට පහර දීමට සූදානම්ව නොතිබුණු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.
මැතිව්ස් තණතීරුවට පැමිණ පන්දුවට පහර දීමට පෙර හිස් ආවරණය මාරු කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් නීතියට අනුව ලෝක කුසලාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කඩුල්ලක් බිඳවැටීමෙන් පසුව ඊළඟ පිතිකරු විනාඩි දෙකක් තුළ පන්දුවට පහර දිය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිව්ස්ට දෙවි පිහිටයි...!
මෙතන මේ වෙලා තියෙන්නේ බංගලියෙක් ලෙඩේ ඇදලා මැතිව් විනාඩි තුනක් පරක්කු වුණා කියලා අවුට් කරන්න කියලා.. මොකද එයා හොඳට ගහන නිසා. ඔන්න ඕක තමයි උපතින්ම සහ ක්‍රියාවෙන්ම තියෙන වසල ගතිය කියන්නේ. කවදාවත් වෙන කිසිම ටීම් එකක කෙනෙක් ඔහොම ලෙඩ අදින්නේ නැහැ. මතකනේ ඩොනල්ඩ් බ්‍රඩ්මැන්ලා, ක්ලයිව් ලොයිඩ්ලා... ඇලන් බෝඩර්ලා, ක්‍රිස් ගේල්ලා වගේ මිනිස්සු නියම මහත්වරු. මොවුන් නිකම්ම නිකම් නීචයෝ වගයක්....!
රීබෝන් දෙවියන් පල්ලා මේ ඇහුවමයි
දැන් ඉන්න එවුන් ක්‍රිකට් ගැහුවට අඩු ගානේ නීති වත් දන්නේ නැහැ .අපේ බූරුවෝ තාම ක්‍රිකට් බලනවා
නීතිය නොදැනීම නිදහසට හේතුවක් නොවේ ..
කොල්ලා කල්පනා කරලා රටේ නම තියන්න රෙකෝඩ් එකක් තිබ්බට තෑන්ක්ස් බ්‍රෝ
මැතිවුස් හරි වෙනයම් ක්‍රීඩකයෙකු හරි ක්‍රීඩිකාවක යම් නීති මාලාවක් තියෙනවානම් එවාට ගරු කල යුතුයි, අනුගමනය කල යුතුයි. ඔහු දැවී යන්නෙ එම නීතිවලට අනුකූලවයි. ඒ් නිසා වෙන කාටවත් ඇගිල්ල දික්කරල හරි යන්නෙ නැහැ.
එහෙම නිතියක් තියෙනවනම්, එ තිරනය ඉතාම නිවරදි. ජේස්ඨ ර්‍ක්‍රඩකයෙක් ලෙස ඔහු එ නිතිය පිලිබදව දැනුවත් වෙන්න ඔනෙ.
ගහන්න ගිහින් අවුට් උනොත් නෝන්ඩි දැන් වැරදිකාරයො ගොඩයි. කොහොමද ටිකිරි මොලේ?
ලංකාවේ නීතිය නැහැනේ ,ඉතින් ක්‍රිකට් වලටත් නීතියක් නැහැ කියලා හිතන් ඉන්න ඇති
නීති ගැනත් දැනුවත් වෙන්න ඔීනි.