සල්මාන් ඛාන් රංගනයෙන් දායක වීමට කැමැත්ත පළ කර ඇති සිය අලුත්ම චිත්‍රපටය සඳහා පසුගිය දින කිහිපය තුළදී බොලිවුඩයේ අංක එකේ සිනමා නිළි දීපිකා පදුකෝන් සම්බන්ධ වූ පුවතක් වාර්තා වුවද ඇය ඊයේ දිනයේදී මාධ්‍යය අමතමින් පවසා තිබුණේ, "ටියූබ්ලයිට්" චිත්‍රපටය සඳහා තමා ගිවිසුම් අත්සන් නොකළ බවයි. තමාට එම චිත්‍රපටය සඳහා සම්බන්ධ වීමට ආරාධනා ලැබී ඇතිමුත්, "ටියුබ් ලයිට්" චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා ලබාදී ඇති දින තුළ ඇය සංජය ලීලා බන්සාලිගේ "පද්මාවතී" චිත්‍රපටය ලබාදී තිබෙන බවයි.
මෙම චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක කබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන අතර, අති විශාල නිෂ්පාදන පිරිවැයක් දරමින් මෙම චිත්‍රපටය සල්මාන්ගේ සොහොයුරු සොහෙල් ඛාන් විසින් නිෂ්පාදනය කිරීමට නියමිතව ඇති අතර, මෙම චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට අදහස් කර තිබේ. දීපිකාගෙන් හිස්වු මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මේ වනවිට කිහිප දෙනෙකුගේ නම් සඳහන් වන අතර, ඉන් ඉදිරියෙන් ශ්‍රී ලංකාවේ ජැකලින්ද සිටින බව සඳහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
'ටියූබ්ලයිට්' සඳහා දිපීකා ගිවිසුම් අත්සන් කරලා නැහැ