ටයිටැනික් නැවේ නිෂ්පාදනාගාරයේ ම සෑදූ නැවක් 1917 දී ගල්කිස්ස මුහුදු වෙරළ ආසන්නයේ ගිලී ගොස් තිබියදී පසුගිය දා සොයාගෙන ඇතැයි ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
බ්‍රිතාන්‍යයට අයත් වොස්ටර්ෂයර් නමැති මේ නෞකාව පළමු ලෝක යුද්ධයේ දී ජර්මන් නැවකින් ඇටවූ මුහුදු බෝම්බයකට හසුව විනාශ වූවකි. ගිලී ගිය නැවට අයත් සීනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාලු මුහුදු පුරාවිද්‍යා ඒකකයට භාර දී ඇත. ගල්කිස්සට කිලෝ මීටර 15ක් බටහිර මුහුදෙන් මේ සීනුව සොයාගෙන ඇත්තේ මුහුදු ගවේෂකයකු හා කිමිදුම් කරුවකු වන දර්ශන ජයවර්ධන මහතා විසිනි. එකළ නැවක සංඥා ලබාදීම සිදුකරන ලද්දේ නැවේ සීනුව භාවිතයෙන් බැවින් සීනුව නැවේ වැදගත් ම අංගයකි.
නැව 1917 පෙබරවාරි මස 16 සවස බෝම්බයෙන් හානියට පත්ව පසුවදා ගිලී ගොස් ඇතැයි මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි. ස්ථානය නිවැරදිව හඳුනාගෙන ඇතත් මෙතෙක් එම ස්ථානයේ ගවේෂණ සිදුකැර නැත. මුහුදු පුරාවිද්‍යා ඒකකය භාර නිලධාරී ඩබ්ලිව්.ඒ.චන්ද්‍රරත්න මහතා සහ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ නුදුරු දිනක ගවේෂණ කටයුතු ආරම්භ කරන බවයි.
නැවේ සීනුව සංරක්ෂණය කිරීමෙන් පසු ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කිරීමට නියමිතය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂාහ් සීනුවනම් ඇන්ටික් අරගොල්ලන්ට බාර දුන්නොත් නරකද ? (දී)
හොද පණිවිඩ සේවාවක් (දී)
මේකේ අතීත කතාව ටිකක් විස්වාස කිරීමට අපහසුයි . නැවට ජර්මානුන් බෝම්බ තබා ඒක පසුදා ගිලුණා . නම් එය ලංකාවට ආසන්න තැනක විය යුතුයි.මොකද ඔය කියන කාලේ පැයකට නොට් අසුවක් අනුවක් යන නැව් තිබුනේ නැහැනේ.(දිල්)
මේ නැවෙත් පෙම්වතුන් යුවළක් හිටියද දන්නේ නැහැ, ජැක් -රෝස් වගේ? (නි)
හොද වෙලාවට අපේ කට්ටිය මේ විස්තරය කලින් දැනගෙන නොතිබුනේ. දන්නවා නම් මුහුදත් හාරයි.(නදී)
රණතුංග, දැන් උනත් කස්ටියට බහින්න පුළුවන් වැඩේට. (ස)
මේ වගේ ගණ්ඨාරයක් අපේ දිහාත් තියෙනවා. (ස)
චන්දි ඒ ඔයාලගේ සීයාගේ එක (දී)
ජෝර්ජ් පෙම්වතුන් යුවලක් හිටියා. ඒ ඔයාලගේ ආච්චියි සීයයි. (ස)
චන්දිගේ අදහස කියවලා මට හිනහව නවත්වාගන්න බැරුව ගියා.හිනහවෙලා කදුළුත් ආවා. (නි)
චමින්ද, එහෙනම් කඳුළු පිහිදාගන්න. නැත්නම් හිතයි අඩනවා කියලා. (නි)
දැන් ඉතින් අලුතින් ඇන්ටික් හදන අයට, තවත් අලුත් අදහසක්. බලනකොට ලංකාවේ මිනිසුන් කොයිතරම් දක්ෂද? (නි)