ශ්‍රී ලංකාවේ අසහාය කලාකරුවකු වූ අභාවප‍්‍රාප්ත කලාශූරී ටයිටස් තොටවත්තගේ ආදාහනය කිරීමට තැනූ චිතකය ඇමෙරිකාවේ ඩිස්නිලන්තයේ ආකෘතියක් විය. නිර්මාණයේ දී ඔහු දැක්වූ දස්කම් විස්කම් වෙනුවෙන් එවැනි චිතකයක් නිර්මාණ කැර තිබිණි. කොළඹ කනත්තේ දී මහා පිරිසකගේ සෝ සුසුම් මැද ඔහුගේ චිතකයට ගිනි දැල්විණි.