IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ටයි මහත්තයා ඩිස්නිලන්තෙන් ගමන නිම කරයි

ශ්‍රී ලංකාවේ අසහාය කලාකරුවකු වූ අභාවප‍්‍රාප්ත කලාශූරී ටයිටස් තොටවත්තගේ ආදාහනය කිරීමට තැනූ චිතකය ඇමෙරිකාවේ ඩිස්නිලන්තයේ ආකෘතියක් විය. නිර්මාණයේ දී ඔහු දැක්වූ දස්කම් විස්කම් වෙනුවෙන් එවැනි චිතකයක් නිර්මාණ කැර තිබිණි. කොළඹ කනත්තේ දී මහා පිරිසකගේ සෝ සුසුම් මැද ඔහුගේ චිතකයට ගිනි දැල්විණි.



අදහස් (0)

ටයි මහත්තයා ඩිස්නිලන්තෙන් ගමන නිම කරයි

දමිදු Thursday, 20 October 2011 08:14 AM

දැ‍යේ දරුවනට යහ මගක් තනන්නට මනුෂ්‍යත්වයේ නිර්මාණශීලීත්වය ලොවට බෙදා දුන් වියතාණෙනි... ඔබට.. නිවන් සුව..!

:       0       0

රුවන් Thursday, 20 October 2011 09:33 AM

ඔබ යලිත් අප ලක් දෙරණෙහි ඉපදේවා.

:       0       0

chamin Thursday, 20 October 2011 11:02 AM

දැයක් ආළෝකමත් කළ ශ්‍රේෂ්ඨ කලා කරුවාණෙනි ඔබට නිවන් සුව

:       0       0

ප්‍රදීපා සෙනරත් Thursday, 20 October 2011 12:19 PM

ළමා කාලයේ සිහින ලෝකය රසවත් කළ වියතාණෙනි ඔබදුන් රසගුණ මගේ දරුවන්ට අහිමිවීම දුකකි.ඔබට නිවන්සුව පතමි.

:       0       0

අමිල නුවන් Thursday, 20 October 2011 01:45 PM

හරියන්නෑ හරියන්නෑ ඕක නම් හරියන්නෑ කියල හිතෙනකොට මේ ලෝකේ කිසිම දෙයක් බෑයි කියල බෑ කිව්වේ ඔබයි.........!!! පුංචි අපිව දියරකුස්ගෙන් බේරාගෙන හා හා හරි හාවත් එක්ක කැලේ මැදින් අතරමං නොවී එන්න අපිට පාර පෙන්නපු ගලිවර් ඔබයි........!!! සුට් බුට් එක කලිසම් ඇඳලා රෝල්රොයිස් එකේ ගමන් ගියාට නරක වැඩ කරලා සාජන්ට් මහත්තාගෙන් බේරෙන්න බැහැයි කියල අපිට කියල දුන්නේ ඔබයි.........!!! එදා පුංචියට හිටිය ගම්මිරිස් ඇට අද ලොක්කෝ කළේ ඔබයි ටයි මාමේ............!!! ෂෙරිෆ්ලා ගිස්බන්ලා එකතුවෙලා රොබින්හුඩ් මැරුව වෙලාවේ අපි හොඳටම ඇඩුවා......... අද වාගේම..................!!!! ඔබට තවත් ආයුෂ දෙන්න දොස්තර හොඳහිතටත් බැරිවෙන්න ඇති ටයි මාමේ............!!! ඒත් ඔෂීන් වගේ ජීවිතය දිනන්න, එදා මැප් එක කැප්ටන් ලීච්ගේ අතට නොදී වයිටාත් එක්ක එකතුවෙලා ඔබ අපට බේරලා දුන් නිධානය තාම අපිගාව තියෙනවා ටයි මාමේ............................!!! ටයි මාමේ……………ඔබට නිවන්සුව!!!

:       0       0

ලක්කිත Thursday, 20 October 2011 03:26 PM

අපේ ළමා ලෝකය ලස්සන කළේ ඔබයි උතුමාණනි

:       0       0

කමනි Thursday, 20 October 2011 03:52 PM

වියතාණනි, ඔබ පෙන්වූ මඟ ඔස්සේ ගිය එදා දරු පරපුර ඇසුවේ, දුටුවේ උසස් දේ පමණයි. එබැවින් ඔබට පින් සිදු වන්නට අද අපට කිරෙන් දියර වෙන් කර ගත හැකියි. එහෙත් අපේ දරුවන්ට එය කියා දෙන්නේ කවුද? ඔබේ වෙන්වීම තුළ නැවතත් ළමා ලෝකයට ගිය මම අද අසරණයි. ඔබට නිවන් සුව!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 536 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1690 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site