
(නිමල් ජයරත්න)
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන් පස් දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පැලටියාව පදිංචිව සිටි අනුහස් දිල්හාර යන අය බව පොලිසිය කියයි.
ටිපරයේ තට්ටුවට යටවීමෙන් ඔහු මියගොස් ඇතිි අතර, තුවාල ලැබූ සෙසු තරුණයන් මනම්පිටිය රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මෙම අනතුර සිදුවන විට ටිපර් රථයේ තරුණයන් අට දෙනකු ගමන් කර ඇති බවත්, ඔවුන් වෙසක් කූඩු තරඟයක් සඳහා උණ බට කැපීමට ගොස්, ආපසු නිවස් කරා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට