වළවේ ගඟේ අම්බලන්තොට පාලමෙන් ගඟට වැටුණු තිදරු මවක බේරා ගැනීමට ටිපර් රියදුරකු වන ජේ පී ජී චන්දිමාල් සමත් විය.

ටිපර් රිය පාලම උඩ නතර කළ ඔහු කිඹුලන් ගහන එම ගඟට පැන ඇය බේරා ගෙන පොලිසිය මගින් රෝහල් ගත කරනු ලැබීය.

ඔහු ගඟට පනින විටත් බොහෝ පිරිස් ඇය ගඟේ දඟලනු බලා සිටි බව කියති.

එම කාන්තාව සෙරප්පු දෙක හා බෑගය පාලමේ තබා ගඟට පැන්නේදැයි සැකයක් පවතින බව පොලිසිය කියයි.