ටැන්සානියාවේ දාර් එස් සලාම් අගනුවර සිංහල බෞද්ධ සංගමය 1927 දී ථෙරවාදී බෞද්ධ විහාරයක් ඇරැඹීය.
අප්‍රිකාවේ පැරණිම විහාරස්ථානය මෙයයි. බෝධිය රෝපණය කැරුණේ 1920 දීය.
විහාර මන්දිරය විවෘත වුයේ 1956 දීය. දාර් එස් සලාම් නුවර ශ්‍රී ලාංකිකයෝ 120 ක් පමණ සිටිති. ඔවුහු පන්සලේ දායකයෝය.
ඉලුක්පිටියේ පඤ්ඥාසේකර නාහිමියෝ 1998 සිට විහාරාධිපති ලෙස කටයුතු කරති. ඒ හිමියෝ අනාථ නිවායක්ද පවත්වාගෙන යති.
දැනට එහි දරුවෝ 70 දෙනෙක් සිටිති.දරුවන් 150 දෙනකුට රැකවරණ සැළැසීමට බලාපොරොත්තුවන බව පඤ්ඥාසේකර හිමියෝ කියති.
මහින්ද රාජපක්ෂ ජනපති සිය ටැන්සානියා සංචාරයේදී මෙම පන්සලට ගියේය.ළමා නිවාසයට විදුලි ජනන යන්ත්‍රයක්ද පිරිනැමිය.
.jpg)
.jpg)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ ඉන්න මුස්ලිම්ලගෙන් කරදර එහෙම නෙතුව ඇති ?(අ)
එහෙත් ආගම් ප්‍රචාරේ කරනවද....(අ)
අපේ කට්ටිය එහෙ ගිහිල්ලා ආගම ප්‍රචාරය කරනවා,හැබැයි මෙහෙ අන්‍ය ආගමිකරණයට හඩ නගනවා (නි)
සියලු දෙන අතර සාමය හා සමගිය පෙතිරේවා! අපේ හාමුදුරුවන්ට සියලුදේ නිවැරදිව හා අවංකව කරගෙන යාමට ආශිර්වාද ලැබේවා. බුදු සරණයි. සොග්‍ය වහන්සේට සහ බුද්දිෂ් ආෂොකිඅතිඔන් එකට. (ස)
රූපා නිකන් අබිලිං වගේ නේ. මේ වගේ දුප්පත් රටක අසරණ දරුවන්ට උදව් කරන එකවත් යහපත්ව දකින්නකෝ. (දී)
වාසල ඔයාට ගොඩාක් ස්තුතියි අප දැනුවත් කලාට. ටැන්සානියාවේ අපේ පන්සලක් තිබෙන බව ඇසීමත් සතුටක්. සිද්දික්...ඔයා හොදින් හිතා බලන්න. මෙහෙ මුස්ලිම් පල්ලි වලට නම් හානි කරන්නේ නැ. හැබැයි මුස්ලිම් අය අපේ නැගෙනහිර බොදු පුරාවස්තු ඩෝසර් කරනවා.(නදී)
බුදුන්වහන්සේ පුජකයන්ට සහ ගිහියන්ට. දෙසන ලද බන දහසක් ඇත. විනයපිටකය අදකෝ. බුදුන් ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුව ඔබ සර්පයා දුටුවද? මේවා ගනන්ගනෑ මුදල් වලට ඔක්කොම යටවෙලා අනාගතේ දුදරුවන් වෙනුවන් බුදුන්ගුණය නැවත ගොඩනැගීමට සියලුදානම එක්වමු මෙය පන්සලෙන් අරබමු වාදබේදදුරලා එකමුතුකමේ සංකේතය ලෙස ගම්මු විනය හදමු. ඔබසැමට බුදුසරනින් ජයෙන් ජය (අ)
බුදුසසුන බැබලේවා..!
එතන ඒ රටේ අයට වැඩිය ඉන්නේ අපේ රටේ අයනේ,බලන්න බොරුද කියලා (දී)
ඉලුක්පිටියේ පඥාසේකර හිමිට අවංකව සියලු කටුතු කරගෙන යාමට ධෛර්ය ලේබෙවා!!! (ස)
මේ විදිහට ටැන්සානියාව ගැන ටිකක් හරි මිනිස්සු දැන ගැනීම පිලිබදව සතුටු වෙනවා.හදිස්සියේ ලැබුණු අවස්ථාවකින් මටත් මේ සුන්දර රටේ ටික කාලයක් ඉන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. මෙහෙ ජීවත් වෙන සියලුම දෙනා හරියට එකම පවුලක සාමාජිකයෝ වාගේ. මේ ලෝකයේ මා ගොඩාක් ආදරය කරන රටක්. (දී)
රූප කියන්නේ පිස්සෙක් (අ)
අනේ මේ වටේ තියෙන ඇඩ් අයින් කරන්න.(නදී)
සාදු සාදු කොච්චර හොදද? අනර්ඝයි. ධම්ම දානය උතුම් ක්‍රියාවක්. ලංකාවේ අයට පිනට ලැබුන දායාදයේ කිසිම අගයක් නැහැ. සියලු දෙනාටම ධර්මය අවබෝද වේවා! තෙරුවන් සරණයි (දී)
ඒ හාමුදුරුවන් වහන්සේට ගොඩක් පින්, අසරණ දරු පැටවුන්ට පිහිට වෙනවට (දී)
බුදු සසුන බැබලේවා (දී)
ඉලුක්පිටියේ පඥාසේකර බැබලේවා..! (ස)
ඒවාගේ රටක පන්සලක් පවත්වාගෙන යන්ඩ හැකිවීම ගැන ම සතුටු වෙමි ඔයවගේම ලංකාවෙත් අන්නියගම් කටයුතුවලට අතගහන්නේ නැතුව හිට්යානම් කොට්චර හොදයි ද (අ)
මෙන්න මොනවා උනත් හොඳ වැඩ. සන්තෝසයි.(නදී)
අපේ ජනාධිපතිවරයා ගිය මස ටැන්සානියාවේ නිළ චාරිකාවක් සදහා පිටත්ව ගිය බව සියලුම මාධ්‍යයක්ම පාහේ සදහන් වුවත් ඉන් ඉක්බිති එහි වැදගත්කම සම්බන්දයෙන් වු ප්‍රචාරණය ප්‍රමාණවත් නොවුන බව සිතමි. එනිසා එකි චාරිකාවේ ඇති වැදගත්කමත්(එය කොතරම් දුරට රාජ්‍යතාන්තික දැයි නොදන්නෙම්)මම පුද්ගලිකව ටැන්සානියාව ගැන දන්නා කරුනු කිහිපයක් මෙසේ ඉදිරිපත් කරන්නට සිතුවෙමි. මම දන්නා පරිදි සියලුම ශ්‍රී ලාංකිකයන් ජාති භේදයකින්, ආගම් බේදයකින් තොරව සමගියෙන් සිටින එකම රට ටැන්සානියාවයි. එහි සියලුම ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 100-120 වන අතර ඒ සියලුම දෙනාම පාහේ පරිපාලනමය රැකියාවක හෝ තමන්ට අයත් වෙළද ව්‍යපාරයක නිරතව සිට්ති. සියලු දෙනාම එහි එක් රෑස් වෙන්නේ " ඩාර් එස් සලාම්" නුවර පිහිටා තිබෙන පන්සලටයි. අපට පන්සලක් උරුම වන්නේ 1920 ගනන්වල එරටට ගිය සිවිල් පරිපාලක්යෙක් මාර්ගයෙනි. එතුමාගේ නම අමතක විම පිලිබදව කනගාටුවෙමි. ඔහු "ටසාරා" හෙවත් ටැන්සානියා සැම්බියා දුම් රිය මාර්ගය ඉදිකිරිම සදහා අපේ රටෙන් ගිය සිවිල් පරිපාලකයෙකි. ඔහුගේ අවශ්යතාවය සදහා වැදුම් පිදුම් කිරිමට තැනක් ලබාදිමට ටැන්සානියානුවන් කාරුණික වුවා පමණක් නොව අදටත් තමන් කැමති ඕනෑම අගමක් ඇදහිමටත් එරට වෙසෙන සියලුම ජාතින්ට නිදහස මෙන්ම සියලුම ආගම් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා අරක්ශාකර දී ඇත. එහි ගෞය හිම් වන්නේ "නියරේරේ" ජනාධිපතිවරයාටයි. ටසාරා ඉදිකිරිමට අපේ රටෙන් පරිපාලකයො යනකොට ඉන්දියාවෙන් ගියේ කම්කරුවො පිරිසක්. එම ඉන්දියානු කම්කරුවන් දුම්රිය මාර්ගය අවසන් වුන පසු නැවත ඉන්දියාවට නෑවිත් එහි කුඩා කුඩා රෑකියාවන් කරමින් ජිවත්වෙන්න පටන්ගත් බව ටැන්සානුවන් පවසනවා. ඔවුන් එහි නතරවෙන්න හේතු වන්නේ එරට ඇති අසිමිත ස්වාභාවික සම්පත් ප්‍රමාණය නිසා. එසේ නතරවු ඉන්දියානුවන්ගේ තුන්වෙනි පරම්පරාව අද එහි වාසය කරන අතර ඔවුන් එහි පුරවැසියන් ලෙසද පිලිගැනිමට ලක්ව තිබෙනවා. හොදම දේ ඔවුන් එහි ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගය වී ඇතිවා පමණක් නොව ධන කුවේරයන්ද වනවා. ටැන්සානුවන්ට ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ඇත්තේ යහපත් පිලිගැනිමක්. ඔවුන් අපේ රට හදුන්වන්නේ" බණ්ඩාරනායකී" කියා. ඔවුන් සිරිමාවෝ මැතිනියට ගරු කරති. ඒ ඇය නොබෙදි සමුලුව හරහා ලබාදුන් කිර්තිනාමය නිසා බවයි හැමෝම පිලිගන්නේ. එපමනක් නොව අපි ඔවුන්ගේ රටට එන්නේ ඔවුන්ට උදව් කිරිමට මිස ඔවුන්ගේ සම්පත් සුරාකන්නට නොවන බව ද ඔවුන් පිලිගනී. දැනට එරට තරුණ පරපුර අතර ඉන්දියානු විරුද්ධ අදහස්ද දලු දමමින් තිබේ. ඉන්දියාව ඔතරම් ආර්ථික දියුණුවක් ලගාකරගෙන ඇත්තේ ටැන්සානියාව,උගන්ඩාව, කෙන්යාව, මලාවිය, වැනි රටවලින් ඇදෙන ධනස්කන්දයෙන්(ප්‍රධාන') බව දන්නේ ටික දෙනෙකි. ලෝකයේම හෙට දවස වෙළෙද පොල මත යැපෙන මොහොතක අප රටේ ජනාධිපතිවරයා ටැන්සානියාවේදි අත්සන් කළ වෙළෙද ගිවිසුම් වලින් හා දෙරට අතර විසා නිදහස් කිරිමේ ගිවිසුමෙන් නියම ප්‍රයෝජන ගත හොත් එය රට දෙසින් වඩාත් යහපත් වනු ඇතැයි සිතමි.(අ)
ටැන්සානියාවට බුදු දහම ගෙන ගිය විස්තරය පොතකට සකසමින් සිටින බව දන්වමි.පන්සල කරගෙන යැමට ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව පතමි. (නි)
ටැන්සානියාවේ කිහිප දෙනෙක් මට මුණගැසිලා තියෙනවා ඕමාන් වලදී. ඔවුන් සමග කතාකරනකොට දැනගන්න ලැබුණා ඔවුන්ට ඉන්දියානු සම්බවයක් ඇති බව. වාසල කිව්වා වගේ ඔවුන්ගේ මුල් පරම්පරාව ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන්. දුම්රිය මාර්ග ඉදිකිරීම් සදහා. ඕමාන් වලද මෙවැනි පන්සලක් ඇත.(නදී)
මුස්ලිම් රටක බෞද්ධ අගම අදහන්න ප්‍රචාරය කරන්න, අනාත නිවසක් පවත්වාගෙන යන්නත් නිදහස තියෙනවා. (අ)
දැක්කහම පේනවා ටැන්සානියාව නිදහස් නිස්කලංක රටක් කියලා. පන්සල තියෙන පැත්තත් නිදහස් පැත්තක්. හරියට අපේ අනුරාධපුරයේ වගේ. ටැන්සානියාවේ තියෙන මේ පන්සලට සියලු ශ්‍රී ලාංකිකයෝ ආගම බේදයකින් තොරව එකතු වෙනවා ඇති. මොකද වෙන රටක ඉද්දි අපේ රටේ දේවල් මිනිස්සු අගේ වැඩි හින්දා ඔවුන් සමගියෙන් ඉන්නවා ඇති.(නදී)
වාසලට ඉස්තුතියි හොද දෙයක් කිව්වා. අප්‍රිකාවේ තම වැඩිම ස්වභාවික සම්පත් තියෙන්නේ ඉතින් ඒවා පිට කලමනකරණය කරන්න පුළුවන් නම් අපිටත් වෙළද වැසි ලබා ගන්න පුළුවන්. (අ)
ටැන්සානියාව රට පිලිබඳ දක්වා ඇති විස්‌තරාත්මක වටිනා ප්‍රතිචාරයට වාසල මල්ලීට ගොඩාක් ස්තුති කරමි. (අ)
අපේ ජනපති ටැන්සානියා ගිය නිසා මේ වගේ රටක් ගැන මිනිස්සුන්ට දැනගන්න ලැබුනා. ඒ ගැන සතුතියි. නමුත් ප්‍රවෘත්ති වලට නම් මෙතරම් ලස්සන රටක් පෙන්නුවෙවත් නැහැ. ආගම් බේදයක් නැතිව මෙවැනි දේ කරන ටැන්සානියා බෞද්ධ විහාරයේ දායක සබාවේ සැමට තරුවන් සරණයි.(නදී)
අපේ ජනාධිපතිතුමන්ගේ පෑමිණිම අපිට ආඩම්බරයක්. වාසල මල්ලි, ගොඩක් ස්තුතියි. පංසලේ නිර්මාතෘ එච්. ඩි. ගුණපාල මැතිදුන්ට නිවන් සැප ලැබේවා. අපේ සමගියේ එක සංකේතයක් ඔය අන්තිම පිංතුරෙ තියෙන මහා තොරණ් රාජයා. මේ වැඩේ කලේ අපි, ජාතියක, ආගමක, වෙනසක් නැතුව අපි ඔක්කොම දිවා රෑ නොබලා කල වැඩක්.මේ රටේ ඉන්නා සියලුම ලාංකිකයන්ගේ එකතුවෙන් මේ වගේ බොහොම දේවල් අපේ බෞද්ධ සංගමයෙන් කෙරෙනවා. (නි)
ටන්සනියාව කොහොමද මුස්ලිම් රටක් උනේ.. දන්නේ නැත්තනම් බලන්න .. එක 61% ක්‍රිස්තියානි , 35 % මුස්ලිම් ... මෙන්න විකිප්ය්දිය ලින්ක් එක ... http://en.wikipedia.org/wiki/Tanzania (අ)
මම එන්නද ටැන්සානියාවේ පන්සලේ කාලයක් නවතින්න. ලංකාව වගේ පරිසරය. (නි)
මට පේන විදියට එහෙ ඉන්න ලංකාවේ අයටත් වඩා වැඩි පිරිසක් ලංකාවෙන් මේ ගමනට ගිහිල්ල.දේශපාලනේ කරන එකත් පාඩු නැත .(අ)
ටැන්සානියාවේ ජනගහනය මිලියන 45 ක් පමණ වෙනවා. එහි ප්‍රධාන ආගම් වන්නේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි. ඒ නමුත් අපේ බෞද්ධ ආගමටත් ලොකු ගෞරවයක් දීලා තිබෙනවා. රජයෙන් කෙරෙන හැම උත්සවයකටම ආරාධනා පවා ලැබෙනවා. අපේ අදහස් වලට ගරු කරනවා. මේ රටේ දියුණුව වෙනුවෙන් අපේ රටෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක මුදල් වලින් නොවෙයි. අපේ දැනුම එම අයට විවිධ පැති වලින් ලබා දෙන්න පුළුවන්. මම දැනට කරන අනාථ නිවසයද ඒ වගේ වැඩක්. ඔබතුමන්ලටද හැකිනම් මෙම අදුරු මහාද්වීපය ආලෝකමත් කරන්න අපත් සමග එකතු වන්න. සියලු දෙනාටම බුදු සරණයි ! (නි)
වාසල, ඔයා කියන්න හදන දේ තේරුම් ගන්න පුළුවන් නම් මමත් හිතන්නෙ අපේ රටවල් දෙකටම ඒක ප්‍රයෝජනයක් වේවි. මේ වගේ අත්සන් කරන ගිවිසුම් බොහෝ දුරට ක්‍රියාත්මක වන්නෙ නැහැ. ඒත් මේ වගේ සුභදායක පරිසරයක් තියේ නම් ඒ ගිවිසුම් වලින් නිසි ප්‍රයෝජන ගත හැකි වනු ඇත. (නි)
අර ජී.එල් පීරිස්ගේ දකුණු පැත්තේ කෙලවරේ ඉන්නේ ටෙන්සානියන් මිනිසෙක්ද?(නදී)
කෝ දායක සබාවේ සබාපතිතුමා? (නි)
ටැන්සානියාව පිලිබඳ විස්තරයක් කිරීම ගැන වාසල මයාට ස්තුතියි. ප්‍රවෘත්ති පිළිබඳව විකාර හා නොවටිනා අදහස් දක්වන්නන් අතර ඔබ වැදගත් හා වටිනා අදහස් පලකිරීම අගයමි. එමෙන්ම, ටැන්සානියාවේ ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුකම හා ස්වාමීන් වහන්සේලාගේ කැපවීම ගැන මුළු හදින්ම සතුට ප්‍රකාශ කරමි. (නි)
දසරත්න මහත්මා ලියා ඇති දෙය නැවත බලන්න. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ටැන්සානියාවේ ජනපති නොවේ. ටැන්සානියාවේ ප්‍රථම ජනපති ජුලියස් නියෙරේ.(නදී)
මම 1986 මෙරටට අවා විවාහ උනේ මෙරටින් සත්‍ය නමැති බෝලය වතුර යට ගිල්ව ඇත බොරුවට ආයුෂ නැත බුද්දදර්මය අපිට විශ්වාසයි සියලු ඇත්ත ලගදීම ලබාදෙමිඔබ සැමට බුදුසරණයි (දී)
මෙම තොරතුරු ටික දකින්නට ලැබීම බොහොම සතුටුදායක දෙයක්. මෙම පුවත් පල කළ මහත්මාට පින් සිදු වේවා! එම පන්සල පිලිබදව දීර්ඝ විස්තරයක් සදහන් කළ වාසල මහත්මාට නිරෝගි සුවය ලැබේවා! මෙම රටේ පවතින සාමය සහ එහි සිටින ශ්‍රී ලාංකීය අයගේ සමගිකම කාහටත් ආදර්ශයක් වේවා! (නි)
මම දැනට අවුරුදු ගණනක් ටැන්සානියා වේ වාසයකරන ලාංකික පුරවැසියකු හැටියට කියන්නේ මෙරට පළවැනි ජනදීපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මෙරටෙහි ආගමක් හෝ කුලයක් නැති බව ජාතිය අමතා ප්‍රකාශ කරන එතැන් පටන් මෙරටෙහි සීයලුදෙනා සමගියන් ජීවත් වුහ. දැනටත් එසේමය (අ)
120 දෙනෙක් පමණක් ඉන්න නගරයකට මෙච්චර ලොකු පන්සලක්ද? එහෙනම් ලංකාවේ මිලියනයකට කිට්ටුවෙන්න ඉන්න මුස්ලිම් අයගේ පල්ලිවලට එරෙහිව මෙහෙ ඉන්න අය ඇයි කරදර කොරන්නේ?(නදී)
අපි ඉන්නේ ටැන්සානියාවේ අරුෂා වල. අපේ ලොකු හාමුදුරුවොත් පොඩි හාමුදුරුවොත් කරන්නේ අති විශාල සේවයක්. අපිට අවස්ථාව තිබුණු හැම වෙලාවකම අපේ හාමුදුරුවෝ මෙහෙට වඩම්මා ගෙන අපි බන භාවනා කරනවා .ඇත්තටම මෙරරට ලෝකේ අනිත් රටවල් වලට ආදර්ශයක්. මොකද තමන්ගේ ආගම මොකද්ද කියලා දන්නේ ඒ අයගේ පවුළේ උදවිය විතරයි. මුස්ලිම් ක්‍රිස්තියන් විවාහ ඕනෑතරම් වෙනවා. ඒ අය අතර කිසිම මත භේදයක් ඇති වෙන්නේ නැහැ හරිම අහිංසක ජාතියක් .. (නි)
මිත්‍යාව දුරුවී මේ ලෝකයම සත්‍ය අවබෝද කරගනිත්වා! සියලුදෙනාම මේ සංසාරයෙන් එතෙර වේවා! (නි)