අප්‍රිකාවේ ටැන්සානියාවේ බෞද්ධ විහාරයේ සෑම පොහෝ දිනකම සිල් වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙම වසරේ වෙසක් සහ පොසොන් දිනයන් හිදී විහාරාධිපති ඉලුක්පිටියේ නාහිමියන්ගේ අනුශාසනා මත එහි බෞද්ධ සංගමය පින්කම් සංවාධානය කළහ. එහි වැදගත්ම කාරණය වූයේ අප්‍රිකාවේ පළමු වරට වෙසක් තොරණක් ඉදිකිරීමයි. විහාරස්ථානයේ පුරෝගාමිනට පින් අනුමෝදන් කිරීමේ පින්කමක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑග සව් රහත් බුදුන්, මා සිතින් පුදා... වන්දාමි සගරුවන් ගදින් මලින් බැතින් සදා ... (නි)
අපේ සේනාවේ අයට නම් එහෙ යන්න එපා කියන්න. ටැන්සානියා වැසියොත් තමාගේ රටේ වෙන ආගම් ප්‍රචාරය කරන අයට විරුද්ධව ඉලපත ගන්න ගත්තොත් නම් වැඩේ කම්මුතුයි අපේ හාමුදුරුවනේ. බුදු හාමුදුරුවෝ දේශනා කලේ කියන දේ කිරීමත්, කරන දෙය කීමත් යහපත් දෙයක් කියලා (නි)
චාමික, හැම මගුලටම බොදු බල සේනාව සම්බන්ද නොකරගෙන , කරුණාකර යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නිකන් පිස්සු කමෙන්ට් නොදා පුවතට සහ පල කර ඇති පින්තූර වලට අදාලව කමෙන්ට් දාන්න. (නදී)
ඔයාට පෙනෙන්නේ බල සේනා තමන්ගේ ආගම වෙනුවෙන් පෙනී සිටින එකේ වරදක්ද?. දැන් බුද්ධගයාවට ගැහුවා...එවා පේන්නේ නැද්ද.? (අ)
මේ චාමික නොදන්නා දෙවල් නිකන් ගොනෙක් වගේ කියවන්න එපා .ඔහෙට සේනාව ඇලජික් වෙලා තියෙන්නේ ඔහේගේ කොහෝ හෝ වැරද්දක් නිසා .(අ)
අනේ මේ පින්බර දසුන නෙතට රසදුනක් වගේ ! අවසර අපේ හාමුදුරුවනේ ,දායකයෝ ඉන්නේ බොහොම ටික දෙනා වනාට කරලා තියෙන්නේ ලොකු වැඩක්. පින් සිතුවිලි පහළ වෙන මේ වන උතුම් පින්කම් කරමින් තවත් වසර දෙදහස් පන්සියයක් මේ උතුම් දර්මය රැක ගැනිමට තුනුරුවන් සරණ නිරතුරුවම ලැබේවා! මේ උතුම් කාර්යය ශාක්ෂාත් කරගැනිමට දායක වුන හැමටම උතුම් දර්මය අවබෝද වේවා! (නි)
චමිල, අපිට සතුටුයි, ඔයාලා බනින්න හරි බොදුබල සේනාව ගැන කතාකරන එක ගැන. (නි)
අමල්, මේ දේවල් අතරේ සම්බන්දයක් දකින්න විචාර බුද්ධිය කියල දෙයක් ඕනේ වෙනවා. ඒක කඩෙන් ගන්න බැහැ. (නදී)
බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඇසු අය ධර්මය අනුගමනය කලා මිස, මුදල් දී හරවා ගත්තා නොවේ. බුදුන්වහන්සේ අසරණ සරණ වූ සේක. බොහෝ දුෂ්කරතා මැද, ටැන්සානියා හාමුදුරුවන් කරන්නෙත් බුදුන් වහන්සේ අනුගමනය කිරීමයි. සැමට ආදර්ශයක්. සේනාව කරන්නෙත් ප්‍රහාර වැලකීම හා බෟද්ධාගමිකයන් ආරක්ෂා කිරීමත්ය. ටැන්සානිය හාමුදුරුවන්ටත්, සේනාවටත් තෙරුවන් සරණින් දහිරිය, ශක්තිය, දිර්ගායුෂ ලැබේවා! (අ)
මහත්තයෝ, පන්සිලේ 5 වෙනි සිල් පදෙවත් රැකගන්න බැරි උන්දලා කොහොමද බුද්දාගම රැකගන්නේ ? සීතාම්බර පට සළුව ඇන්ද රජ තුමාට වුන දේ තමයි ඔහෙලට වෙලා තියෙන්නේ. සුසිල්, ආගම වෙනුවෙන් පෙනීහිටල වැඩක් නෑ. ආගම් තියෙන්නේ පෙනී හිටින්න නොවෙයි. ඒවා පිලි පදින්න. ආගම් ප්‍රචාරය වැරදි අපේ රටේ විතරද ? පිට රටක අපි ගිහින් ඒවා කලොත් හොදයි ද? (අ)
අනේ නිකන් ඉන්න සුසිල්-මිලානෝ සහ තරංග,ඔහේලා හිතන්නේ සේනාවත් එහාට ගෙන්නා ගන්නද? (නි)
චාමික , බලන්න මේ පින්තුර වල එක කළු ජාතිකයෙක්වත් ඉන්නවද කියලා. මේ ඔයා හිතන විදිහේ ආගම් ප්‍රචාරයක් නෙමේ. ආගම තියෙන්න ඕනෑ තමන්ගේ ලේ වල. සල්ලි දීලා තෑගී දීලා ආගමට හරවා ගන්න සිරිතක් බුද්ධාගමේ නැහැ . සල්ලි වලට තෑගී වලට තම ආගම පාවාදෙන හිස් ඔළුගෙඩි දාහකට වඩා නියම බුදු දහමේ අර්ථය තේරුම් අරන් තම කැමැත්තෙන් බුදු දහම වැලද ගන්න එක මනුස්සයෙක් ලෝකයක් වටිනවා. (නි)
මෙච්චර සල්ලි අතපත ගාන ඕස්ට්‍රේලියාවේ අයවත් මේ තරම් ලස්සන බෞද්ධ උත්සව සංවිදානය කරන්නේ නැහැ. ඉතාම ආඩම්බරයි. අෆ්රිකන් කට්ටියත් සහභාගී කරවා ගත්තා නම් තවත් හොඳයි. (නි)
ඔයවගේ රටක කුඩා පිරිසක් එකතුවෙලා ඔය කරපු දෙය අපි සුළුවෙන් තකන හොද නේ, මේක ලොකු වැඩක්.. ලොකු කපවෙමක්, ලොකු වියදමක්. ඔබල සියලු දෙනාම කරගත්තු කුසලය වගේම ඔබ සියලු දෙනාම බුද්දාගම වෙනුවෙන් කටුතු කරන තානාපති වරුන් වගෙඉ දීර්ග කාලය මෙය කරගෙන යාමට සියලු බල ශක්තිය ලැබේව. ඉර කයේ සිට (අ)
අපේ පන්සලේ වෙසක් පොසොන් උත්සව මේ වගේ ලස්සනට කරනවා වගේම කටින පුජා උත්සවයත් කරනවා. අපේ ස්වාමින්වහන්සේලා දෙනමගේ අනුශාසනා අපට නිබඳව ලැබෙනවා. මම මේ රටේ අවුරුදු ගණනාවක් රැකියාව කරන කෙනෙක් හැටියට හාමුදුරුවන්ගේ කැපවීම ගැන දන්නවා. අප්‍රිකා මහද්වීපයේ සන්ඝනායක ඉලුක්පිටියේ පඤාසේකර හාමුදුරුවෝ අසරණ ළමයින් වෙනුවෙන් ළමා නිවාසයක් හදලා දැනට 60-70 ළමයි සිටිනවා. උන්වහන්සේගේ බලාපොරොත්තුව ළමයින් 200ක් දක්වා වැඩි කර ගැනීමයි. එම දරුවන් සඳහා ආහාර, ඇඳුම්, අද්‍යාපනය ,බෙහෙත් සියල්ල ලබා දෙනවා. තව ද ලංකාවේ පොඩි ළමුන් සඳහා දහම් පාසැලක්ද පවත් වෙනවා. එමගින් ලාජකික ලමින්ට සිංහල දැනුමද ලැබෙනවා. මෙවැනි ගොඩක් සාර්ථක වැඩ සඳහා උන් වහන්සේලාට ශක්තිය දහිර්ය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා.(නදී)
අමල්, එක පුවතකට බොහෝ වාර ගණනක් ප්‍රතිචාර දක්වන්න මම කැමති නැහැ. අනික් අයටත් අදහස් දැක්වීමට ඉඩ ලබා දිය යුතු නිසා. ඒත් ආගම තියෙන්න ඕනෑ ලේ වල කියලා පිළිගත නොහැකි ප්‍රකාශයක් කරලා තියෙන නිසයි ආයේ ලියන්න වුනේ. මහත්මයා, ආගම තිබිය යුත්තේ ලේ වල නොවෙයි. ආගම කියන දේ ලේ වලින්, උපතින් එන්නේ නැහැ ඩී එන් ඒ වගේ. ආගම යනු අවබෝධයෙන් පිලිපැදිය යුතු දෙයක්. ඒක තමයි බොහෝ දෙනෙක් වැරදියට හිතාගෙන ඉන්න තැන. මම බෞද්ධ වෙලා තියෙන්නේ හේතු ඵලවාදය මත පාඩම් වුන ගෞතම බුදුන්ගේ ධර්මය කෙරෙහි අවබෝධයෙන් පැහැදුන නිසා. එනිසා බුද්ධ ධර්මය සහ බෞද්ධ සංස්කෘතිය තර වෙනස මට වටහාගන්න පුළුවන්. කලින් දවසක් මහත්මයෙක් ලියලා තිබුනා නාලන්දාවේ බික්ෂූන් අපවත් කරද්දී රහතන් වහන්සේලා පොලු කෑල්ලක් අතට ගත්තා නම් තවමත් නාලන්දාව අපේ කියලා. පෘතග්ජන අපිට බැහැ රහතුන් වහන්සේලාගේ ක්‍රියාවන් ගැන විවේචනය කරන්න. හිතලා බලන්න එහෙම පොලු අරගෙන රහතුන් වහන්සේලා ගහගත්තා නම් නම් අවුරුදු 2500කින් පස්සේ අපිට අද ඉතුරු වෙන්නේ නාලන්දාව විතරයි, බෞද්ධකමක් නොමැතිව. අද සිදු වෙන දේවල් වලින් වෙන්නෙත් ඒ දෙයමයි. මෙය ද්වේශයෙන් කියන දෙයක් නොවෙයි. (නි)
සේනක සිඩ්නි ,ඇෆ්රිකන් කට්ටිය සහබාගි කරගන්නවා කිවුවේ ප්‍රචාරේට කියන තව නමක්ද? මම එහෙම කිවුවේ වෙන ආගමක කෙනෙක් බෞද්ධ වෙනකොට සත්ත්‍ය අවබෝධ කරගන්නවා කියන්ටත් බෞද්ධ කෙනෙක් වෙන ආගමකට ගිහාම හරවා ගත්තා කියලත් කියන නිසා. (නි)
ටැන්සානියාවෙ තිබෙන පන්සල අයිති ශ්‍රී ලාංකිකයන්ට. එරට ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් කරන්නේ එය ආරක්ශා කරගැනිම. අපේ හාමුදුරුවන්ගෙන් රෑකවරනය ලබන අප්‍රිකානු දරුවන් 50-60ක් විතර ඉන්නවා. අපේ නායක හාමුදුරුවන් පාරේ හිගාකන දරුවන් එක්කාසු කරගෙන ගිහින් ඔවුන්ට කන්න බොන්න දිලා ලෙඩට බෙහෙත් අරගෙන දිලා ඔවුන්ගේ රටේ පාසැල්වලට යවා හොදින් උගන්වනවා. මෙහි ගොඩක් අය හිතන විදියට ආගම ප්‍රචාරය කරන්න ඕනෑ නම් අපේ හාමුදුරුවන්ට තිබුනා ඔවුන් සියලු දෙනාවත් මෙතැනට සම්බන්ධ කරගන්න. මම දන්නා පරිදි කිසිම බොදුනුවෙක් වෙනත් කිසිම ආගම කෙනෙක් බලහත්කාරයෙන්වත් තෑගිබෝග දී වත් හරවාගන්න උත්සාහ කරන්නෙ නැහැ. අපේ ආගම බුද්ධිමතුන් සදහා මිස මිසදිටුවන් සදහා නොවේ. රටේ ලෝකෙ වෙනදේවල් දෙස බැලිමෙන් පමනක් බුද්ධාගම පිලිබද අදහස් දක්වන්න ඉක්මන් නොවන ලෙස සියලුම දෙනාගෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. (නි)
ඒ වගේම,ටැන්සානියා දාර් එස් සලාම් නුවර වෙසෙන පැරනි සිංහල බෞද්ධ පවුලක් වන බෞද්ධ සංගමේ සභාපතිතුමාගේ නිවසින් සෑම වෙසක් පොහෝ දිනකම එම විහාරස්ථානය තුල බත් දන්සලක් පවත්වනු ලැබේ (නි)
වාසල, ඔබට තුති. (නි)
දැන් කියන විදියට එහෙත් ලංකාවට වඩා හොදයි වගේ. ඕස්ට්‍රේලියාවෙන් එලවන නිසා බෝට්ටුව ඒ පැත්තට හරවන්න මල්ලි. (නි)