ටෙන්ඩර් පටිපාටියකින් තොරව මහියංගන නගරයේ වෙළදසල් ඉදිකිරීම සහ බෙදා දීමෙන් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගන සංවිධායක සහ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාට එරෙහිව සිදුකළ පැමිණිලි ගැන උෟව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරතනගෙන් අද (4) දෙපැයක් පුරාවට ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය කියයි.
මහියංගන නගරයේ රජයට අයත් ඉඩම් දේශපාලන බලය මත පවරාගෙන ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කඩ ඉදිකිරීම සහ ඒවා ඥාතීන් හා හිතවතුන් වෙත ලබාදීම,ඉදිකර තිබූ පැරණි වෙළදසැල් කඩා ඉවත් කොට එම වෙළදසැල් හිමිකරුවන්ගෙන් මුදලක් ලබාගෙන නැවත ඉදිකිරීම, ඇතුලු වංචා - දූෂණ පැමිණිලි, සමන්ත විද්‍යාරතන මහතා ඉකුත් ජූනි මස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම කඩේ ගිහිල්ලා ඉවර නැද්ද? ජනතාව ලබන වර බින්දුවට බස්සනවා නියතයි. (නි)
අලියට බැඳුනොත් ලබන පාර පාර්ලිමේන්තු ගිය හැකි. (අ)
පක්ෂ පාට භේද නොබලා දුෂිතයන්ට දඬුවම් ලබාදිය යුතුයි. මහජන මුදල්, දේශපාලකයින්ට හෝ වෙන කාටවත් සොරකම් කිරීමට ඉඩදිය නොහැකියි. දුෂිතයින් සහ දුෂණය තුරන් කළයුතුය. (නි)
සමන්ත වැදගත් උතුම් මිනිසෙක්. (නි)
උගත් මිනිහාට තැනක් නැහැ (නි)
කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)
ජ. වී. පෙ සහෝදරවරු නැත්නම් රට නවතින්නේ කොතනද කියල හිතන්නවත් බැහැ. බල්ල කාන්සියට උඩුබුරනවා කන්පට ගහනවා තමයි. සමන්ත ඇතුළු සහෝදරයන්ට අපේ ශක්තිය .සුබ ගමන් (අ)
දැන් ඉතින් පෙත්සම් ගහ ගහ ඉන්න පුළුවන් කට්ටියට (නි)