ටෙන්ඩර් පටිපාටියකින් තොරව මහියංගන නගරයේ වෙළදසල් ඉදිකිරීම සහ බෙදා දීමෙන් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගන සංවිධායක සහ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාට එරෙහිව සිදුකළ පැමිණිලි ගැන උෟව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරතනගෙන් අද (4) දෙපැයක් පුරාවට ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය කියයි.
මහියංගන නගරයේ රජයට අයත් ඉඩම් දේශපාලන බලය මත පවරාගෙන ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කඩ ඉදිකිරීම සහ ඒවා ඥාතීන් හා හිතවතුන් වෙත ලබාදීම,ඉදිකර තිබූ පැරණි වෙළදසැල් කඩා ඉවත් කොට එම වෙළදසැල් හිමිකරුවන්ගෙන් මුදලක් ලබාගෙන නැවත ඉදිකිරීම, ඇතුලු වංචා - දූෂණ පැමිණිලි, සමන්ත විද්‍යාරතන මහතා ඉකුත් ජූනි මස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙන්ඩර් පටිපාටිය කඩලා
ප්‍රසන්න Saturday, 05 September 2015 04:22 AM
තවම කඩේ ගිහිල්ලා ඉවර නැද්ද? ජනතාව ලබන වර බින්දුවට බස්සනවා නියතයි. (නි)
හසිත Friday, 04 September 2015 01:31 PM
අලියට බැඳුනොත් ලබන පාර පාර්ලිමේන්තු ගිය හැකි. (අ)
නිශාර්ඩ් ප්‍රීනා Saturday, 05 September 2015 06:22 AM
පක්ෂ පාට භේද නොබලා දුෂිතයන්ට දඬුවම් ලබාදිය යුතුයි. මහජන මුදල්, දේශපාලකයින්ට හෝ වෙන කාටවත් සොරකම් කිරීමට ඉඩදිය නොහැකියි. දුෂිතයින් සහ දුෂණය තුරන් කළයුතුය. (නි)
චන්න බුවනක Friday, 04 September 2015 04:57 PM
සමන්ත වැදගත් උතුම් මිනිසෙක්. (නි)
රණසිංහ Saturday, 05 September 2015 10:29 AM
උගත් මිනිහාට තැනක් නැහැ (නි)
රොහාන් Saturday, 05 September 2015 02:52 PM
කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)
ධර්ම ජයවික්‍රම Tuesday, 08 September 2015 09:43 AM
ජ. වී. පෙ සහෝදරවරු නැත්නම් රට නවතින්නේ කොතනද කියල හිතන්නවත් බැහැ. බල්ල කාන්සියට උඩුබුරනවා කන්පට ගහනවා තමයි. සමන්ත ඇතුළු සහෝදරයන්ට අපේ ශක්තිය .සුබ ගමන් (අ)
මුණසිංහ Saturday, 05 September 2015 02:16 AM
දැන් ඉතින් පෙත්සම් ගහ ගහ ඉන්න පුළුවන් කට්ටියට (නි)