බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් අද (03) රාත්‍රී 7.30 ට විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණියේය.

ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පිරිසක් හා රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ගුවන්තොටට ගොස් සිටියහ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ඔහු ලංකාවට පැමිණි බව වාර්තා වේ.