ටච්වුඩ් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ස්වර්ණා මැලනි ශ්‍රී ලංකාවෙන් පිටවී යෑමට තැත් කළහොත් අත්අඩංගුට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
ඇය දැනටම රටින් පිටවී ඇතැයි කියන තොරතුරක් ලැබී ඇතැයි ද ඇය රටින් පිටවී ගොස් නැත්නම් කටුනායක දී අත්අඩංගුවට ගන්නා ලෙසත්, රටින් පිටවී ඇත්නම් ආපසු එන විට අත්අඩංගුවට ගන්නා ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තායිලන්තයේ එගාර් නම් ශාඛය වැවීම සඳහා රාජගිරියේ පදිංචිකරුවකුගෙන් රුපියල් පනස් අට ලක්ෂයක් වංචා කළැයි මේ නඩුවෙන් මැලනිට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කර ඇත.
තමා සමග එළැඹි ගිවිසුම කඩ කරමින් 2006 අයෝජනය කළ අමෙරිකා ඩොලර් 17986 (රුපියල් 2374152) වෙනුවෙන් 2012 වසර අවසානයේ දී තමාට ලැබිය යුතු ඇමෙරිකා ඩොලර් 9200 (රුපියල් 1214400) ලාභාංශය නොගෙවීයැයි පැමිණිලිකාරිය කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තැනැත්තිය දැනටමත් රටින් පිටවී ඇත්නම් ආපසු එන විටදී අත්අඩංගුවට ගත හැකියි එම නමින්ම පැමිණියහොත් පමණක්. නමුත් මැය වෙනත් රටක පුරවැසිභාවයකුත් ගෙන ඇත්නම්, එම රටේදී නම වෙනස් කර අලුත් ගමන් බලපත්‍රයක් ගෙන, මුහුණුවරද වෙනස් කොට ලංකාවට පැමිණියහොත් ඇය ඇල්ලීම බොරුය. (නි)
මේ මනුස්සයට සල්ලි තිබුනට මොළේ නැහැනේ. ලක්ෂ 58 ක් තිබුනා නම් හොද පොල් ඉඩමක් හරි තේ ඉඩමක් හරි අරගෙන දාන්න තිබුනනේ.දැන් ඉතින් හුළං තමයි (නි)
ඒ කියන්නේ තවම මෙයා රට ඇතුලේ ඉන්නවද නැද්ද කියලා රහස් පොලිසියවත් දන්නේ නැහැ. බලාගෙන යනකොට ලොකු ලොකු කොම්පැනිකාරයෝ බොහොම දෙනෙක් කම්බ හොරු නොවැ. (නි)
ඔබට යමක් වවන්න ඕනෑ නම් තමන්ම ඉඩමක් රැගෙන වවාගන්න. (නි)
ඒගාර් කියන්නෙ ජෙලි හදන්න ගන්න මුහුදු පැලෑටියක්නෙ. පේනවද මෙයාට දීල තියෙන ලනුවෙ හැටි. දැන් ඉතින් ජෙලි කෑවා ජෙලි කෑවා කිය කිය ඉන්නයි තියෙන්නේ.(නදී)
සමහරු සක්විතිලට රැවටුනා. සමහරු ගෙවල් හදලා දෙන බොරු සමාගම් වලට රැවටුනා. සමහරු ඔබ වෙනුවෙන් තේක්ක පොල් මහෝගනී සඳුන් වවලා අවුරුදු මෙච්චරකින් කෝටියක් හම්බ වෙනවා කිවුව ඒවාට රැවටුනා. දැන් වල්ලපට්ට ගහට ලැබී ඇති අනවශ්‍ය බොරු ප්‍රචාරය නිසා ජනතාව මුලා කොට පොකට් ගහනවා. රැවටෙන්න එපා. තණ්හාව නිසා සල්ලි හොයන්න කෙටි මං හොයන අයට විනාශය මිසක් කිසිවක් ලබා ගන්න බැහැ (නි)
සක්විති නෝනා කෙනෙක්. 58 ලක්ෂයක් අරන් පැන්නා නම් ඒකෙන් කාලයක් එහෙ ඉඳලා පස්සේ හොරෙන්ම එන්න පුළුවන්. අර සල්ලි දීපු මනුස්සයට මොළේ විරේකයක් දෙන්න වටිනවා, මෝඩ වැඩ කරනවට. දිනපතා පුවත් මගින් රුපවාහිනී නාලිකා මගින් මේවා නිතරම දකිද්දී ,මේවට සල්ලි දෙනවට (නි)
දැන් ඉතින් අල්ල හිරේ දානවා ඇරෙන්න ගන්න දෙයක් නම් නැතුව ඇති.. (දී)
සල්ලි වංචා කරන එක සෙල්ලමකට ගිහිල්ලා (දී)
මටත් ඔය කොම්පැනියේ අය තේක්ක ඉඩමක් විකුනන්න ආආ. නමුත් මට ඒ කියපු කතා සහ වර්ණනාව කොහෙත්ම ඇල්ලුවේ නැහැ. අනේ ඉතින්, අතේ සල්ලි තිබුනෙත් නැහැ. කොහොම හරි, මට නිකමට හිතුන දේ හරි. වන්නි තිලක් කියන්න ඕනේ දේ හරියටම කියලා...ඒක කොලයක ලොකුවට ලියල, නිදා ගන්න ඇඳ ඉස්සරහ ගහ ගත්තොත් හැමදාම නොරැවටී ඉන්න පුළුවන් මම හිතන්නේ...!! (ස)
ඉතාලියේ තණ්හාධික මෝඩයෝ බර ගානක් අහුවුනා මෙම ආයතනයට. (ස)
වන්නි තිලක්,ලාල් මෙතන මේ මනුස්සයාගේ වරදක් නැහැ. මේ මනුස්සය ආයෝජනය කරලා තියෙන්නේ කොළඹ කොටස් පොලේ ලැයිස්තුගත සමාගමක.ප්‍රසිද්ධ ක්‍රීඩකයිනුත් කලින් මෙම සමාගමේ බ්‍රෑන්ඩ් ඇම්බසඩර් ලා වෙලා හිටිය.(නදී)
මම නං හිතන්නේ බොරු කියා (නදී)
අනේ ශාන්ති, මම ශාන්ත, ඔයා දෙන්න අනේ මම ගන්නම්. (ස)
ලාල්, ඔබේ අදහස හරියට හරි. ලක්ෂ 58 කට තේ පොල් රබර් පමණක් නොව ඕන නම් දැව වගා කළ ඉඩමක් වුනත් ගන්න තිබුනා. ලොකු ලාභාංශය පෙන්නලා රවට්ටලා වගෙයි. එගාර් නම් ශාඛය මොන වගේද කියලාවත් එතුමිය දන්නේ නැතුව ඇති. ස්වර්ණා මැලනි නැවත ලංකාවට එයි කියලා හිතන්න බෑ. එයා ලෝකේ කොහේ හිටියත් ලංකාවේ පත්තර, මාධ්‍ය නාලිකා බලනවා අහනවා ඇතිනේ. තමන්ගේ හොරකම් ගැන වාර්තා මාධ්‍යයේ පළවුනා දැක්කම මෙහෙ ඇවිත් අත් අඩංගුවට වැටෙන්න තරම් ඔය වගේ අන්තර්ජාතික හෙරක් මෝඩ නෑ. (ස)
ඔය කියන සමගම ස්ටෝච්ක් මර්කෙට් එකෙත් ලිස්ට් , මුළු මර්කෙට් ස්ටෝච්ක් මර්කෙට් එකේම මේ සමාගමේ කොටස් ගත්ත අය. දැන් නැතිවෙලා ඉන්නේ,,, (ස)
දෙන්ඩ අය ඉන්නකම් ගන්න අයත් අඩුවක් නැහැනේ අජන්ත (දිල්)
පළමු අදහස පැහැදිලි නැත්නම් සමාවන්න.ටොවඩ් වූඩ් ඉන්වෙස්ට්මෙන්ට් කියන සමගම කොලොම්බෝ ස්ටෝච්ක් මාර්කට් එකෙත් ලයිස්තු ගත සමාගමක්. නමුත් මේ සමගම කොටක් හිමියන්ට වැරදි ප්‍රතිරූපයක් කොටස් සම්බන්ධයන් මවල අහිංසක කොටස් වෙළද පලේ ආයෝජකයන්නව නැති කලා.එක්තරා තැරව්කාර ආයතනයක් මේකට වග කියන්න ඕනේ,,2010 මේ කොටසක වටිනාකම රු 40/- නමුත් අද රු 2/-..කව්ද මේවට වග කියන්න ඕනනේ.. (ස)
අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වහන්නයි හදන්නේ. (ස)
මගේ තාත්තා යුධ හමුදාවේ සේවය කරන කාලයේ මේ වන වගාවට මුදල් බැන්දා.. මට මතක හැටියට 2018 වසර වනකොට වන වගා ඔප්පුවේ කල්පිරීමට ඇති නිසා තාත්තා මට කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මම ගූගල් එකෙන් හොයන කොට දැන ගත්තා වන වගාව දැන් විනාශ කරලා අපේ මිනිසුන්ගේ සල්ලි අරන් රටින් පැනලා ගිහින් අනේ අපට වේච්ච දෙයක්...