ඉදිරියට යෑමට පෙර නිවැරදි කර ගත යුතු බොහෝ දේ ශ්‍රී ලංකාවට තිබෙන හෙයින් ඒ සඳහා කාලය ලබාදී මදක් ඉවසිල්ලෙන් සිටින්නැයි අන්තර්ජාතික ප‍්‍රජාවගෙන් හා විශේෂයෙන් ජගත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේදී පැවසීය.
තම ඇමරිකා සංචාරයේ එක් අදියරක් ලෙස වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර සාමය සදහා වන කාර්නගී එකමුතුව අමතමින් සිදුකළ දේශනයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ෙමෙම කාලය ශී‍්‍රලංකාවට ඉතාම සංවේදී කාලයක් බව ඔහු කීය.නව රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමටත්,යහපාලනය ස්ථාපිත කිරීමටත්,නීතියේ ස්වාධිපත්‍ය පවත්වාගැනීමටත්,සියළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් සුරක්ෂිත කිරීමටත් කැපවී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඇමරිකා ජනපති බරක් ඔබාමා සංචාරයක් සදහා පැමිණෙන්නේ නම් ඔහු පිළිගැනීමට ශී‍්‍ර ලංකාව ඉතා කැමැත්තෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසීමේ ගුණය ඇමෙරිකාවට මෙන්ම උතුරු පළාත් සභාවටත් කියා දිය යුතුය (නදී)
මංගල සමරවිර දක්ෂයි. මීට කලින් චන්ද්‍රිකාගේ කාලයේත් විදේශ සේවයේ හිටියනේ (නදී)
කෝලිත මහත්මයා, ටිකක් සුභවාදීව හිතන්න. මංගල ඇමතිවරයා කියන එක හරි. අපි මේ වෙලාවේ ජාතියක් වශයෙන් අපේ දුර්වර්ණ වුණ කීර්තිය නැවත ගොඩනඟා ගන්න බොහොම ඉවසිල්ලෙන් වැඩකරන්න ඕනෑ. ප්‍රශ්න වලින් හැංගිලා ඉන්න උත්සාහ කරනවට වඩා සංයමයෙන් ඒවාට මුහුණදෙන එකයි අද රටට අවශ්‍ය. අපි කවුද කියලා ජාත්‍යන්තරයට පෙන්නලා දෙන්න මංගල ඇමතිවරයා තමයි සුදුසුම පුද්ගලයා හැටියට මම දකින්නේ. අපි පක්ෂ පාට අමතක කරලා ධනාත්මකව මේ දේවල් දිහා බලමු කියලා මම යෝජනා කරනවා. (නි)
මංගල මෙච්චර ඉක්මනට වැඩ පටන් ගත්තේ මහ මැතිවරණයේදී පරදින බව දැනගෙන. අපි දන්නවා මංගලගේ හැටි. (නදී)
බන්දුල හේවාවසම් මහත්මයාණනි, ඔබ තුමාගේ අදහස් දැක්ම හරිම අගෙයි. ස්තුතියි. බන්දුල මහත්මය දැකල තියෙනවද, සමහර ගවයින් කපල ගෙනත් දෙන තණකොළ කන්න අකැමති යි. උලාකන්න තමයි කැමති. ඒවගේ අපි මොනවා කිව්වත් නොතේරුන වගේ ඉන්න අයත් ඉන්නවා , අර මම කියපු ගවයෝ වගේ. (නදී)
බත් මුට්ටිය ඉදෙනතුරු ඉවසලා ඉන්න. අප්‍රේල් වෙනතුරුම බෙදලා දෙන්න පුළුවන් එතකොට. (නි)
ඔව්, දැන්ම ඇමෙරිකාව ඉල්ලන දේවල් දුන්නොත් මහා මැතිවරනෙන් පරදිනවා. ටික ටික ඇමෙරිකාවට ඕන දේවල් කරපුවහම කාටවත් තේරෙන්නේ නැහැ. බන්දුල හේවාවසම් මහත්තයා දන්නේ නැතුවට ඇමෙරිකාව උදව් කරලා ගොඩගිය/ දියුණුවුණ එක රටක් කියන්න පුලුවන්ද? පේනවනේ මැදපෙරදිගට, පිලිපිනෙට, කරලා තියන උදව්වල තරම? (නදී)
මිනිස්සු වැඩ නොකළත් නරකයි. වැඩකළත් නරකයි. අනේ මන්දා? (නි)
ටිකක් ඉවසන්න කියන්නේ ඇයි දන්නෙ නැහැ (නි)
විනාශයට ,අසමගියට,ත්‍රස්තවාදයට,රටවල් කඩන්නට උදව් කරන්න ඇමෙරිකාව ඕනෑම වෙලාවක සුදානම්. (නදී)
අජිත් කරුණාරත්න සහ සම්පත් මහත්වරුනි, ඔබලාගේ අදහස් වලට ස්තුතිය්. සම්පත් මහත්මයා කියනවා වගේ අපේ දේශපාලකයෝ හුඟක් දේවල් කරන්නේ නම් මැතිවරණයක් බලාගෙන තමයි. කනගාටුවෙන් හරි කියන්න ඕනේ මමත්වයම නැතුව රට ගැන හිතලා වැඩ කරන දේශපාලකයෝ බිහි වෙන්න මේ පවතින රාමුව ඉඩ සලසන්නේ නෑ. ඒ වගේ ජාතික නායකයෝ ලබන්න අපේ රට පින් කරලා නැතිද කියලත් හිතෙනවා. කොහොම වුණත් ඇමෙරිකාව එක්ක ගනුදෙනු කරන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. එත් ලෝකේ පොලිස්කාරයව තරහ කරගෙන කොහොමද. කාලයක් තිස්සේ අපේ පාලකයෝ ඇති කරලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපිට බොහොම කලපනාවෙන් වැඩ කරන්න වෙනවාමයි. අපේ රටේ භුමි පිහිටීමේ හැටියට ඔය හැම බලවතාටම අපව අවශ්‍ය වුණේ අද ඊයේ නෙමේනේ. විටින් විට පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගන්න අපි අපේ වල ටික ටික හාරගත්තා. අපේ දරුවොන්ට තමය මේවෑ ප්‍රතිඵල භුක්ති විදින්න වෙන්නේ. ගොඩ යාම කෙසේ වෙතත් ඉන්න තැනින් පහලට වටෙන්නේවත් නැතිව අපට ඉන්න පුළුවන් වුනොත්...... (අ)
කොහොමද මංගල මහත්තයා වැඩකරන විදිය? ලෝකෙත් එක්ක ඉතාම දක්ෂ විදියට ගනුදෙනු කරනවා. එතුමා හරියට හරි. හැමදෙයක්ම නිවැරදි කරන්න කාලය අවශ්‍යයි. ඒ නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව මේ තනතුර හොබවන්න ඕනෑ (නි)
අප්‍රේල් වෙනකන් විතර හින්දා ඉක්මනට මේක කරපු එක හොඳයි (නදී)