
(බී.ජී. චතුරංග)
අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ වයස අවුරුදු 14ක බාල වයස්කාර පාසල් දැරියක් "ටික් ටොක්" සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලිංගික අතවරයට ලක් කර ඇතැයි පොලීසිය කියයි.
නවය වසරේ ඉගනුම ලබන මෙම දැරිය, පාසලට නොපැමිණෙන තරුණයකු සමග ගොස් පසුව දින පාසලට පැමිණ සිටින බවට, විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය කියයි.
"ටික් ටොක්" සමාජ මාධ්‍ය මඟින් හඳුනා ගත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා සමඟ දැරිය ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත දැරිය විසින් සැකකාර පෙම්වතාට ඇයගේ නිරුවත් ඡායාරූප යවා ඇති බව පොලිසිය කියයි.
අනතුරුව එම සැකකාර පෙම්වතා එම ඡායාරූප 'ෆේස්බුක්' වෙත මුදා හරින බවට දැරියට තර්ජනය කර බිය ගන්වා, කුරුණෑගල ප්‍රදේශයට ගෙන්වා ගෙන මෙම ලිංගික අතරවරයට ලක් කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං අමාරුව සනීපෙයි කෙල්ලෙ?
ලංකාවෙ කොටසක් දත නියනවා ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනලු ළමයින්ට . එහෙම එකක් නෙවෙයි අවශ්‍ය . මේ වගේ අමු ගව වැඩ කරන එක නවත්වන්න ළමයින් දැනුවත් කරන්න ඕන.
කුමන හේතුවක් නිසාවත් තමාගේ නිරුවත් චායාරුප ගැනීමට ඉඩ හැරීමට හෝ තමා විසින් යැවීමට හෝ කටයුතු නොකළ යුතු බව පාසලේ දී සහ ගෙදරදී තදින්ම උපදෙස් ළමයින්ට දිය යුතුයි.