තමිල් මක්කල් විදුතලෛ පුලිගල් (ටීඑම්වීපී) පක්ෂයේ මහලේකම් හා නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී පූපාලපිල්ලේ ප්‍රිෂාන්තන් (30) කාත්තන්කුඩි පොලිසියෙන් අද (23) අත්අඩංගුවට ගත් බව කියයි.
2008 දී ආරියම්පති පොදු වෙළඳපළේ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අවශ්‍යව සිටි බව පොලිසිය පවසයි.
ටීඑම්වීපී පක්ෂයේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාය. ඔහු හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද ශ්‍රීලනිපයේ උප සභාපතිද විය. කොටි නායක ප්‍රභාකරන්ගේ නැගෙනහිර නායකයා වූයේද කරුණාය.
කරුණාගේ සමීපතමයකු වන ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර හිටපු මහ ඇමැති දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන විදියට පිල්ලෙයාන් ගිරවා වෙලා වගේ. කට්ටියම පරිස්සමින් හිටියොත් හොදා (බ)
හොඳම වැඩේ මේගොල්ලන්ට හමුදාව එක්ක එකතු වෙලා එල් ටී ටී ර්‍ර පැරද්දුවට. දැන් ඉතින් එල් ටී ටී ර්‍ර සනසවන්න අලුත් ආණ්ඩුවෙන් කරන පළිගැනීම් වලට මුණ දෙන්න ලෑස්ති වෙන්න. හූ හොඳම වැඩේ පිරභාහරන්ට විරුද්ධ වුනාට..(රේ. )
මිය ගිය මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉටුවීම සඳහා ගතවූ කාලය වැඩියි. (ත)
එහෙම තමයි. නීතියට කවුරුත් යටයි (නි)
සුසන්ත,යමක් ලිවීමට නිදහස තිබු පළියට ජාතික ප්‍රශ්න වලදී ඔය තරම් පටු විදියට හිතන්න එපා. පිල්ලෙයාන්, කරුණා අම්මාන් විතරක් නොවෙයි, මහින්දලා. නාමල්ලා, ගෝඨලා වුණත් වැරදි කරලා තියෙනවා නම් දඬුවම් විඳින්නම ඕනෑ. නීතියක් අධිකරණයක් තියෙන්නේ ඕවට තමයි. (නි)
නිශ්ශබ්දව බලාගෙන ඉන්න එකයි හොඳම දේ (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)