යුද සමයේ මිය ගිය කොටි සාමාජිකයන් ඇතුළු දෙමළ ජනතාව සැමැරීම මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කල්හිදී සිදු කරන බවත්, මොන බාධා අවත් එය නොනවත්වන බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා කීවේය.
එවැනි සැමරුමකට කාගෙන්වන් අවසර ගැනීමට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය මිනිසුන් සමරන එක වරදක්ද? (නි)
මේ අයත් තම ඡන්ද ටික රැකගන්න හිතට වදින මොනවාහරි කැටයමක් දානවා. ඕක කළා කියලා ප්‍රභාකරන් නැගිටලා එයිද? දුන් නිදහස හොඳටම වැඩියි. (නි)
යුද්ධයේදී දිවිපිදූ තමන්ගේම මිනිසුන් සැමරීමේ අරමුණකින් නම් මෙම උත්සවය කරනු ලබන්නේ එයට දොස් කීම සුදුසු දෙයක් නොවන බවයි මගේ අදහස. (නි)
“මොන බාධා අාවත් එය නොනවත්වන බව“ පැවසීම නිර්භීත ප්‍රකාශයක් (නි)
මියගිය අය සිහිපත් කිරීම ගැටළුවක් කරගතයුතු නැහැ. එහෙත් කොටි සැමරීමට ඉඩදියයුතු නැහැ. එදා මළ හැමෝම කොටි නොවන බවත් දැනගත යුතුය. පහන් පත්තු කිරීමට බාධා කිරීම නම් හොඳ නැහැ නේද? (නි)
ධම්ම වගේ මෝඩයෙක්. ලුම්බිණි, වැරැද්ද තියෙන්නේ මියගිය මිනිසුන් සමරන එකේ නෙමෙයි. මියගිය ත්‍රස්තවාදීන් සමරන එකෙයි. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)
මියගිය ජනතාව (කොටි, සිවිල් වැසියන්, කව්රුන් හෝ වේවා ) සමරන්න ඒ අයට අයිතිය තිබෙනවා. (නි)
කලබල වෙලා වැඩක් නැහැ .මේ තමයි අපි බලාපොරොත්තු විය යුතු සුපිරි වෙනස (බ)
අපේ අය සමරන්නේ නැහැ. කොටි සමරනවා. අනේ මගේ රටට ගිය කලක්! (නි)
ත්‍රස්තවාදීන් සමරන්නේ නැතුව යුද සමයේ ජීවිතක්ෂයට පත්වූ සිවිල් ජනතාවගේ අනුස්මරණ සැමරීම වරදක් නොවන අතර, එමඟින් ව්‍යාජ ලෙස කොටි සාමාජිකයන් සැමරීම වැළැක්වීමට සිවාජිලිංගම් මහතා වගකීම ගෙන මුල්තැනගෙන රටේ අනිසි ප්‍රශ්න ඇතිකරවීම වැළැක්වීමට වගබලා ගතයුතුය (නි)
ඒක තමයි. මේවා අමානුෂික අයිතිවාසිකම්. (අ)
දැන් ඉතින් වෙන දෙයක් බලාගෙන ඉඳිමු. මේවට කැමති නිසානේ මහින්ද ජනාධිපතිතුමා ගෙදර යැව්වේ. (නි)
ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ වගෙයි යුද ජයග්‍රහණය සමරන්න (නි)
උතුරේ එදාට කොටි කොඩිය ඔසවනවාමයි. නැතිවුණොත් ලෝක පුදුමයක්. මොකද අපේ සමහරු යුධ ජයග්‍රහණ උත්සවයත් නවතා දැම්මනේ. (නි)
අපේ මිනිස්සු අපේ රට විකුණුවා.....(ම)
මොකද මේ කරන්න හදන්නේ. (ර)
ලොක්කා ගිය තැනට යන්න ඕන වෙලා වගේ (ම)
මැරුන අයව සමරන්න ඒ ඒ අයගේ දෙමාපියන් හිතවතුන්ට දෙනවා මිසක කොහෙවත් යන මේ දේශපාලුවන්ට උන්ගේ බඩගොස්තරේ රැකගන්න කරන මේ කපටි වැඩේට ඉඩ දිය යුතුද? (බ)
මහින්ද නැති පාඩුව (බ)
කෝ වෙනස ඉල්ලපු අය? (නි)
අපේ දේශපාලන නායකයන් නම් ඕක සමරන එකක් නැහැ . යුද්ධයක් තිබුනද කියල ඒ යට අමතකයි. ඉතින් ඔය අයම සමරගන්න. (ර)
අපි යුද ජයග්‍රහණය සමරුවොත් ලකුණු වැටෙන්නේ කාටද කියලා තේරෙනවනේ. ඒ හින්දා සැමරුම නොකර ඉඳිමු නේද? (නි)
ඕකට අපේ ඇමතිලා යන්නේ නැති එක පුදුමයි. (ර)
ඔය නැහැයි කිව්වට යස අගේට වෙන්නේ නේද ? (ර)
මෙයට ඉඩ දිය යුතුද.? (ර)
මියගිය දෙමළ ජනතාව සැමරීමට ශ්‍රී ලාංකික සැමටම අයිතියක් තිබේ. නමුත් එයට මුවාවී කොටි සමරනවා නම් ඒ අයට විරුද්ධව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. මේ සැරේ හරියට නීතිය ක්‍රියාත්මක කළොත් ඊළඟ සැරේ මෙහෙම පුවතක් අපේ නෙත නොගැටේවි. (නි)
ගිය අවුරුද්දෙත් සද්ද දාලා සැමරුවට අාවේ 8 දෙනයි. මේ වගේ මිනිසුන්ට අනවශ්‍ය ප්‍රචාරය දීලා මේ අයව වීරයෝ කරන්නේත් අපේ මිනිස්සුම තමා. (නි)
දැන් ඉතින් කොටිනේ රටේ වීරයෝ වෙලා තියෙන්නේ (නි)
රටට ජාතියට ආදරයක් නැති ජාතික ගීයත් කොලයක් බලාගෙන කියන නායකයෝ ඉන්න රටක මීට වඩා දෙයක් වුනත් මොකුත් කරන එකක් නෑ..එ්ක සන්හිදියාවට බාධාවක් වෙනවනේ..මහින්දව ගෙදර යවල කරගත්ත කරුමයක්..(බ)
මියගිය සිවිල් වැසියන් සමරුවට කමක් නැහැ. නමුත් මියගිය ත්‍රස්තවාදීන් සමරන්නේ ත්‍රස්තවාදයට අනුබලදෙන හිංසනයට/යුද්ධයට භීෂණයට කැමති මිනිස්සු විතරයි. කිසිම අාගමකින් යුද්ධයක් හිංසාවක් හොඳයි කියලා උගන්වන්නේ නැහැ (නි)
ත්‍රස්ත මර්දන පනතත් අහෝසිවෙනවා කියලා කතාවක් තිබෙනවා නේද? රටින් කෑල්ලක් යන එක ගැනත් දැන් දැන් මිනිස්සු කතාවෙනවා. යහපාලනයට ජයවේවා! (නි)
සමහර යහපාලන මන්ත්‍රී ඇමතිලාටත් කතාකළොත් ඒවි එකපයින්. (නි)
මේ ඔක්කොම මැතිවරණ පොරොන්දු කියලයි අපි නම් හිතන්නේ. කිසිදේකට බයවෙන්න ඕනෑ නැහැ. (නි)
අපේ හාමුදුරුවොත් ගිහින් ආගමික වතාවත් කරලා ඒ අයට දානයක් දුන්නා නම් ඕක ඉවරයිනේ. එතන මැරුන සාමාන්‍ය මිනිස්සු මතක් කරලා දානයක් දෙන්න. ඕවා බෙදිලා කරන්න ගියාම තමයි ප්‍රශ්න. (නි)
සමහරු ගොනාට පැලේ කන්න දීලා අහනවා දැන් කනවා නේද කියලා. රටේ මුළු ජනගහණයෙන් 13% ඉන්න ජාතිය, වැරැද්ද දේශපාලුවන්ගේ සහ ඡන්දෙ දීපු අපේ. (නි)
අපිටත් ආරාධනා කරන්නකෝ. අපිත් එන්නම් සහෝදරවරුනි. (නි)