මෙවර පළාත් සභා මැතිවරණයට තරඟවැදී සිටින දෙමළ ජාතික සන්ධානයේ අරමුණ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශ හිතෛෂී ජනතා ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් දෙමළ ජාතික සන්ධානයෙහි ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු සිව් දෙනකු නම් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද නඩුදාන්නෙ? (නි)
අර වැඩෙ කරල ඩැම්මානම් ඉවරනෙ (අ)
අඩුම ගානේ ඔහොම දෙයක් හරි කළානේ.තමන්ට පෙර රට. (නි)
මේවා සෝබන වැඩ අපිට නම් (නි)
ටි.න්.ඒ එකට ඕන විදියට නටන්න දෙන්න බැහැ.අපේ රණවිරුවෝ අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණයට වටිනාකමක් අපි ලබාදෙන්න ඕනෑ. (නි)
මේක වැරදි නම් උතුරේ මිනිස්සු අනුමත කරන එකක් නැහැ,උතුරේ මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත ඡන්දෙන් බලාගනිමු. දකුණේ මිනිස්සු උතුර පාලනය කරන්න ගිය එක තමයි එදා ඉදලම වෙච්ච වැරැද්ද,එහෙත් අපි දකුණවත් හරි හැටි හදාගෙන නැහැ තාමත් (නි)
හරියට හරි ඩෙන්සිල් . 1994 ඉදලාම ප්‍රතිපත්ති ප්‍රකාශවල තිබෙනවා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. අවුරුදු 20ක් ගියත් තවම වුණාද? (නි)
සත්‍යා ..............වන ඔබට ජාතිය රට ගැන හැගීමක් කොහෙත්ම නෑ. ගුණදාස අමරසේකර මහත්මා මෙරට සාහිත්‍ය පෝෂණයට විසාල සේවයක් කල ,රටට ජාතියට ආදරේ ඇති සුජාත පුත්‍රයෙක්. රටට ජාතියට ආදරේ කිරීම ජාතිවාදයක් ලෙස ඔබ දකිනවා නම් ඔබ මේ රටට අයිති කෙනෙක් නොවෙයි. (දී)
ජාති වාදයට ,ජාති වාදය ඕක නොතේරන අමරසේකර. මේ අය අමු ජාති වාදීන්.(නදී)
ඉන්දියානු රජයේ බලපෑමට ලංකාව ඕනෑම වහල් වැඩක් කරයි, නැතිනම් කෙලින්ම රටේ ව්‍යවස්ථාවට පටහැනි දේ කොහොමද එළිපිට ප්‍රකාශ කරලා බලපෑම් කරන්නේ? (අ)
පළාත් සභා ඡන්දය පවත්වා මේ රටේ සමගිය,සාමය,දියුනු කිරීමයි වියයුත්තේ. එසේ වුවත් ටී.එන්.ඒ සන්විධානය විටින් විට කරන ප්‍රකාශන බෙදුම්වාදය ඇතිකිරීමේ බලාපොරොත්තුවෙන් කරන ප්‍රකාශන යැයි සිතේ (නි)
කොහොමත් මේ වගේ මිනිස්සුන්ට ඡන්දේ නොදෙන එක තමයි වඩා හොද. (නි)
මෙරටේ මිනිස්සු මේ කතා පිළිගන්නවා එහෙම නෙමෙයි ඔන්න. (නි)
මට නම් කියන්න තියෙන්නේ මේ කිසිදු අපේක්ෂකයෙකුට කතිරය නොගැසීමට සිංහල ජනතාව වග බලා ගත යුතු බවයි. (නි)
උද්ගෝෂණය කරන්න කියලා කියන්න ඕනෑ අහවලාට. (නි)
හැමදාමත් අප මව්බිම රැක ගැනීම වෙනුවෙන් කිසිම බලවේගයකට නොබියව කොන්ද කෙලින් තබාගෙන දැඩි කැපවීමකින් කටයුතු කරන ගුණදාස අමරසේකර විද්වතා ප්‍රමූඛ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයට අන්තවාදීන් යැයි හැඳින්වීමට තරම් කෙනෙක් අකාරුණික වුයේ නොතේරුම්කමටද, කුහකකමටදැයි සිතීම වටී (නි)
කවුද නඩු අහන්නේ? (නි)
මම මේ බලාගෙන ඉන්නේ ලුම්බිණි එනකන්... (නි)
විජේදාස මහත්තය කිව්වා නේද නඩුදාන්න බැහැ කියලා. ඔය දාලා තියෙන්නේ... මෙයට මුල්වුන සියලු දෙනාට මගේ ප්‍රණාමය. (නි)
ඔය ගැන අප මොකටද කලබල වන්නේ. එන විදිය බලාගෙන ඉදිමු.රට බෙදන්න ඉල්ලුවොත් එයට ගන්න පියවර තිබෙනවනේ.දැන් බලන්න මතට තිත තියනවා කිවුවා. දැන් තිතට මත. තව කට්ටියක් ධර්මිෂ්ට සමාජයක් කිවුවා.ඔය ප්‍රකාශන වල තිබුණු දේවල් ඔක්කොම කරලා තිබුනා නම් ශ්‍රී ලංකාව දැන් සුරපුරක්. උතුර රටෙන් වෙන්වෙන්න යනවා නම් එයට පසුබිම හදලා තියන්නේ දෙමළද සිංහලයද ? (නි)
නැවතත් මේ කොහෙද යන්නෙ? (නි)
මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ටි.එන්.ඒ. ඡන්දය ඉල්ලීම වැළක්විය යුතුයි. මේ ඡන්දය ඔවුන් දිනුවොත් දෙමල ජනතාව ඒ ඡන්ද ප්‍රත්පත්ති අනුමත කළා කියලා සිංහල රට බෙදන එක කරනවාමයි. ඔවුන්ට ජ්‍යාත්‍යන්තර මැදිහත්වීමකට ජනතාව අනුමැතිය දුන්නා කියලා ලෝකයට ඔප්පු කරන්න පුළුවන්. (නි)
සමහරු කිසිම දෙයක හොදක් දකින්නේ නැති , දකින්න කැමති නැති එලොවටත් නැති,මෙලොවටත් නැති අය... (නි)
ගුණදාස අමරසේකර මතයට අපි සාහිත්‍යධරයෙක් හැටියට හරි ආදරෙයි,ඒත් අන්තවාදය නම් කවුරු වුණත් අනුමත කරන්න බැහැ. (නි)
සමහරු රට ජාතියට ආදරේ තියෙන මිනිස්සු නෙමෙයිනේ (නි)
බෙදුම්වාදයට විරුද්ධ වෙන එකට කියන්නෙ අන්තවාදය කියලද? (නි)
සත්‍යනම් ජාතිවාදී නැහැ.ඒක අපි දන්නවා හොදටම. (නි)