IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ටී.එන්.ඒ ජාතික ලැයිස්තුව අසාධාරණයි‘

දෙමළ ජාතික සන්ධානය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන්  දෙදෙනකු පත්කිරීමේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ උවමනාවට  හා ඔවුන්ගේ කැමැත්තට පමණක් සීමාවී එය සිදුකිරීම අනුමත නොකරන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

මහ මැතිවරණයට පෙර පක්ෂය විසින් පවත්වන ලද සාකච්ඡාවලදී තීරණය කළේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කළ යුතු බවට වුවත් කිසිදු සාකච්ඡාවකින් තොරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට උවමනා අන්දමට මන්ත්‍රීවරුන් පත්කර ඇති බව කී මන්ත්‍රීවරයා එය දෙමළ ජාතික සන්ධානයේ පොදු එකඟතාවය නොවන බවද කීවේය.

තමන් මෙවර මහමැතිවරණයෙන් පරාජය වුවත් තවමත් ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායකයා තමන් බැවින් දෙමළ ජාතික සන්ධානය යනු පක්ෂ 4ක සංයුතියක් හෙයින් මේ ගැන තමන්ගෙන්ද විමසීමට සදාචාරාත්මක අයිතියක් තිබුණු බවද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

‘ටී.එන්.ඒ ජාතික ලැයිස්තුව අසාධාරණයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site