දෙමළ ජාතික සන්ධානයේ උත්සාහය රට ආපස්සට ගෙන යෑම බවත්, එහෙත් රජයේ උත්සාහය රට ඉදිරියට ගෙන යෑම බවත් මහින්ද රාජපක්ෂ ජනපති මුලතිව් පුදුකුඩුඉරිප්පුවේ  පළාත් සභා ඡන්ද රැස්වීමකදී අද ප්‍රකාශ කළේය.

‘පළාත් සභාව ජයග්‍රහණය කර වෙනම රාජ්‍යක් ඉල්ලන පිරිසකුත් ඉන්නවා. ඔවුන්ගේ උත්සාහය දෙමළ ජනයාගේ ජීවන තත්ත්වය උසස් කිරීම නොවේ. ආර්ථික දියුණුවත් නෙවේ. රට ආපස්සට හැරවීමයි. රට බෙදීමයි. උතුරේ ජනයා තීරණය කළ යුත්තේ රට ඉදිරියට ගෙන යනවාද එසේ නැත්නම් රට ආපස්සට හරවනවාද යන්නයි.‘