සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේදී බැන තර්ජනය කළැයි රිමාන්ඩ් භාරයේ සිටි බොදුබල සේනා කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් දෙලක්ෂයක ශරීර ඇපයක් මත හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (23) මුදා හැරියේය.
සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් තැන් තැන්වල විවිධ ප්‍රකාශ නොකරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත් ලබන මාර්තු 24 වැනිදාට නඩුව කල් තැබීය.
අධිකරණයේ කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර ඒ හිමියනට ඇප ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතුවේ තිබුණු ජාත්‍යාලයට ඇප නොඉල්ලා හිරගෙදර දිගටම ඉන්න ඉල්ලයි කියලා. සද්දේ හැටියට වැඩ නම් නැත (නි)
අනේ හොදයි!.මින් පසුවවත් අපේ ආගමේ ගෞරවය රැකගෙන ආදර්ශවත් ලෙස හැසිරෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. වාසියට හරි දේශපාලනය කරමු ආදර්ශවත් විදිහට.(බ)
සාධු වාචාය සංවරෝ කියලා කිව්වලු. කලින් පිළිපැද්දා නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැනේ. (නි)
පටන් ගත්තේ සිංහ නාදෙන්, අවසන්වුණේ කෙඳිරියකින් (නි)
හාමුදුරුවන්ට ඇප දුන්නේ නිකන් නෙමෙයිනේ. (නි)
ඕස්ට්‍රේලියාවේ චන්දන, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියනුත් වැඩකළේ එන තත්වයට මුහුණදීලා තමයි. අහලා නැද්ද පානදුරාවාදයේ කතාව. වාරියපොළ ශ්‍රී සුමංගල සහ කඩහපොල හිමියනුත් ඔලු පාත් කරගෙන හිටියේ නැහැ. තමන්ගේ ශීලය පැත්තක තියලා රට ජාතිය ආගමට අසාධාරණයක් වුණාම ඉදිරියට ගියා. ඉතිහාසය කියවලා සමානකම් තේරුම් ගන්න. (නි)
හොඳ සිහියෙන් රට වටේ ඇවිද සිංහලයා, බෞද්ධයා ඇදවැටි සිටින ශෝචනීය තත්වය, සිංහල බෞද්ධ අයිතිය, බොදු පුරාවස්තු වැනසෙන හැටි තේරුම් නොගෙන බලපෙරේත දේශපාලන ගැතියන් වී ඥානසාර හිමිට දොස් පවරන්නවුන්ට අනාගත සිංහලයන්ගේ ශාපය ලැබෙනු ඇත. (නි)
ඒක හොඳයි. දැන්වත් තේරුම් ගනීද කියලා බලමුකෝ.(හේ)
මේ උන්නාන්සේට ඇප දීපු එක හොඳයි. එහෙම වුනත් බුදු බණ දේශනාවට වඩා වැදි බණ දෙසන මේ හාමුදුරුවන්ට කට පරිස්සම් කරගන්න පුළුවන් වීම ඉතාම අසීරු කරුණක් වෙන්නත් පුළුවන්. (බ)
වාරියපොළ සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැනි ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේලා සමඟ මුන්වහන්සේ මට නම් කිසිසේත් සැසඳිය නොහැක. මහින්ද හිමිගේ කවි පෙළින් කිසිදාක තර්ජනාත්මක, බෞද්ධ භික්ෂුවකට නොසරිලන වචන ඉදිරිපත් වී නොමැත. (නි)
නිමල් ලලිත, ඔයා හරියටම හරි. බලන්න අද අපිට සහ අපේ ආගමට කරන දේවල් සහ කරන්න යන දේවල්. නිදාගෙනම ඉන්න. ඒත් කමක් නැහැ. මේ වගේ හාමුදුරුවරුන්ට මඩ ගහන්නේ නැතුව හරි ඉන්නවා නම් ඇති. (නි)
දෑන් නම් උන්නාන්සේගේ කට වෑහේවි දන්නවානේ ඉස්සර සෙල්ලම් බැහැ කියලා කාපු පරිප්පුවෙන් (බ)
ආයෙත් මෙහෙම හැසිරුනොත් නම් මාස හයක්වත් ඇප නැතුව යවන්න ඕනෑ (නි)
හාමුදුරුවන් පුදුම විදියට දැන් ශාන්තවෙලා (නි)
සිංහලයන් වෙනුවෙන් වචනයක් කතා කළොත් ඉවරයි. පේනවා නේද එකම මිනිහා අදහස් 15ක් විතර දාලා. (නි)
සෑම බෞද්ධයකුම බුදු දහමේ සඳහන් වන ආකාරයට භික්ෂුන් වහන්සේ නමක් ලෙස හඳුන්වන්නේ කවුදැයි හරියට අවබෝධ කරගත යුතුය. එසේ නැතුව, ගිරව් මෙන් පන්සිල්, අටසිල් සහ දසසිල් සමාදන් වීමෙන් පලක් නැත. (නි)
රකිත්, වාරියපොළ ශ්‍රී සුමංගල, කුඩහපොළ සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිවරුන් හිටිය යුගය ගැනත් ඔවුන්ගේ හැසිරීමේ වැරදිත් කියන්නකෝ. ඔවුන්ගේ හැසිරීම් ඥානසාර හිමියන්ට යම්කිසි අයුරකින් සමාන වෙන්න ඇති. ඒ වගේම අපේ අනගාරික ධර්මපාලතුමා ගැන ඔබ මොකද කියන්නේ. ඒවත් වැරදිද. (නි)
රිස්වාන්, දන්නා දෙයක් කතා කරන්න (නි)
දිනේෂ්, ඔබ හරි. මෙතන අදහස් දාන අය ඔය පොත් කියවලා නැහැ. මෙයාලට කියන්නකෝ විල්පත්තුව පැත්තේ ගිහින් ඉඩමක් ගන්න. (නි)
අපේ හාමුදුරුවනේ විජාතිකයින් කියන ඒවා ඉවසන්න පුළුවන් අපේම සිංහලයෝ කියන ඒවා තමයි ඉවසන්න් බැරි නේද. මෙහෙව් සිංහලයෝ වඳවී යාම පුදුමයක් නොවෙයි හාමුදුරුවනේ. අපි ඔබ සමගයි හාමුදුරුවනේ. (කෞ)
දැන්වත් හැදෙයි කියලා හිතනවා.(හේ)
මහින්ද ආර් ඔබ හරියට හරි කාලයේ හැටියට සටනත් වෙනස් වෙනවා. එමනිසයි මේ අපේ හාමුදුරුවන්ට මේ විදිහට සටන් කොරන්න උනේ. (කෞ)
දැන්වත් ජාතිවාදී අදහස්වලින් මිදිලා රටට දැයට යහපත් දෙයක කරන්න සිත් සතන් පෑදේවා. මේ කියන්නේ හුසේන් මොහොමඩ්. අරෙහෙ මුලතිව් කැලේ එලිකොරලා (කෞ)
රඛිත මේ හාමුදුරුවන් ගෙන් වුන වැරැද්ද මොකක්ද. (කෞ)
කාට කටත් තේරෙන්න ගන්නේ අපේ හාමුදුරුවෝ කියපු දේවල් සිද්දවෙන්න ගත්ත දාට. යුද්ධයක් තිබුණු රටක්ද කියලා කාටවත් මතක නෑ. (හේ)
රකිත් හැම හාමුදුරු කෙනෙක්ම සීලයම රැකගෙන සිටියානම් මේ රටින් බුද්දාගම ගිහිල්ල බොහොම කල්. සීලයම රකින හාමුදුරුවරුන්ගේ ඒගොල්ලන්ට මිස අපට වැඩක් නැත. (කෞ)
නිහාල් මහත්තයාගේ කතාවට මාත් එකඟයි.(හේ)
එළියට ආපු ගමන් කැමරාවට ප්‍රකාශ වගයක් කළ බව ටිවී එකේ දැක්කා. බොහොම හොඳයි හාමුදුරුවනේ. අපට නැවත කාලයක් එන බව පෙනෙනවා. (කෞ)
එදා වාරියපොළ ශ්‍රී සුමංගල මිගේට්ටුවත්හේ ගුණානන්ද,තොටගමුවේ ශ්‍රී රාහුල,එස් මහින්ද හිමි ,ඇතුළු මෑතකදී බිහිඋන ගරුතර සෝම හාමුදුරුවන් වහන්සේ ඇතුළු හිමිවරු....අනගාරික ධර්මපාලතුමා වැනි අය.... පාපකාරී....සිහලුන්ගේ පාපයටම අහිමි වුනත්.... එම යතිවරු අදත් හිටියානම්...මේ යන විදියට ජීවිත කාලය පුරාවටම හිරබත් දන් වෙනුවට වළදන්න වෙනවනේද??? (හේ)
කොට්ටෝරුව හැම ගහටම කොටලා අන්තිමට කෙහෙල් ගහට කොටලා හිර වුන වගේ වැඩක්. (හේ)
ජයන්ත මහත්මා, ඔබට ස්තුතියි. හුසේන් මොහමඩ් මහත්මයා, ඔබේ අදහස නම් ඉතාමත් වටිනවා. සිංහල අපි ජාතිවාදී වෙලා නැහැ. නමුත් සිංහල අපිට පහර පිට පහර වැදෙනකොට නිකන් ඉන්න බැහැනේ. එහෙත් ඔබේ ඉල්ලීමට ඔබට දහස් වරක් ස්තුතියි (නි)
හාමුදුරුවෝ ගැන දුකයි (නි)
එළියට ඇවිල්ලා ලොකු කතා එහෙම කිවුවේ නැද්ද? (නි)
විල්පත්තුවේ විතරක් නෙවෙයි ඔය සිංහල නම් වලින් හාමුදුරුවන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන අයට යාපනෙන් ඉඩම් ගන්නත් පුලුවන්ද? අදත් බැහැනේ.(බ)
රකිත්, මේ දවස්වල ගිරවු මෙන් පන්සිල් ගන්නේ බෞද්ධ නමින් පෙනී සිටින දේශපාලුවන්. ඒ කට්ටියව ඔයා දන්නේ නැද්ද?(බ)
මේ අයට ලොකු උණක් තිබෙනවා. කොපමණ නීති දැම්මත් එය නවතාගන්න බැරිකමකුත් තිබෙනවා. බලමු ආපහු එළියට විත් මොකද කරන්නේ කියා (නි)
ඔය මහා ලොකුවට අපි හාමුදුරුවන්ගේ පැත්තේ කියල, අපි හාමුදුරුවෝ වෙනුවෙන් පන වුනත් දෙන්නම් කියල බොරුවට පුරා ජෙරු කතා කියපු, අදහස් දාපු වීරයෝ කවුරුවත් ප්‍රසිද්ධියේ උද්ගෝෂණය කළාද උන්වහන්සේව නිදහස් කරන්නයි කියල. බොරු සෝබන කතා විතරයි. ඒ උදවිය ලජ්ජා විය යුතුයි. ඒ ගැන. අඩුම ගනනේ කුමාර් ගුණරත්නම් මුදා හරිනු කියල උද්ගෝෂණ කිහිපයක් තිබුන. මේ හාමුදුරුවෝ වෙනුවෙන් එක උද්ගෝෂණයක් ? (බ)
අධිවේගේ දාපු ලොකුකම් මෙදා පොටේ හරි ගියේ නැහැ නේද? (නි)
හාමුදුරුවනේ, නිහඬව ඉන්න ඕනෑ දෙයක් වෙද්දෙන් කියලා. එතකොට කාටත් තේරේවි. (නි)
ජයන්ත මහත්තයෝ, යුද්ධයක් තිබුනා කියලා මතක හින්දා තමයි අපි මේවට විරුද්ධ (නි)
සශි.....හාමුදුරුවෝ කෑගැහුවේ රණවිරුවෝ වෙනුවෙන්? එතකොට අර සරත් ෆොන්සේකා හිරේට දාන කොට මෙයා කොහෙද හිටියේ ? (බ)
තිස්ස, බෞද්ධ නමින් පෙනී සිටින දේශපාලුවෝ ඉන්න එක අහන්නත් දෙයක්ද බෞද්ධ නමින් පෙනී සිටින හාමුදුරුවරු ඉන්න කොට. යකඩ ගෝනියට ගුල්ලෝ ගැහුවානම් වී ගෝනිය ගැන කවර කතාද? (බ)
අපි ඔබ වහන්සේ සමඟයි. බුදු සරණයි! (නි)
රණවිරුවන්ට ගරුකළ යුතුයි. නමුත් රණවිරුවන්ට මුවාවෙලා වැරදි වැඩ කරන මිනීමරුවන්ට හා සිවුරට මුවාවෙලා ඉන්න මුදලාලිලාට මේ රටේ දඟලන්න ඉඩදෙන්න හොඳ නැහැ. නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිංහල අපි වෙනුවෙන් කතාකළා. බාධක බිඳගෙන ඉදිරියට යන්න. අපි ඔබ වහන්සේ එක්ක ඉන්නවා (නි)
රකිත්, ඥානසාර හාමුදුරුවෝ රට ජාතිය ගැන කතා කිරීමයි කළේ. ඒක වැරදිද කියන්න. (නි)
කටේ සවුදම් සද්දේ... නැතුව ඉන්නට මත්තේ... හිතාගත්තොත් ලෙඩක් නැත්තේ..... (නි)
අයේ කට වරද්ද ගන්නේ නැතිවෙයි.(හේ)
රට වෙනුවෙන්. කගහනවා කියලා. ඒ මුවාවෙන්. සැමියා නැති බිරිදට. පාට් එක දමන එක හරිද . (හේ)
සිවුරේ ගරුත්වය රකින්න. බෞද්ධයාගේ ගරුත්වය රකින්න. බුද්ධ පුත්‍රයන්ගේ ගරුත්වය රකින්න. ශාසනය රැකෙනා අයුරින් ඉදිරියේදී කටයුතු කරන්න (නි)
අනේ! මේවා දකිනකොට අපිට අපි බෞද්ධ කියලා කියන්න ලැජ්ජයි (නි)
පසුගිය කාලේ උත්සාහ කළ උසිගැන්වීම් රාජපක්ෂ රජයෙන් කොහොමහරි නතර කළා. මේ රජයෙන් ඉඩක් ලැබෙන්නෙත් නැහැ. කිතුල්ගොඩලාගෙන් මම අහන්නේ ඒ ගින්දර ඇවිළෙන්න ඇරලා රජය නිකම් බලාහිටියා නම් මොකද වෙන්නේ කියලා. මේකේ අදහස් දානවා වගේ ලේසි නැහැ රටක් පාලනය කරන එක. සිහිබුද්ධියෙන් ප්‍රශ්න දිහා බලන්න. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි)
මුන් උතුම් චීවරයට ලොකු කැළලක් කරන්නේ මේ (ම)
හොඳ වෙලාවට මෙහෙම වුණේ (නි)
කුමාර, ඔයා ‘මුන්‘ කියලා හඳුන්වන්නේ කාවද කියන එක පැහැදිලි නැහැ. (නි)
"සාදු වාචාය සංවරෝ....... " හිමියන්ට නැණස පෑදීමට මඟ පෙන්වූ ගරු අධිකරණයට තුති! (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ,ජයන්ත දසනායක ,දර්ශන මාගම්මන,දිනේෂ්,සවන්ත් දසුන් ,නිමල් ලලිත ඔයාල හරි . අපේ සිංහල කට්ටිය සියල්ල දැන ගන්න විට සියල්ල සීදුව් හමාරයි . අනගාරික ධර්මපාල තුමා කිව්වා වගේ මුහුදට පනින්න සිදු වෙයි වගේ. (ර)
අපි බලමු හාමුදුරුවෝ ඊළඟට ගන්න පියවර (නි)
තමන් වටා සිටින බොරු වීරයන් පිරිස කට මැත දොඩවන්න පමණක් දක්ෂ , එහෙත් ක්‍රියාවෙන් සහාය නොදෙන පිරිසක් බව අපේ හාමුදුරුවෝ දැන් දෙවරක් තේරුම් ගත්තා, ඒක වරක් අගෝස්තු අට වෙනිදා නයාගෙන් ඡන්දෙ ඉල්ලපු වෙලාවේ, අනිත් එක මේ අවස්තාව. හාමුදුරුවෝ කතා කරන විදියෙන් දැන් තේරුම් අරන් බව පේනවා. (ර)
බමුණු, මේ ගොල්ලෝ ශීලයම රකිමින් ඉඳලා හරියන්නේ නැහැ තමයි. හැබැයි ඒකේ සීමාවක් තියෙන්න ඕනෑ නේද? (නි)
ඇති ඔයින් ගියා.... (නි)
කිතුල්ගොඩ, ඔබ හරියටම හරි. (නි)
අපේ ස්වාමීන් වහන්සේ හරි. අපි උන් වහන්සේ සමඟ හෙට දිනත් සිටිනවා. (නි)
මෙය මානව අයිතිවාසිකම් කඩ වීමක්.(හේ)
අධිකරණය හාමුදුරුවන්ගේ මානව හිමිකම් කඩ කරලනේ ! තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැමෝටම තිබිය යුතුය .(හේ)
දැන්වත් හැදෙයිද බලමුකෝ.(හේ)
විවිධ තැන්වල ප්‍රකාශ නොකරන ලෙස උසාවියෙන් කිව්වට මොකද එළියට ආපු ගමන් කැමරාවට ප්‍රකාශ වගයක් කළ බව ටිවී එකේ දැක්කා.(ම)
ආර්. කිතුල්ගොඩ, ඔබ හරියටම් හරි. (හේ)
මහින්ද ආර් කිතුල්ගොඩ, වාරියපොළ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්හේ ගුණානන්ද, තොටගමුවේ ශ්‍රී රාහුල, එස්. මහින්ද හිමි සහ අනගාරික ධර්මපාලතුමා වැනි අය ගැන ඔයා දන්න තරම මේකන් හොඳට පේනවා. (නි)
ඕක මොකක්ද චතුරි. සමහරු රට වෙනුවෙන් කියලා අරක්කු බීලා වාහන පදවලා රිය අනතුරු කරලත් අද ඔය හොඳට ඉන්නේ? (නි)
දැන්වත් ජාතිවාදී අදහස්වලින් මිදිලා රටට දැයට යහපත් දෙයක කරන්න සිත් සතන් පෑදේවා.(කෞ)
මහින්ද ආර්. කිතුල්ගොඩ, අපි දන්නා තරමින් නම් අර කියපු ස්වාමින් වහන්සේලා නම් වැඩිපුර ප්‍රංශයට ගියා කියලා අපි අහලා නැහැ. (නි)
වාරියපොළ ශ්‍රී සුමංගල, මිගේට්ටුවත්තේ ගුණානන්ද, තොටගමුවේ ශ්‍රී රාහුල, එස්. මහින්ද වගේ උතුම් හිමිවරුන්, අධිකරණයේ වරදකරුවෙකු වූ කෙනෙකුට සමාන කරන්න ඇත්තටම මහින්ද ආර්. කිතුල්ගොඩට ලැජ්ජා නැද්ද? (නි)
අධිකරණ භුමිය තුළ බණක් කිව්වත්, එ්ක අධිකරණයට අපහාසයක් හෝ කලහකාරී ලෙස හැසිරීමක් වෙනවාද? (නි)
හාමුදුරුවන්ට බනින්න කලින් රටේ වෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන එක ඥානවන්ත වැඩක්. මොකද ඔය හාමුදුරුවෝ කතාකළේ පුද්ගලික දෙයක් ගැන නෙමෙයි. කතා කරපු විදිය වැරදි වුණත් කියපු දේ වැදගත්. දේශපාලනයෙන් තොරව ප්‍රශ්න දිහා බලන්නත් හොඳදේට එකග වන්නත් නරකදෙට විරුද්ධ වන්නත් අපිට පුළුවන් වෙන්න ඕනෑ (නි)
චතුරි, එතකොට ඒ කාන්තාව නිවැරදිද? (නි)
නිහාල්, ඔබට හිතන්න රටක් නැතිවුණාට අපි මොනවා කරන්නද? (නි)
හාමුදුරුවෝ කෑගැහුවේ රණවිරුවෝ වෙනුවෙන් (නි)
මේ පරගැති සිංහලුන්ගේ ඇස් කවදා ඇරෙවිද මන්දා? මොවුන් නිසා කවදාහරි අපිටත් සුළු ජාතියක් විදියට ඉන්න වෙයි. ආගමක් රටක් ගැන හැඟීමක් නැති හැටි දාන අදහස් වලින්ම පේනවා. (නි)
ඇය කළදේවල් හරිද චතුරි එතකොට? (නි)
අනේ අපේ හාමුදුරුවනේ! (නි)
හාමුදුරුවන් කියන දේ මොකක්ද කියලා වැඩි කල් යන්න පෙර තේරෙයි (නි)
අපේ හාමුදුරුවන් සමඟ අපි හැමදාම ඉන්නවා (නි)
නීතිය මොන තරාතිරමේ කෙනෙකුට වුණත් එකක් වියයුතුයි. නීතියක් කියලා කියන්නේ ඒකටයි. අද නිකන් මිනිහෙක් අධිකරණය ඇතුළේ අධිකරණයට අපහාස කළා නම් අනිවාර්යෙන් ඒ වෙලාවේම නඩුව අහලා ඇතුළට දාලා. ලංකාවේ නීති දෙකක් තියෙනවා. ලොකු අයට එකක්. පොඩි අයට තව එකක්. (නි)
ඔබ සියල්ල මතකයේ තබාගත යුතුයි. මේ රට අප සියලු දෙනාටම අයිතියි. ඒත් අපේ හාමුදුරුවෝ කතා කරන්නේ ඇත්ත. සිංහලයන් වෙනුවෙන් , රට වෙනුවෙන් හඩ නඟන එක වරදක්ද? ඔබලා සියල්ල මතකයේ තබාගන්න අනාගතයේ රටට වෙන්න යන දේ. (නි)
ඔය කියන විදියට හාමුදුරුවන්ට බණ කියන්නත් බැරිවෙයි. මොකද හැමතැනම ගිහින් විවිධාකාර බණ කියන්නත් බැහැනේ? (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ, ඔබ වාරියපොළ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්හේ ගුණානන්ද, තොටගමුවේ ශ්‍රී රාහුල, එස්. මහින්ද හිමි, ගරුතර සෝම හාමුදුරුවන් වහන්සේ වැනි උතුම් ස්වාමීන් වහන්සේලා සමඟ ඥානසාර හිමි සමකරන්න එපා (නි)
මගේ හිතට ලොකු සහනයක් දැනුනා (නි)
ඇති යාන්තම්... (නි)
චතුරි, ඔබට ඔබේ අදහස් පළකරන්න පුළුවන්. නමුත් අපේ හාමුදුරුවන්ට ව්‍යංගාර්ථයෙන් බොරු අපහාස කරන්න එපා. චිංචිමානවිකාවට වුණ දේ මතකයිනේ බුදු හාමුදුරුවන්ට බොරු අපහාස කරන්න ගිහින්. සමාජය ඉදිරිපිටදීම බොරුව අහුවෙලා තමන්ම නින්දා වින්ඳා (නි)
ඔබවහන්සේ ඉදිරියට බොහොම කල්පනාවෙන් වැඩ කරන්න (නි)
චතුරි, එහෙම කියලා කාටවත් නීතියට පිටින් වැඩකරන්න දෙන්න බැහැ (නි)