මාධ්‍යවේදියකු වූ ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ පරිශ්‍රයේ දී තර්ජනය කළැයි සැකපිට බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන 23 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
මාධ්‍යවේදියකු වූ ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ පරිශ්‍රයේ දී තර්ජනය කළැයි සැකපිට බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන 23 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙයාට මාංචු දාන්නේ නැත්තේ සංඝයා නිසාද මොහුගේ කිසි සංඝත්වයක් නෑ එළියේ ඉන්නකොට. නඩු ඉවර වෙනකම් රිමාන්ඩ් එකේ තියා ගන්න ඕන (බ)
සේරම් පැරිස්, නෝර්වේ වලින් උදව් දෙනකම් බලාගෙන ඉන්න එක සිංහල අපිට විශාල මදිපුංචිකමක්. (නි)
පොලිස් රාළහාමි කෙනෙක් කරන්නේ එයාගේ රැකියාව. එයා නීතිය රකින්න උත්සාහ කරන්නේ ඒක එයාගේ රැකියාව නිසා. ඔය නීතියට සම්බන්ධ අනිත් ලොකු ලොකු අයත් එහෙමයි. නීතිය කඩකරන අය මොනතරම් ඉන්නවද? ඒත් මේ හාමුදුරුවරු ඒවගේ ආරෝපණය කරගත් චරිත නෙමෙයි. මේ කැපවෙන්නේ රටේ ජාතියේ, දරුවන්ගේ අනාතය වෙනුවෙන් (නි)
ප්‍රියන්තලට ඥානය පහල වෙනකොට ......මළගමට හරි ගෙන්වන්න වෙන්නේ පූසාරියෝ, ලෙබ්බෙල හරි පාදිලිවරු හරි තමා...හේරත්... එදා හිටපු මිනිස්සුන්ගේ වාසනාවට එම හිමිවරු..පහල උනත් අද ඉන්න කුහක ජාතියට එහෙම පිනක් නෑ.අනික අද එම හිමිවරුත් හිටියනම් අද වගේම උසාවි කීයකනම් පෙනී හිටින්න වේවිද?(බ)
අපි සියලු දෙනාම ඔබවහන්සේ සමඟයි (නි)
හේරත් ඔබ ඔය නම් දාපු සංඝයා වහන්සේලාට අපහාස කරන්න එපා. (බ)
මෙම හාමුදුරුවන් සාසනයට කරපු කිසිම යහපතක් නැත. බොදු බලේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් චීවරයට සුදුසු නැති පුද්ගලයෙක් ඥානසාර හිමියන් යනුවෙන් පවසා ඇත...(බ)
ඔය වගේ තව නඩු වාර ගණනාවකට එන්න යන්න වේවි ඔබ වහන්සේට දැන්මම ඉඳල හිත හදා ගන්න ,සිංහල අපිට තව ලොකු ලොකු දේවල් වලට මුහුණ දෙන්න වේවි නුදුරු අනාගතයේදීම මහා ජාතිය සුළු වුන කාලයක් මේ (බ)
ඔබ වහන්සේ යන ගමන නියම සිංහල ජාතිය නිර්මල බුදු දහම වෙනුවෙන් බව සම හරක්ට තේරෙන්නේ නැහැ දේශපාලුවෝ සහ ඔවුන්ගේ කලවන් අනුගාමිකයෝ නිසා එ්ක තේරෙන දවසට පෙරහැර ගිහින් ඉවරයි. අපි අනාතයි. මහා දවල් ඩිෆෙන්ඩර් වලින් පැහැර ගැනීම, උසාවි වලට ගල් ගැසීම රිමාන්ඩ් කළ යුතු වරද වල් නෙමෙයි දේශපාලුවෝ නිසා. ජිනීවා වලට ගිහින් ශ්‍රී ලංකා හමුදාවට විරුද්දව සාක්කි දීපු ගැහැනියකට රට ජාතිය බේරා ගත් රණවිරුවන් වෙනුවෙන් කතා කිරීම වරදක්ද ? (බ)
අනේ අපේ හාමුදුරුවෝ! (නි)
කුමක් හෝ අවාසනාවන්ත හේතුවකට අපේ මිනිස්සු කැමති ගණන්කාරයින්ට එහෙම නැත්නම්, මැර චරිත වලට. (නි)
ඕවා ඔහොම තමයි (නි)
සහජීවනය වැඩි කරන්න අගමැතිතුමාට ලොකු වගකීමක් තිබෙනවා. අපි එක සහෝදරයෝනේ (නි)
මොනවා වුණත් තේරුම්ගන්න ඕනෑ මේ ගරුතර ස්වාමින් වහන්සේ නමක් කියලා. දැන් දෙපාරක් රිමාන්ඩ් එකට දැම්මා නේද? (නි)
රට දැය සමය වෙනුවෙන් සැබෑ සටනක් කළ කුඩාපොළ හාමුදුරුවෝ, ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ සහ සෝම හාමුදුරුවන් වැනි උතුමන් අතරට පත්වෙන්න ඔහොම නම් බැරිවෙයි. (නි)
හේරත්- ඔයා කුඩාපොළ හාමුදුරුවරු, වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ , මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ ගැන දන්නා තරම පේනවා! ඒවගේ ශ්‍රේෂ්ට හාමුදුරුවරුන්ට නිගා කරන එපා.(කෞ)
දුටුගැමුණු රජු සමඟ එක්වී යුද්ධයට වැඩි හාමුදුරුවරුනුත් අද හිටියා නම්... (නි)
දැන් එතකොට ජිනීවා වලදී අපේ හමුදාව රසායනික අවි පාවිච්චි කළා කී අය නිදොස්ද? මෙතන සතුට පළකරන කට්ටියට ඒ ගැන කියන්න දෙයක් නැද්ද. (නි)
හේරත් ඔබේ අදහසට ස්තුතිය.ඥානසාර හිමියන් මෙම තත්වයට පත්වුයේ බඩ වඩා ගැනීමට කල උත්සාහයක ප්‍රතිපලයක් වසයෙන් නොවේ.(කෞ)
රණ විරුවන් වෙනුවෙන් අභීතව කතා කල අපේ හාමුදුරුවෝ සති ගණන් රිමාන්ඩ් කරනවා . අපේ හමුදාව රසායනික අවි පාවිච්චි කළා කියලා මුළු ලෝකෙටම අපේ රණ විරුවන් ව පාවා දුන්න අය එළියේ . මේවට ඩයස්පෝරාව හා උතුරු ශ්‍රී ලංකාවේ ජනතාව හිනා වෙන්නේ පස්චාත් බාගයෙන් . (කෞ)
මහේස්ත්‍රාත් තුමාට ජයවේවා (කෞ)
මට තේරෙන්නේ නැහැ. හාමුදුරුවෝ බනිනවා දැක්ක අයත් ඉන්නවා, දැක්ක අනිත් හාමුදුරුවොත් ඉන්නවා, හාමුදුරුවොත් කියලා තියෙනවා තමන් ආවේගශීලි වුණා කියලා. ඒත් තාම සැකකරුවෙක් නේද? (නි)
සුද්ද නීතිය නියමටම හදල අපිට පන්ගත්තුකරලා තියෙනවා, සුද්දෝ නැති දවසක කළුසුද්දන් අතින්ම ජාතියට වින වෙන්නේ. දැන්නම් පිරිමහන්නේ වෛරයක් වගේ. (කෞ)
අනේ හාමුදුරුවනේ, ඔබවහන්සේ නොසිටින්න මේ වනවිට සිංහල බෞද්ධ අපි කොහේද දන්නෙ නැහැ (නි)
නුවන්සර, මහා නායක හාමුදුරුවන් මේ වනවිට කළ දේවල් මොනවද කියන්න (නි)
අසාද්, මේ හාමුදුරුවන් නැත්නම් දැනටත් අපිට මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)
විමලාවංශට පෙනෙන්නේ අනෙක් අයට පිස්සු කියලා. එහෙම නේද? හේරත්ගේ කතාවේ කිසිම වරදක් නැත. (නි)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියනි, අපි දිවිහිමියෙන් ඔබ සමඟයි. අපේ දරුවන්ට මෙරට ඉතිරිකර දෙන්න. (නි)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියනි, රට ජාතිය ආගම වෙනුවෙන් බය නැතුව ඉදිරිපත්වීමට අපේ ළමයින්ට අනුබල දෙන්න. (නි)
හේරත් ,ගෞරවනීය හාමුදුරුවන්ට අපහාස කරන්න එපා (ම)
සියලුම පැවිදි වස්ත්‍රවල තියෙන බලය නැති වේවා කියල මම ප්‍රර්ථනා කරනවා. සියලුම ආගම්වලට අදාල බව කරුණාවෙන් සලකන්න. (ම)
චිවරය ඇඳි බෞද්ධ ස්වාමින් වහන්සේලාට ගමන, කතා විලාශය සම්බන්ධ නීති දන්නවා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)
මේ කාලකන්නි රටේ ඉන්න අමන මිනිසුන්ගෙන් වෙන්වී යන්න හාමුදුරුවෙනේ. පේනවනේ මිනිස්සු දාන අදහස්. රටකට ආදරය කරන මිනිස්සු දැන් නැත (නි)
හේරත්, තමුන් මේ සඳහන් කළ හාමුදුරුවරු අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කැපවුණු අය. (නි)
අරුණගෙ කතාච සහතික ඇත්ත (නි)
අපේ හිමියන් දඬුවම් ලෙස විඳින කාලය වැඩිද මන්දා. කණගාටුයි. (නි)
මට නම් හරිම සතුටුයි (නි)
හේරත් සමඟ මමත් එකඟයි. (නි)
සමන්ති, අපේ රට ජාතිය බේරාගන්න කතාකරන ස්වාමින් වහන්සේ නමකට අගෞරව කරන්න එපා. සිංහල බෞද්ධ අපිට රටක් ආරක්ෂා කරලා දීලා තියෙන්නේ අපේ බෞද්ධ භික්ෂුන් වහෙන්සේලා කියලා මම අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනෑද? (නි)
මේ ස්වාමින් වහන්සේගේ වැරදි තියෙන්න පුළුවන් නමුත් මෙතන අදහස් දාල තියෙන අයගේ අදහස් බලපුවම හරිම කනගාටුවක් දැනෙන්නේ . අයි ඔබතුමාලා මේ රජයේ ඉන්න සමහර මන්ත්‍රීවරුන්ටයි මිනිස්සු පැහැරගන්න මන්ත්‍රීවරියන්ටයි විරුද්ධව කට අරින්නේ නැත්තේ. ගිය රජයේත් හොරු හිටිය. තවමත් එයාල යහතින් ඉන්නවා . ලෝකයේ ඉන්න ලොකුම අපරාධකාරයද මේ හාමුදුරුවෝ (බ)
නන්දන, සියලු දෙනාම අඳින ඇඳුමේ ගෞරවය ආරක්ෂා කළයුතුයි නේද? බුදු සමයේ සිටි පස්වග තව්සන් වැනි අය චීවරයේ ගරුත්වය රැක්කා නේද? (නි)
ඔබ සියලු දෙනාම මට සමාවෙන්න ඕනෑ මගේ මෙම අදහසට. මගේ විශ්වාසය නම් අපේ සෝම හාමුදුරුවෝ, මීට වඩා සංවරව බෞද්ධයන් අවදි කළා. නමුත් අපේ සෝම හාමුදුරුවෝ කවදාවත් මේ විදියට හැසිරිලා බෞද්ධ ආගමටත්, සංඝයා වහන්සේලාත්, බෞද්ධ අපිත් අපහසුතාවයට පත්කළේ නැහැ. සෝම හාමුදුරුවන්ට මතු බුදුබව පතමි! (නි)
ඔය විදියටම තමයි අපේ මිගෙට්ටුවත්තේ හාමුදුරුවන්ට, ලංකාවේ ඉන්න බොරුවට සිංහල කියාගන්නා අය කිව්වේ. හාමුදුරුවන්ගේ චීවරය ගැන අපිට කියන්න එපා. තමුන්ගේ තිබෙන ඇඳුම ගැන කලබල වුණා නම් හොඳයි. මේ හාමුදුරුවෝ, අපේ රට ජාතියට වෙලා තිබෙන විපත්තිය ගැන කියනකොට ඇයි චීවරය මෙතනට ගෙනෙන්නේ? (නි)
අනුලට මොකක්හරි ඔලුවේ අමාරුවක් තියෙනවද? තමන්ගේ හිතේ අමාරුවට අනුන්ට අපහාස කරලා සැනසීමක් ලැබෙනවද? (නි)
ඇයි හාමුදුරුවනේ බුදු දහමට නින්දා කරන්නේ (බ)
නීතිය අතට ගත්තු මහේස්ත්‍රාත්ල දැන් ලංකාවේ ඉන්නේ. එයාලත් දෙන්නේ පොර ටෝක්.හිතෙන දේවල් කරන්නේ. දේසපාලුවන්ට කඩේ යනවා. එ් වුණාට අහිංසක මිනිහෙකුගේ බොත්තමක් ගැලවිලා තිබ්බොත් කුඩුවට දාල දඩ ගහනවා. අනේ කාට කියන්නද. (බ)
බටලන්ද ලොක්කා රජ කරන කාලේ මේක පරිස්සමින් හාමුදුරුවනේ (බ)
දැන් කට ටිකක් අඩුවෙලාද දන්නේ නෑ නේද අනේ පව් (බ)
හොඳ වැඩේ (බ)
හිරේ දාන්න කියලා කෑගැහුවනේ. දැන් ඉතින් හරිනේ (නි)
සමන්ති, පස්වග තවුසන් හිටිය ඉන්දියාවේ එකල රට ජාතිය පිළිබඳ ප්‍රශ්න තිබුනේ නැහැ. ඒ කාලයේ උන්වහන්සේලාට තිබුනේ තමන්ගේ විමුක්තිය සෙවීම පමණයි. (නි)
ඔබ වහන්සේ මුලින් ඉතා හොඳ ගමනක් ආවා. නමුත් රාජපක්ෂලාට කඩේ යන්න පටන් ගත්තට පස්සේ ඔබ වහන්සේලා කරපු වැඩ වල අර්ථය විනාශ වුණා. (බ)
හේරත් ට ඇස් ඇරෙන්න තව කාලයක් යයි එතකන් හිස නමාගෙනම ඉන්න (බ)
අධිකරණ භූමියේදී කාන්තාවකට තර්ජනය කිරීම කාන්තාවන් ලෙස අප තරයේ හෙළාදැකිය යුතුයි. තම තමන්ගේ පුහු වීරකම් ප්‍රදර්ශනය කිරීමට කාන්තාවන් හෝ ධර්මය දඩමීමා කර ගැනීම පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතුයි. (නි)
සෝම හාමුදුරුවන් දැනුත් හිටියා නම් වෙනස් විදිහකට මේ දේවල් වෙන්න තිබුනා. (නි)
මහා පරිමානයෙන් කැළෑ විනාශ කරන ඳේශපාලුවන්ට ක්‍රියාත්මක නොවන නීතිය,අපේ භික්ෂූන්වහාන්සේලාට පන්න පන්නා ක්‍රියාත්මක වෙන හැටි අහන්නත් දකින්නත් අජූතයි,අප්‍රසන්නයි.මෙහෙම ගියොත් අපේ භික්ෂූන්වහාන්සේලාට ළඟදීම වෙඞි උණ්ඞයෙනුත් පිළිතුරු ලැබේවි. (බ)
හාමුදුරුවෝ හිරේ දාන එක පවු නැද්ද? (නි)
මේක පුදුම රටක්නේ,,හාමුදුරුවන්ව කෙනෙක්ට අපහස කළා කියලා ඔහොම හිරේ මාස ගණන් තියෙනවනම් මේකේ ඉන්න හොර දේශපාලුවෝ හැමදාම හිරේ ඉන්න ඕනෙ,අනේ මන්ද අපේ රටේ අසරණ වෙන්නේ හැමදාම සිංහල බෞද්ධයෝ, අරාබිය විදියට මෙහෙත් තිබුනනම් කාටත් හොඳා වගේ මීට වඩා..(බ)
මේ විදිහට දිගින් දිගටම පළිගැනීම හොද දෙයක් නෙවෙයි (බ)
ඉල්ලන් කන පරිප්පු මේවා (නි)
ඔබ වහන්සේට අපේ ප්‍රණාමය! ඔබ වහන්සේට දවසක් ඉක්මනට එනවා ඕවට උත්තර දෙන්න. (බ)
හාමුදුරුවෝ එක්නැලිගොඩ මහත්මියගෙන් විමසපු කාරණාව ඇත්තද බොරුද කියන්නේ නැතුව මේ විදිහට හාමුදුරුවන්ට කරදර කිරීම අපි අනුමත කරන්නේ නැහැ. (බ)
හේරත්, ඔබ හරියටම හරි. මෙතැන අදහස් දාලා තියෙන ගොඩක් කට්ටිය ඉපදිලා තියෙන්නේ ගිය අවුරුද්දෙ. (නි)
චරිත් මිලානෝ....ඉක්මන් වෙන්න එපා....කොන්දේ පණ බලාගන්න තිබුණා හොද දේශපාලකයෙක් උසාවි ගෙනාව දවසට. හරියට හිරුනිකා නෝනා වගේ....(බ)
ඔබවහන්සේ බුද්ධ පුත්‍රයෙක් විදිහට වැඩ කළානම් මෙහෙම වෙන්නේ නැහැ...(බ)
ගිනි අවි අමෝරා බුද්ධ පුත්‍රයන්ට මේ කරන නිගාවට බලධාරීන්ට අන්ත පාපකර්මයට පත්වීම නිසැකයි .අන්‍ය ලබ්දිකයන්ට මේ අයුරින් සලකනවද ? ........අපේ කම අපිට නැතිවුන තුන්හෙලය ...අහෝ ! (බ)
සමන්ති, පස්වග තවුසන් රැක්කේ සිරුරට දුක්දීමේ පිළිවත. ඒ ඇරෙන්න ඔවුන් රට ජාතියේ ප්‍රශ්න දිහා බැලුවේ නැහැ. බුදුන් වහන්සේ මුලින්ම ඔවුන් සොයා එනවිට ඔවුන් බුදුන් වහන්සේට අගෞරව කරන්නයි කතාවුණේ. මම මේ පස්වග තවුසන්ට අගෞරව කරනවා නෙමෙයි. ඔබේ තර්කයටයි උත්තරයක් දෙන්නේ (නි)
බොන්නේ බෝතල් වතුර වගේ නේද? කෙහෙල් ගහට කොටපු දාට කෝට්ටෝරුවගේ හොට පැටලෙනවා කියල කතාවකුත් තියනවනේ. (බ)
හිරේ දමලා විතරක් මදි පුනරුත්ථාපනය කළ යුතු චරිතයක් මේ. (බ)
" රුවන්වැල්ලේ සෝබිත,බලපිටියේ සුමිත්ත ,කැලණියේ සෝමාරාම,බුද්ධ රක්ඛිත , දේවදත්ත හිමිවරු වගේ අයත් බුද්ධ සාසනයේම ඉන්නවා. (බ)
"බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු -තමුන්ගේ තරම දැනගෙන කල් අරිනු (බ)
රට ජාතිය බේරාගත් දෙවිවරුවන් ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ අය සමාන කර අගෞරව කරන්න එපා (බ)
හේරත් මහතා හැරෙන්න අනිත් අය ගැන කතා වැඩක් නැහැ. ඒ මහතා ඉතිහාසය ගැනත්, එදා වැඩ සිටි හිමිවරුන්ගේ පෞරුෂත්වය ගැනත් මෑතදී අපවත්වූ සෝම හාමුදුරුවන් ගැනත් අනාගතයේ ඇතිවිය හැකි කනගාටු දායක තත්වය ගැනත් දැනගෙන වෙන්න ඕනි මෙවන් අදහසක් ඉදිරිපත් කර ඇත්තේ. (බ)
හේරත් නම් කරලා තියෙන්නේ ලොවක් වටින ස්වාමින්වහන්සේලා සිවුනමක්.නිගා කරන්න එපා ඒ චරිත වලට එක එක පුද්ගලයන් ආදේශ කරලා. (බ)
පොඩ්ඩක් නෙමෙයි මුණ බලපුවම පේනවා හොඳටම බයවෙලා ඉන්නේ කියල .. පැනික් වෙච්ච මුණක් තියෙන්නේ .. කොහොම හිටපු සිංහයෝද ? (බ)
මේ සිංහල නම්වලින් කමෙන්ට්ස් දාන අය කතෝලිකද (දෙමල)ඒ මොකද සිංහල බෞද්ධ අයට විතරද මේ රට ගැන කැක්කුම මේ අය වෙන රටකින් ඇවිල්ලද හාමුදුරුවෝ හැම ජාතියක් ගැනම කතාකළා (බ)
හොද නිව්ස් එකක් සන්තෝෂයි . අවුරුදු 10 ගියානම් තමා හොඳ (බ)
දැන්වත් මහින්දගේ අගේ තෙරුනාද හා මුදුරුවනේ? වැඩක් නැති පාලකයන්ට රට ගියාම ඔබ වහන්සේට පරිස්සම් වෙන්න තිබුණා.. (බ)
මහා ජාතියේ අවනඩුව වෙනුවෙන් කුමක් කරමුද? (නි)
දැන්නම් අපිට තිබෙන්නේ පුදුම කළකිරීමක් (නි)
නදීෂාගේත් බොත්තමක් ගැලුණ එකට ලොකු දඬුවමක් ලැබිලා වගෙයි. අනේ, පව් අප්පා නදීෂා...(බ)
අරුණ හීනෙන් නැගිටලා වගේ. පියවි ලෝකයට එන්න. නිකන් දොඩවන්ද එපා. (ර)
හේරත් මහතා හරි. ඥානසාර තෙර උසාවියේ හැසිරුණු විදිහ අනුමත කරන්න බැහැ. නමුත් එතුමා කතා කළේ එතුමාගේ පුද්ගලික ප්‍රශ්නයක් නොවේ. අපේ රණවිරුවන් ගැනයි. (නි)
සිංහල ජාතිය වගේ ජාතියක් මම මේ ලෝකේ කොහෙදිවත් දැකලා නැහැ (නි)
සමහර මෝඩයින්ට සමහරුන්ව වීරයෝ විදිහට පෙනෙනවා නේද? උසාවියට ඔය කවුරුත් එකයි. (නි)
මෙවෙනි දේවල් ජනතාවට දකින්න ලංකාදීපයේ පලවීම ඉතා අගය කරනවා , මෙහි පැරිස් වලත් අපේ යම් යම් හිමි වරු මෙසේ හැසිරෙන නිසා , ඔවුන්ටත් ඉගෙන ගත යුතු පාඩම් මේවා , ජාති වාදය ආගම් බේද එපා කියන එක (බ)
හාමුදුරුවරු දේශපාලනය කරන්න කලින් ශාසනයට යමක් කරන්න. අඩුමගානේ පෝය දවසටවත් මිනිසුන්ව පන්සලකට ගෙන්නාගන්න බලන්න. (නි)
අයියෝ! (නි)
නිරේෂ් කියන්නේ අපායේ කෙනෙක්ද? (බ)
හොද නිව්ස් එකක් සන්තෝෂයි (බ)
කාට කාටත් මේ දේවල් හොඳ පාඩමක්.(හේ)
ගරුතර ස්වාමින්වහන්සේ, ඔබ වහන්සේට අපි, කුඩාපොළ හාමුදුරුවරු, වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ , මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ සහ සෝම හාමුදුරුවෝ වගේ ගරුතර හාමුදුරුවන් අතරට අයත් වෙනවා. අපි ඔබ වහන්සේට හිස නමා වඳිනවා (බ)
පන්සලකට වෙලා බණක් භාවනාවක් කරන්න ඕනෑ අය මොනවද මේ කරන වැඩ? (නි)
ගැටළු ඇත්නම් ඒවාට විසඳුම් ලබා ගැන්මට මහා නායක හාමුදුරුවන්ට ඉඩ දී, ඔබ වහන්සේ ආදර්ශමත් දැහැමි දිවියක් ගත කරන්නට දැන්වත් අදිටන් කර ගන්න. (බ)
මෙහෙම ඉඳලා හරි දහමේ ඥානයක් පහළවේවා (බ)
හේරත් ට පිස්සු.නැතිනම් පිස්සුබලු බෙහෙත් බීලා (බ)
කට නිසා තමයි මාළුවා නහින්නේ.(හේ)
ඔබ තුමා කොන්ද පණ තියෙන මහේස්ත්‍රාත් වරයෙක්. මගේ ප්‍රණාමය. (බ)
අනුලාගේ ඔළුගෙඩිය අපේ වගේ තිබුනට මොළේ එහෙම නොවන හින්ද තමයි අනුලා වගේ අපිටත් හිතන්න බැරි. අනුලලා හිතන තරම් මේ රටේ සිංහල බෞද්ධයෝ හෝ කතෝලිකයෝ මෝඩ නැහැ. අපි නම් බ්‍රාහ්මණයෝයි වසලයින්ගෙයි වෙනස හොඳට හඳුනනවා.(බ)
මට නම් හරිම කණගාටුයි (නි)
අනිත් ජාතින් වගේ තමන්ගේ ආගම, ජාතිය ගැන හිතන්න. (ර)
ඔබ වහන්සේ ඉතා පිඩාවට පත්වී ඇති බව පොටෝ වලින් දැකිය හැක. ඇත්තටම මහනායක හාමුදුරුවන් ට මේවාට විසදුම් දීමට යොමු කළා නම් කොතරම් අගනේද? ඔබ වහන්සේට ඉක්මනින් මේ අවුල් වියවුල් වලින් නිදහස් වීමට ලැබේවායි පතමි. (බ)
උඩ බහුතරයකගේ අදහස් කියවා බලා තමන්ගේ ජාතිය ගැන සැකහැර දැනගත හැකිය (නි)
දැහැමි ජීවිත ගතකරන්න ගියොත් අපිට රටක් ඉතුරුවෙන එකක් නැහැ. (නි)
සිංහලයිනි, නුඹ අත සෝදන්නේ සිංහලයාගේ ඔලුවටමයි (නි)
හේරත්, ඔබ හරි. අනිත් අයට ඇස් ඇරෙන්න ගොඩක් කල් යයි. එතකොට පෙරහැර ගිහින් තියේවි. (නි)
අනේ හිමියනි! (නි)
ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට අපි, කුඩාපොළ හාමුදුරුවරු, වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ , මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ සහ සෝම හාමුදුරුවෝ වගේ ගරුතර හාමුදුරුවන් අතරට අයත් වෙනවා. අපි ඔබ වහන්සේට හිස නමා වඳිනවා (නි)
අද පින්තූරේ මුහුණ හරියට හුළං බැහැපු බැලුමක් වගේ (නි)
අපි මේ හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට පින් දෙන්න ඕනෑ. (ම)
මේ හාමුදුරුවෝ මොනවා හිතිලද මහණ වුණේ? (නි)
මම දන්නෙ නැහැ මොනවා වෙනවද කියලා (නි)